Ep 18
උත්සවේ ශබ්දෙ පිටිපස්සෙන් ඇහෙනව
ධවලමන්දිර තනබිස්ස සුදු තුනී හිමතට්ටුවකින් වැහිලා
උත්ස්ව ටෙන්ට් එක ඇතුලෙ හොදට රස්නෙට් තිබුනට එලිය හරිම සීතලයි
මම සාදයට ඉදපු ඇදුමෙන් සීතල පරිසරේට ආව නිසා හීතලේ ගැහෙනව
අයිස් වලාවකින් නෑවුන ඈත කෙලවරේ විලෝ ගහ යට කුමාරය හිටියා තනියෙම කරුවල පාර දිහා බලාගෙන
"" පාටිය කම්මැලිද...එලියෙ සීතලයි""
මම අත් දෙකෙන් උරහිස් අත ගාමින් මගේ සීතල නැය්ජි කරගන්න හැදුවා
"" ආඅ...ඔයා මෙතන...ඔවූ මට අලුත් හුලග ටිකක් වදින්න ඕනෙඋනා""
"" මල්වෙඩි ලස්ස්නයිනේ""
අවිරුදද උදාවෙලා ඉවර උනත් පරක්කුවෙලා ගහන මල් වෙඩි වලින් ධවලමන්දිර අහස ආලෝකමත් වෙලා
"" මගෙන් වරදක් උනාද"" කුමාරය මුකුත් නොකියපු නිසා මම ඇහුවා
"" අපෝ නෑ...වරද මගේ නොගැලපෙන තැනක නොගැලපෙන වෙලාවක හිටියෙ මම""
"" සමාවෙන්න වරදක් උනානම්""
"" සමාව ඉ ල්ලන්න එපා ...ඔබෙයි මගෙයි සන්කෘතිය අහසට පොලව වගේ..මම ඕනෙම දෙයක් බලා පොරොත්තුවෙන්න තිබ්බා...අනෙක මට බලකරන්න බෑනෙ ඔබත් මගේ රාමුවෙම ඉන්න ඕනෙ කියලා""
"" යමූ...මෙතැන තනියෙම ඉන්න එපා""
"" නෑ මට තනිවෙන්න ඕනෙ...මට එපා වෙලා මහජනයාට අයිති පුද්ගලයෙක් වෙලා ඉදලා...මට මගේම ජීවිතයක් නෑ...ඔබට අදහසක් නෑ...හැමෝම නොදන්න සාමාන්‍ය මිනිහෙක් උනාම මොනතරම් නිදහසක් තියෙනවද කියාල"
"" ඒක මට හොදට තේරෙනව...මම කිසිම විශේශත්වයක් නැති වැඩ කරන පවුලක පොඩි එකෙක්...ලොකු නිදහසක් හිතේ සතුට තිබුනා...පිකට් එකේ සල්ලි තිබුනෙ නෑ
හදිස්සියෙම මගේ අම්ම ඇමරිකාවෙ ජනාධිපති උනා
හිතේ සතුටයි නිදහසයි නැතිවෙලා ගිහින් පොකට් එකේ සල්ලි විතරක් ඉතුරු උනා""
"" එහෙනම් ඔබට වඩා හොදට තේරෙනව ඇති...වී.අයි.පී කෙනෙක්ට (අතිශයෙන් ප්‍රසිද්ධ පුද්ගලයෙක්ට) ගැලපෙන ආදරයක් හොයාගන්න එක මොනතරම් අමාරුද්""
"" ඔවු මට තේරෙනව...සල්ලි බලය තියෙද්දි ගොඩක් අය අපි වටේට එකතුවෙනව ඒ අය අතරින් අපිට ඇත්තටම ආදරේ කරන අය වෙන්කරගන්න අමාරුවෙනව...ප්‍රසිධියට සල්ලිවලට ලස්ස්නට ආස වෙලා ලන්වෙන අය ..ඒවා නැති වෙද්දි දුරස් වෙනව""
"" ඔවූ ඔයා හරි...මම බයයි ආදරේ කරන්න..අන්තිමේදි මම කපටියෙක්ට රැවටෙයි...මට තියෙන්නෙ ශාපයක් ඇමිනුන ආත්මයක්...මට ආදරේ අයට මම ආදරේ නෑ...ම්ම ආදරේ කරන්න කැමති අය මට කැමති නෑ""
""කවිද කුමාරයා ඔබට කැමති නැත්තෙ""
මට ඒ ටික කියල ඉවර කරන්න උනේ නෑ කුමාරය මාව බලෙන් ඇදලා අරගෙන තොල් උරන්න ගත්තා
සීතල ශැම්පේන් රසට සිනිදු තොල් මගේ තොල් ව්ළ පැටලුනා
මට ඒක හීනයක් වගේ
මටත් තදිනම ඒක ඕනෙ වෙලා තිබුනා
ඒක නිසා මම කුමාරයගෙ ලස්සන රන් කොන්ඩෙ අස්සට අත් දාලා අවුල් කර කර දිවෙන්ම කුමාරයගෙ කටේ ඇතුල ඉගින්න ගත්තා
දවස් ගානක් බලා ඉදපු නිසාද මන්දා මට කුමාරය රසට රස්නෙට දැනුනා
මගේ ඇගේ තිබුන සීතල කොහෙන් ගියාද මන්දා...කුමාරය ඉඩ දෙනවනම් හැමෝම ඉස්සරහ උනත් මම කුමරයව සිප ගැන්නවා
කුමාරයගෙ කටෙන් ආපු ශැම්පේන් වයින් මිශ්‍ර රසට මම වශී උනා
කුමාරය එක පාරට මගේ තොල් උරන එක නැවැත්තුවා
එයාගෙ ඇස් වල කදුලු කැට ..හාවෙක් වගේ ලොකු අහින්සක කමකුත් තිබුනා
මට මුකුත් කියන වෙලාවක් නොදී කුමාරය කියුවා
හන්ගගෙන ඉදපු දෙයක් නොඉවසිලිමත් කම නිසා එලිවුනා වගේ ලැජ්ජාවක් කුමාරයට දැනෙන්න ඇති
එයා එක පාරට නොහිත කරපු දේ ගැන ලැජ්ජ උනා
"" මම යනවා ඇලෙක්ස් මට සමාවෙන්න ""
වෙවුල වෙවුල කියපු කුමාරය සුදු හිම පලස උඩින් දුවලා ගියා
මට උන දේ ගැන හිතාගන්න බෑරුව සීතල විලෝ ගහට හේත්තු උනා
ලොකු හිම බෝල මගෙ ඔලුවට වැටිලා ඇග පුරා කුඩු විසිවුනා
කුමාරය ගිය මග දිගේ යද්දි කුමාරය එයාගෙ සහයකයොත් එක්ක් ධවලමන්දිරය හැරදාලා යනව
මම වාහන පෝලිම දිහා බලාගෙන හිටියා
"" ඕයි බීල වැඩි වෙලා පිස්සු කෙලිනවද හීතලේ""
මන්දිරේ ලොකු කලු වැටේ එල්ලිලා කුමාරය ගිය දිහා බලාගෙන ඉදපු මාව ට්‍රේසි ඇවිත් හොලවල ඇහුවා
"" නෑ මුකුත් නෑ...මගෙ ඔලුව රිදෙනව සද්දෙට ..ඒකයි එලියට ආවා"
මූනෙ මිදුන හිම එක්කම ඇස් වල කදුලු ට්‍රේසිට නොපෙනෙන්න පිහිෆ්හන ගමන් මම මුනු මුනු ගෑවා
පාටියෙ ඉතුරුටික මම ගත කරපු අපහසුම පැය කීපයක්
ඒක මගේ පාටිය නිසා දාල යන්න බෑ
එන හැමෝම මට නටන්න බොන්න කතා කරනව
උන් එක්ක බොරුවට හිනා වෙවී නැටුවට මට ඕනෙ උනා කෑගහල අඩන්න
ඉක්මනට කුමාරයට කියන්න...එයා තරමට මමත් එයාට ආදරෙයි කියන එක
මට නිදහසේ කුමාරයගෙ කිස් එක ගැන මතක් කරන්න ඕනෙ
YOU ARE READING
VIP ( වී අයි පී )
Adventureමේක ඒක වගේ උනාට ඒක නෙමෙයි...වෙනමම රහක්...රෙඩ් වයිට් ඇන්ඩ් රෝයල් බ්ලූ උඩ ගොඩනගාපු වෙනස්ම වෙනස් කතාවක්. සෙල්ලකාර ජනාධිපති පුතාටයි ආඩම්බරකාර කුමාරයටයි පුලුවන් වෙයිද ආදරේ ජයගන්න.