Vip 46

615 67 0
                                    

Ep  46
"" කෙනෙක්ට වගකීම් වලින් පැනල යන්න හරි ලේසී
ඒත් ඒ වගකීම් ඉටුකරගෙන ජීවත්වෙන්න හරිම අමාරුයි
මගේ ඔලුව උඩට මේ රජකිරුල කඩන් වැටුනෙ මම නොහිතපු වෙලාවක
මම ඒක ගන්න බෑ කියල ඇඩුව
ඒත් මගෙ අම්ම මට ඉඩ දුන්නෙ නෑ මට වගකීමෙන් පැනල යන්න
මම ඒක බාරගත්තෙ අම්මට කරන උදවුවක් විදියට
මගේ තාත්තා...මහ රජතුමයි මගෙ අයියල දෙන්න එකේනෙක් ඔටුන්න හිමි කුමාරය අනිත් කෙන සෙන්පති තුමා එකම ගුවන් යානෙ යද්දි ප්ලේන් එක පිපිරිලා නැති උනා
මම අවුරුදු 18 පුන්චි කෙල්ල
මට අයියල දෙන්නයි තාත්තයි නැති උන එක ට අඩන්නවත් උනේ නෑ
හිත තද කරගෙන මේ ඔටුන්න දාගන්න උනා
මම යාලු උනේ ඔයාගෙ සීය එඩ්වඩ් ආධිපාදතුමා එක්ක
එයා ඩෙන්මාක්වල රජපෙලපතේ කෙනෙක්
පවුල් දෙකෙන්ම කැමැත්ත අරගෙන අපි බැන්දෙ
මට රජකිරුලට තුබෙනෙ තුන්වෙනි උරුමෙ
ඒ නිසා මට කවදාවත් කිරුල ලැබෙන්නෙ නැති බව මම දැනගෙන හිටියා
මහ රජතුමා මාව හැදුවෙත් රජකම ගන්න නෙමෙයි
මම මැහුන් ගෙතුම් කරා
පලවෙනි ලෝල යුද්ධෙදි සෙබලුන්ව දිරිගන්වන්න හමුදා රෝහල් වල හෙදියක් විදියට වැඩ කරා
එකම හීනෙ තිබුනෙ එඩ්වඩ් එක්ක ඩෙන්මාක්වලට ගිහින් ලොකු ගවපට්ටියක් තියෙන ගොවිපලක් පටන්ගන්න
ඒත් මමගෙයි එඩවඩ්ගෙයි ඔක්කොම හීන බොද උනා
අපි රජමැදුරට හිර උනා
එඩ්වඩ් නිදහස් ජීවිතේට කැමති කෙනෙක්...එයාගෙ ඔක්කොම ආශාවල් මම නිසා යටපත් කරගෙන මගේ ආධිපාද විදියට මගේ රාජකාරි වලට උදවු වෙන්න උනා

අපි අතර අමනාපකම් ඇති උනා
එයා මාව දාල යන්න හැදුව
මම එයාට යන්න එපා කියල බැගෑපත් උනා
අන්තිමේ ඔයාගෙ සීය එයාගෙ හැමදේම වෙනස් කරගෙන් මමත් එක්ක එකට හිටියා
මම මේක ඔයාට කියන්නෙ ඇලෙක්ස්...ඔයා රජපවුලට සම්බන්ද වෙනවනම් ඔයාට සිද්ද වෙනව හැමදේම වෙනස් කරගන්න
ඔයාගෙ ඇමරිකන් සෙල්ලක්කාර ජීවිතේටම්සමුදෙන්න
රජ මාලිගාවෙ අයට බෑ තැන් තැන් වල පාටි දාල විනෝදවෙන්න
සමාජත්ත්වය පවත්වගන්න වෙනව
යාලුවො ආශ්‍රය කරන්න බෑ
දේශපාලනේ කරන්න බෑ
මම හිතන්නෙ ඇලෙක්ස් මහත්තය ඔබ කුමරය අයිතිකරගත්තු එක ගැන ගොඩක් දුක්වෙයි පසුකාලීනව
ඔබට එඩ්වඩ් කරා වගෙ කැපකිරීම් කරන්න බෑරිවෙයි
මම ඔබ ගැන ගොඩක් තොරතුරු අහල තියෙනව
ඒ තොරතුරු වලට අනුව ඔබ අනාගතේ ඇමරිකාවෙ ජනධිපති වෙන්න දැන් ඉදලම වැඩ කරනව
ඒ සිහිනය අත හරින්න ඔබ සූදානම්ද පෝල් වෙනුවෙන්
ඔබට බැරි වෙයි ඇමරිකාවට අතහැරලා මෙහෙ එන්න
ඒ විතරක් නෙමෙයි ඇමරිකාවෙ එන්ගලන්තෙ ජනමාධ්‍ය ඔය දෙන්නව මහ නරක විදියට විවේචනය කරයි
යන යන තැන මිනිස්සු ඔය දෙන්නව විහිලුවකට ගනී
මහ ජනතාවට විහිලුවක් උන කෙනෙක්ට බෑ රජකම් කරන්න
බලය තියෙන්නෙ මේ කිරුලෙ නෙමෙයි
ප්‍රභූවරුන්ගෙයි මහජනතාවගෙයි තියෙන කැමත්ත අනුව
ඒ නිසා ඔබෙත් කුමාරයගෙත් සම්බන්දය වැඩිකල් පවත්වාගෙන යන්න පුලුවන් එකක් නෙවෙයි""

VIP ( වී අයි පී )Where stories live. Discover now