VIP 29

838 74 0
                                    

Ep 29
"" ඇලෙක්ස් මට තමුන් එක්ක කතා කරන්න ඕනි""
අපි ගෙදර ඉදන් ධවල මන්දිරයට ආයෙ ආව දවසට පහුවෙනිදා අපෙ අම්ම මට එයාගෙ ඔෆිස් එකට කතා කරා
"" සත්තකින්ම මැඩම් කියන්න""
"" ඔයා බැලුවද වොශින්ටන් පෝස්ට් පත්තෙරේ""
"" මම වැඩිය පත්තර කියවන්නෙ නෑනෙ""
"" තමුන් පත්තර කියවන්නෙ නැත්තම් ඇසිස්ටන්ට් කෙනෙක්ට කියනව පත්තරටික කියවල වැදගත් තොරතුරු බ්‍රීෆ් කරන්න කියල""
""හරි අම්ම...ඒත් මොකක්ද ප්‍රශ්නෙ ඇයි මේ තරහ ගිහින්""
"" විස්තර කියන්න එනව මගෙ ඔෆිස් එකට""
අම්ම නිතර තරහ ගන්නෙ නෑ...මොකද්ද මම කරපු වැරද්ද...මම හිත හිතා අම්මගෙ ඔෆිස් එකට ගියා..යද්දි මුන ගැහුන අම්මගෙ ආරක්ශකයො මට සැලියුට් ගැහුවා
"" ඇලෙක්ස් ඔයාට කට පියාගෙන ඉන්න බැරිද තැන තැන ඕනෙ නැති දේවල් කියවන්නෙ""
"" ඒ මොකද්ද අම්මෙ""
"" ඒ මොකද්ද ...කියන්නෙ අද පත්තර වල තියෙනව කැලිෆෝනියා පුටුවට ඔයා තරග කරනව...අපේ පක්ශෙම විලීට විරුද්දව කියල""
""ඔවූ ඒක මගේ අදහසක් ඒත් මම ඒක කාටවත් කියුවෙ නෑ...ඒක මගේ කැලිෆෝනියා මෙමෝ එකේ ලියලා තිබුනෙ...මම ඒ මෙමෝ එක දුන්නෙ අම්මටයි වෙල්මටයි විතරයි""
"" පිට කාටවත් කියුවෙ නැත්තම් කොහොමද පත්තරවල මේක ලියවෙන්නෙ...තමුන්ගෙ යාලුවා ඩියෝගෝ මේ ආටිකල් එක ලියල තියෙන්නෙ..ඒ මදිවට අපේ පක්ශෙ ජේශ්ඨ් සමාඅජිකයන්ව හොදටම විවේචනය කරලා තරුනයන්ට තැන දෙන්න ඕනෙලු""
"" එහෙම එකක් මම ලියලා නෑ ඒ මෙමෝ එකේ""

"" ඇලෙක්ස් කපටි දේශපාලකයෙක් වෙන්න හදන්න එපා...ඔයා තාම ලමයෙක්""
"" අවුරුදු විසිගාන පැන්නම ලමයෙක් වෙන්නෙ නෑ""
"" ඔයාට තව කල් තියෙනව"
"" අම්ම ඔයා ගොඩක් පස්සෙ කාලෙක දේශපාලනේට එකතු උනා කියල මමත් එහෙම කරන්න ඕනෙද""
"" මේක ඒකට වෙලාව නෙවෙයි
බලනව හැම වාර්තාවක්ම පෙන්වන්නෙ මේ පාර අපි පරදිනව කියලයි
තමුන් පරදින ච්න්දෙක ඉස්සරහට එනව කියන්නෙ සියති බෙල්ල කපාගන්නව වගේ වැඩක්"
"" මම කැමති කුනාටු තියෙන සැර මුහුදෙ බෝට්ටු පදින්න""
"" නිකන් මෝඩයෙක් වෙන්න එපා
බලනව සී එන් එන් එක...අපේ මිත්‍ර චැනල් එකක් වෙලත් අපිව විවේචනය කරනව""
ඒ වෙලාවෙ අම්මගෙ ඔෆිස් එකේ තිබුන ලොකු ටීවී එකේ රටේ ආර්තිකය ගැන විවාදයක්
අපිට හැම තප්පර විස්සකටම සැරයක් රැකියා අවස්තාවක් අහිමි වෙනව
ඒකියන්නෙ මේ අවුරුද්දෙ අවසානෙදි රැකියා විරහිත තරුනයො මිලියන 1.6ක් මේ රටේ ඉන්නව
මේ තරුන ජීවිත වල අනාගතේ ගැන ජනාධිපති තුමිය වගකියනවද
ජනාධිපති පුතා එනගලන්තෙයි ඇමරිකාවෙයි කාර් එකේ යනව වගේ ජෙට් එකේ යනව ඔහුගෙ ගමන් වලට මේ වෙනකොට ඩොලර් මිලියන 2.5ක් වියදම් කරලා...රටේ මේතරම් බඩුමිල වැඩි වෙන කාලෙක මෙහෙමද ජනාධිපති පවුල උද්දමනයට උත්තර හොයන්නෙ
"" අම්මෙ ඕක ඕෆ් කරන්න උන් විකාර කියවනව""
"" විකාර නෙමෙයි...ඔය තියෙන්නෙ ඔයාගෙ පත්තර ආටිකල් එකේ ප්‍රතිපල අපේම ජේශ්ඨයො අපිට විරුද්ද වෙලා...නැත්තම් සී එන් එන් එකම අපිට ඔහොම බනින්නෙ නෑ""

VIP ( වී අයි පී )Where stories live. Discover now