Ep 39
මැටිල්ඩා මම මේක ඔයාට බාරදුන්නෙ ලොකු විශ්වාසයකින්
මට ඕනෙ අලුත් දෙයක්..හැමදාම දකින පරන ඒවම ඕනෙනම් මම මේ කැම්පේන් එකට ලොකු ගානක් දීල ඔයාව හයර් කරන්නෙ නෑනෙ
අනෙක මාව ගැරීම්ස්ටීවු එක්ක සන්සාන්දනය කරන්න එපා
ගැරී නිකම්ම වීදි රස්තියාදු කාරයෙක්...මිනිහගෙ ඕඩියන්ස් එක වෙනස් මගේ වෙනස්
මම අම්මගෙ ගරුත්වය ගැනත් හිතන්න ඕන්
මීම්ස් ගැන අමතක කරමු...ඒව අමතර වැඩනෙ
ඔයාගෙ මේ පෝස්ටර් දෙකත් ගන්න දෙයක් නෑ...මම ඇදපු බ්ලේසර් එකත් නිල් පාටයි මගෙ පසු තලයත් නිල් පාටයි...මම බිත්තියට තැලිලා මැරිහ්ච්ච මදුරුවෙක් වගේනෙ පේන්නෙ
අනෙක බලම්නව මගේ ෆොටෝ එකයි අම්මගෙ ෆොටෝ එකයි දෙකමනෙකම සයිස්
අම්ම සීනියර් එයාගෙ ෆොටෝ එක ලොකුවට දානව
මේව මම කියන්න ඕනෙද...පොලිටිකල් කැම්පේන් එතික්ස් නේ
ඊලග බැච් එකත් මේ වගේ කොලිටි ෆේල් නම් මම ඔයාව අයින්න්කරනව සොරි
"" ඇලෙක්ස්....ඇලෙක්ස්"
පෝල් ගෙ කට හඩට මම ලැප් එකෙන් ඔලුව උස්සල එයා දිහා බැලුව
අපි ඉන්නෙ තාම කින්සින්ටන් මාලිගාවෙ
පෝල්ට හරියටම හොද නෑ
මම එයා ලගින් හෙල්ලුනේ නෑ
ඒත් මට මගේ වැඩ මග අරින්නත් බෑ
එයාට නින්දගිය වෙලාවට මම මගේ කැම්පේන් එකේ වැඩ විපරම් කරල බලනව
මේ දවස් වල ඩිජිටල් මාකටින් කැම්පේන් එකක් යනව
ඒකට හදපු මීම්ස් බැනර් මට එවල තිබුන
ඒව මගේ හිතේ හැටියට තිබුනෙ නැති නිසා මට තරහ ගිහින් ඒව හදපු කෙනාට බැන බැන හිටියෙ"" ආඅ...පැටියෝ ඔයා නැගිට්ටද දැන් අපි..ස්මූති එකක් බොමු...මම හදල ෆ්‍රිඩ්ජ් එකේ දැම්ම..ඇෆ්‍රිකට් එකක් ඔයා කැමතීනෙ""
"" බෑ ඇලෙක්ස්...මම් තාම පැයක්වත් නෑනෙ උදේට කාල""
"" අනේ සුදෝ...මේකට නම් බෑ කියන්න බෑ...මම අමාරුවෙන් රෙසපි එකක් බලාගෙන හැදුවෙ,,.තුවාල උන බඩවැල් රෙපෙයාර් කරන්න ඇප්‍රිකට් කියාපු ඖෂධේලු""
මම එයාට වදෙන් පොරෙන් ඩ්‍රින්ක් එක පෙවුවාඑදා දඩයම් උත්සවෙන් පස්සෙ හොද දෙයක් වෙලා තිබුන මාලිගාවෙ පෝල්ගෙ බලය වැඩි වෙලා පිලිප් පස්ස්ට විසිවෙලා
ඒ අවසරෙන් පෝල් කින්සින්ටන් මාලිගාව එයාට ඕනෙ විදියට ගොඩ නගාගෙන
දැම් මෙහේ ඉන්නෙ පෝල් ගෙ මිනිස්සු විතරයි...පිලිප්ට ඔත්තු බලන්න බැහැ
ඒක නිසා පෝල්ට මේ මාලිගාව ඇතුලෙ නිදහසේ සැරි සරන්න පුලුවන් උනා
YOU ARE READING
VIP ( වී අයි පී )
Adventureමේක ඒක වගේ උනාට ඒක නෙමෙයි...වෙනමම රහක්...රෙඩ් වයිට් ඇන්ඩ් රෝයල් බ්ලූ උඩ ගොඩනගාපු වෙනස්ම වෙනස් කතාවක්. සෙල්ලකාර ජනාධිපති පුතාටයි ආඩම්බරකාර කුමාරයටයි පුලුවන් වෙයිද ආදරේ ජයගන්න.