Ep 17
මැසේජ් එකක්
"" ඇලෙක්ගේ නියම පෙම්වතිය කවුද...ගවේශනාත්මක සොයා බැලීම"
පිස්සු මැගසින් කාරයො...විකාර ප්‍රවෘති මවනව....
සුවහසක් කාන්තා සිත් හඩවා...ඇලෙක්ස් තම පෙම්වතිය සොයා ගනී
මම ට්‍රේස් (උප ජනාධිපතිගෙ දුව෴) එහෙ මෙහෙ යද්දි ගත්තු ෆොටෝ එඩිට් කරලා දාලා
කුමාරය මට එවන්නෙ ඒවයෙන් කොපි කරගත්තු කොටස්
"" තැන්ක්ස් දැනුවත් කරාට මම නොදැනම මම පෙම්වතෙක් වෙලා...මම කෙල්ලෙක් එක්ක යාලු උනාම අඩන සුවහසක් ගෑනු කොයි ලෝකෙද දන්නෙ නෑනෙ ඉන්නෙ""
මම ෆොටෝස් වලට රිප්ලයි කරා
"" දැන ගැනීම සතුටක්...ඔබ ඇත්තටම බදින දවසට තරුනියො විතරක් නෙමෙයි සමහරක් තරුනයොත් අඩයි""
""ආඅ...වගකීමෙන්ද කියන්නෙ""
""ඔවූ ඕනෙනම් උදාහරන දෙන්නම්...හැබැයි අද නෙවෙයි ඔයා බදින දවසට""
" බදින කතා එපා...ඒව මගේ ශබ්ධකෝශෙ නෑ...නිදහසේ ජීවත්වෙන එක මගේ ආගම""මම උදේ ජොගින් යද්දි මගේ පස්සෙන් හත් අට දෙනෙක් ආරක්ශකයො දුවනව
එක්කෙනෙක් මට ඇවිත් කියනව
"" මාලිගාවෙන් ඔබ තුමාට විශේශ පාර්සලයක් ඇවිත්..ස්කෑන් කරා හානියක් නෑ...රෙදි වගයක් තියෙන්නෙ කාමරේට එවන්නද""
මම දුවන එක පැත්තක දාලා කාර් එකකින් මගේ තැනට ගියා
කලබලෙන් පාර්සලේ කඩලා බැලුවා
ඒක පුරවලා තිබුනෙ බ්‍රිතාන්‍ය ජාතික දජයෙන් හදාපු ජොක්කු...ජොක්කු කියුවට ඒවා තොන්ග්ස්...ගොඩක් කොට නූල් තියෙන ඒවා
"" මට දුන්න පලවෙනි තෑග්ග ...ඇමරිකන් බිකිනිය...ඒකට ස්තූති කරන්න එවුවෙ""
ඒක ඇතුලෙ ලියුමක් තිබුනා
"" පරන සිද්දි...තාම මතක් කරනවද""
මම කුමාරයට මැසේජ් එකක් යැවුවා
" පොඩි විහිලුවක්...ලන්ඩන් කෝනර් එකේදි ඕවා දැක්කෙ...ඔයාට ලස්ස්න වෙයි කියලා හිතලා එවුවා""ඊලග දාව්සෙ මගේ පන්තියෙදි මහ ලැජ්ජ නැති වැඩක් උනා
පන්තියෙ ඉන්න හැමෝම ඇවිත් මට සුභ පතනව
මගේ උපන්දිනේ අප්‍රේල් ඇයි මේ අය අද විශ් කරන්නෙ
මම කෙටී ගෙන් ඇහුව කවුද කියුවෙ අද මගෙ බර්ත්ඩේ එක කියලා
හැමෝගෙම ෆෝන් වලට මැසේජ් ඇවිත්
අද ඔයාගෙ බර්ත්ඩේ එක කියලා
කවුද මේ ජඩ වැඩේ කරපු එකා
මම හිත හිතා ගියා... මැස්සෙජ් එක එවලා තියෙන්නෙ ඊ සිම් එකකින්...ඒක මගේම සිම් එක ක්ලෝන් කරලා හදපු එකක්..කොටින්ම කියුවොත් මගේ සිම් නම්බර් එකෙන්මයි මේ මැසේජ් එවලා තියෙන්නෙ...විලි ලැජ්ජවයි මම අනික් උන්ට බලෙන් කියලා විශ් කරගන්නව කියලා ක්ලාස් එකේ උන් හිතයි
කුමාරයගෙන් බර්ත්ඩෙ කේක් ගොඩයි
"" ඔයාද මේ බර්ත්ඩේ ෆ්‍රෑන්ක් එක දුන්නෙ""
මම කුමාරයගෙන් ඇහුවා
"" විශ් එකක් කියන්නෙ නරක දෙයක් නෙවෙයි කවද ලැබුනත්""
"" කොහොමද මගෙ බැට්ච් එකේ අයගෙ නම්බර් හොයා ගත්තෙ""
"" වැඩිය හිතන්න එපා...මාලිගාවෙ මුල් හැම තැනම තියෙනවා""
කුමාරය හිනා මූනු 7ක් එවලා තිබුනා
ඊලග දවසෙ බ්‍රිතාන්‍ය ඉන්ග්‍රීසි නීතියේ විකසනය පාඩම තිබුනේ
ඒක උගන්වපු ෆර්ඩිනැන්ඩ්ස් මැඩම් තෑන්ක් යූ ස්ලයිඩ් එකට දාලා තිබුනෙ මමයි කුමාරයයි එකට වාඩි වෙලා ඉද්දි මම කුමාරයට සෙල්ලමට අත මිට මොලවල තට්ටුවක් දාපු එක
ඒක ජී අයි එෆ් එකක්...මම දිගටම කුමාරයට ගහනව වගේ දෙයක් ඒකෙන් පෙනුනේ
"" මේක මට කුමාරයම එවලා තිබුනා...පාඩමට අදාල නිසා අන්තිමට ඒක දැම්ම...කොහොමත් ඇමරිකාව එන්ගලන්තෙට පොඩි පොඩි තරවටු කරාට කවදාවග්හ් මවු බිමට හානියක් කරන්නෙ නෑ""
මැඩම් පාඩම් කරලා ගියා
ලොකු තිරේ දිගටම මම කුමාරයට ගහනව..කුමාරය කට කොනකින් හිනාවෙනව
YOU ARE READING
VIP ( වී අයි පී )
Adventureමේක ඒක වගේ උනාට ඒක නෙමෙයි...වෙනමම රහක්...රෙඩ් වයිට් ඇන්ඩ් රෝයල් බ්ලූ උඩ ගොඩනගාපු වෙනස්ම වෙනස් කතාවක්. සෙල්ලකාර ජනාධිපති පුතාටයි ආඩම්බරකාර කුමාරයටයි පුලුවන් වෙයිද ආදරේ ජයගන්න.