Ep 22
"" පොරොන්දුවක් තිබ්බනම් පොරොන්දුව රකිනවා...බොරුකාරයො මට පේන්න බෑ""
"" ම්ම්ම්ම්...මට තේරෙන්නෙ නෑ දැන් වෙලාව කීයද උදේ 7යි""
""වෙන්න බෑ...ලන්ඩන්වකට හතනම් මෙහෙට තාම 4 හතරයි...මම නිදාගත්තෙ එකට...ඇයි මෙච්චර උදෙන්""
""හොදට පුලුවන් නේ බොරුවට මවා පාන්න""
"" අගක් මුලක් තේරෙන්නෙ නෑ...පොඩ්ඩක් හින්ට් එකක් දෙන්න පුලුවන්ද""
"" අර ලමාරෝහලේ පොඩි එකා බලන් ඉන්නව තමුසෙ එනකන්""
"" ඕඕ..ශිට් මට අමතක උනා බබාගෙ සර්ජරිය හරි ගිහින්ද""
""හරි ගිහින්ද වැරදිලාද කියන්න මම දොස්තර නෙවෙයිනෙ...හැබැයි පොඩි එකාට ගොඩක් අමාරුවෙලා සතියකට පස්සෙ ඊයෙ සිහිය ඇවිත් තියෙන්නෙ....සිහිය ආපු වෙලේ ඉදලා ඔයාවලු හොයන්නෙ""
"" අයියෝ...ඒක ලොකු අතපසුවීමක්""
"" ඔයා ගියාද බලන්න""
"" මම හිටියෙ වේල්ස් වල මිලිටරි ෆ්‍රැක්ටිස් එකක...මට යන්න උනේ නෑ...ඒත් මගෙ පරිවාර සේවකයො කීපදෙනෙක් මම හොස්පිටල් එකට යවල තියෙන්නෙ බබාගෙ වැඩවලට"
"" ඒක හොදයි...මම පුලුවන් ඉක්මනට එනවා""
"" හරි""
"" මම කොහෙටද එන්න ඕනෙ හීතෲ එන්නද බටහිර ලන්ඩන් එන්නද""
"" හිතෲ යන්න ..එතැන ඉදල හොස්පිටල් එකට ලගයි""
"" එතකොට ඔයා""
"" ඒ පොඩි බබ හොයන්නෙ ඔයාව...මම නෙමෙයිනේ...මට තියෙනව නොදම්බ්‍රියා ආධිපාද සෙලින්ටා ගෙ බබාගෙ භෞතීස්ම උත්සවේට යන්න...මම ඒ ලමයගෙ කැපකරු පියා""
"" ගෝඩ් ෆාදර් වෙන්න ඔයා...""
"" ඇයි හිනාවෙන්නෙ""
"" නෑ ..ඒක නාකි මිනිහෙක් කරන්න ඕනෙ වැඩක් නෙ..ඇමරිකාවෙනම් පනයන්න ලග නාකි මහල්ලෙක් ව හොයාගන්නව බයිබලේ හොදට කටපාඩම්""
""හැමවෙලේම ඇමරිකාව බ්‍රිතාන්‍ය එක්ක සන්සන්දනය කරන්න එපා...මෙහේ අය හිතන්නෙ රජපවුලෙ කෙනෙක් කැපකාර දෙමවුපියො වෙන එක වාසනාවක් කියලයි..අපිත් එහෙම යන්නෙ ඒවගේ ප්‍රභූ පවුල් වලට අපි නාමිකව බැදුනම එයාලගෙ ලෝයල්ටි එක තියාගන්න පුලුවන්..ඒ අය අපිට අවනතයි""'
මම තියෙන වැඩ ඔක්කොම එහෙට මෙහට් දාලා බබා බලන්න ගියා
ජනාධිපති පුතෙක් වෙන එකේ වටිනකම තියෙන්නෙ මොන වෙලෙත් ලෝකෙ ඕනෙම රටකට යන්න සූදානමෙන් තියෙන ප්‍රයිවට් ජෙට් එකක් ගෙදර පිටිපස්සෙ රන්වේ එකේ තියෙන එක
මම රෝහලේ බබාගෙ රූම් එක අහගෙන දුවලා ගියේ ජැකීව වොශින්ටන් යවලා කලබලේට ගත්තු සෙල්ලම්බඩු පොදියත් බරට උස්සගෙන
මම ගිහින් බබාගෙ කාමරේ දොර අරිනකොට එන්නෙ නෑ කියපු කුමාරය
ඔලුව පුරා බැන්ඩේජ් ඔතපු පොඩි එකාව හුරතල් කර කර
"" බබෝ ඔයා දන්නවද බොරු කාරයෙක් අදුන ගන්න""
"" නෑ""
"" ඇමරිකන් ඉන්ග්ලිශ් කතා කරන කට පලල් කරල හිනා වෙන උල් නහයක් තියෙන මිනිස්සු විශ්වාස කරන්න එපා ""
"" ඒ කියන්නෙ පිනෝකියෝ වගේද""
"" ඔවූ ඔවූ...මෙන්න මේ වගේ පිනෝකියෝ කෙනෙක්""
කුමාඩය පොඩි බබාට මාව පෙන්නුවා
"" අපායට හෙන ගහපිය,,.මගෙ අබයාලුවා ""
"" කොහොම්ද පොඩ්ඩො...දැන් හොදයිද""
"" මාව බල්ලනමද ආවෙ""
"" ඔවූ අනේ...ඔයා නිසාමයි ආවෙ...මේ තෑගි ගොඩක් ගෙනාවා""
"" තෑගිනම් මෙහේ ට ආධාර දෙන්න එන අය ගේනවා...ඒත් යාලුවෙක්වත් මාව බලන්න ආවෙ නෑනෙ""
"" දැන් කුමාරයයි මමයි ආවෙ ...""
""ඕඔ දැන්නම් සතුටුයි""
"" කවුරු ආපු නිසාද සතුටු මමද කුමාරයද""
"ම්ම්,,,ම්ම්ම්.. ඒක අමාරු ප්‍රශ්නයක්...මම කුමාරය ආපු එකට සතුටුයි ඔයා ආපු එකට ගොඩාක් සතුටුයි"
"" ආආ..දැක්කනෙ බබාට තේරෙනව කවුද හොද කවුද නරක කියන එක""
මම පොඩි බබාගෙ ඇද ලග දනගහගෙන බබාව හුරතල් කරද්දි කුමාරය සීරුවෙන් ඉදන් අත් බැදගෙන හිනා වෙවී හිටියා
"" චූටි බබා මට දැනගන්න පුලුවන්ද ඇයි ඇලෙක්ස් ට ගොඩක් කැමති""
"" හිනා වෙනව...විහිලුයි...ආදරෙන් කතා කරනව""
"" එතකොට මම""
"" සර්...හොදයි...ඒත් සර් කුමාරයෙක් නෙ....අපි කුමාරයන්ට බය වෙන්න ඕනෙ""
මම කොක් හඩලාල හිනා උනා
"" දැක්කනෙ දැක්කනෙ...ඕනෙ කෙනෙක් දන්නව රජ පවුලෙනම් ...හෙන උද්දහ්ච්ච පන්ඩිතයෙක් තමයි""
"" ඇල්ක්ස් කට ...වහගන්නව""
කුමාරය බොරු තහක් මවගෙන මට අත මිට මොලවල පන්ක්ච් එකක් දුන්නා
අපි තව වෙලා කතා කර කර හිටියා...ඒක හරිම සුන්දර මොහොතක්...පොඩි එකත් හුරතල් ...කුමාරයත් ගොඩක් සැහැල්ලුවෙන් සතුටෙන් හිටියේ
"" හරි එහෙනම් මම යන්න ඕනෙ""
මම වෙලාව බලලා කියුවා
"" දැන් ආයෙ යනවද""
"" ඔවූ මම කෲ (ගුවන් යානා කාර්‍ය මන්ඩලය) එකට කියුව ඔන් බෝඩ් රෙඩි වෙලා ඉන්න මම එනකන් ""
"" ආආ...මම හිතුවෙ දවස් කීපයක් ඉන්නව කියකයි""
"" එහෙම ඉන්න ආරාධනාවක් තිබුනෙ නෑනෙ...නිකන් මෙහෙට වෙලා ඉන්න බෑ""
"" ආ..එහෙමද...අපරාදෙ ඔයාට හොද පෝලෝ තරගයක් මග හැරෙනව (පෝලෝ තරග හොද අශ්වයන් යොදාගෙන කරන ක්‍රීඩාවක්, ෆුට් බෝල් වගේ කන්ඩායම් දෙක තමන්ගෙ ගෝල් එක තියෙන තැනට බෝලෙ ගෙනියන්න ඕනෙ අශ්වයන්ගෙ පිට නැගලා එක අතකින් අශ්වය හසුරුවන ගමන් අනික් අතින් මැලට් කියන දිග මිටක් තියෙන හොකී පිත්තක් වගේ දිග පිට්න්තකින් ගහන ගමන් තමාන්ට අදාල පැත්තට ක්‍රිකට් බෝලයක් වගේ බෝලයක් අරන් යන්න ඕනෙ. මේක ඈත අතීතෙ ඉදලම තිබුන ක්‍රීඩාවක්. වටිනා අශ්වයන් නඩත්තුවටත් ක්‍රීඩා භූමි නඩත්තුවටත් ලොකු මුදලක් වැය වන නිසා වැඩිදෙනෙක් මේ සෙල්ලම කරන්නෙ නෑ. රාජකීයන් එයාලගෙ නිර්බීතබව පෙන්වන්නත් පෝසත්තු එයාලගෙ සල්ලි අනෙක් අයට පෙන්වන්නත් මේ මිල අධික නමුත් භයානක ක්‍රීඩාවෙ යෙදනවා)
"" කව්දද තියෙන්නෙ""
"" හෙට උදේ අයර්ලන්ඩ් වේල්ස් තරගයක් ""
"" ඔයත් බලන්න යනව්ද""
"" මම බලන්න යන්නෙ නෑ""
"" ආඅ..එහෙනම් වැඩක් නෑනෙ""
"" ඇලෙක්ස් ඔයා අශ්වයන්ට ආස නිසා මම හිතුව පෝලෝ තරග බලනව ඇති කියලා""
" ඇමරිකාවෙ ඒ තරම් තරග නෑ....ඒක නිසා මම ඔය තරගෙ ගැන වැඩිය දන්නෙ නෑ...ඕව සෙල්ලම් කරන්නෙ බිල් ගේට්ස්, ට්‍රම්ප් මාස්ක් වගේ පෝසත් පවුල්වල අය""
"" ආඅ.. එහෙමද එහෙනම් ඔයා එන්නෙ නෑ""
"" නෑ ඉතින් ..තියෙන වැඩක් කල්දාල හරි නවතින්න තිබුනා ඔයත් බලන්න එනවනම්""
"" මම බලන්න එන්නෙ නෑ....ඒත් සෙල්ලම් කරනව""
"" මොනව ඔයා...ඒවගේ භයානක සෙල්ලමක් කරනවා""
"" ඔවූ රජ පවුලෙ පිරිමි හැමෝම පොඩි කාලෙ ඉදලම සෙල්ලම් කරනව""
"" ඒත් ඒක අනතුරු දායකයි...නිතර අශ්වයො එකට හැපෙනව ජොකියො (අහ්වාරෝහකයො) බිම වැටිලා අශ්වයන්ට පෑගිලා මැරෙනව""
"" ඔවූ පොඩි අවධානමක් තියෙනව...මගෙ සීයා පපා ගොඩක් කල් ඇදේ හිටියා පෝලෝ පෝනිය ( පෝලෝ ක්‍රීඩාවට ගන්න අශ්වය) ගෙන් බිමට වැටිලා බෙන අශ්වයෙක් එයාව පෑගුවා""
YOU ARE READING
VIP ( වී අයි පී )
Adventureමේක ඒක වගේ උනාට ඒක නෙමෙයි...වෙනමම රහක්...රෙඩ් වයිට් ඇන්ඩ් රෝයල් බ්ලූ උඩ ගොඩනගාපු වෙනස්ම වෙනස් කතාවක්. සෙල්ලකාර ජනාධිපති පුතාටයි ආඩම්බරකාර කුමාරයටයි පුලුවන් වෙයිද ආදරේ ජයගන්න.