Ep 06
ච්න්දෙ උනුසුම උපරිමේට නැගල යන කාලෙ
මමත් ටික ටික ඒ වයිබ් එකට හුරුවෙනව
උදේ නැගිට්ට ගමන් වෙල්මා දවසෙ කරන්න ඕනෙ වැඩ ලිස්ට් එකක් උස්ස්ගෙන එනවා
අපි පිස්සු වගේ ලිස්ට් එක ටික් කර කර ඒ වැඩෙන් අර වැඩේට මාරු වෙනව
අම්මට පක්ශෙන් ච්න්ද වැඩ් වලට ලැබුන ජෙට් එක තමයි අපේ ගෙදර උනේ
පොලව උඩ ඉන්නවට වඩා අපි හිටියෙ අහසෙ
අද ඇමරිකාවෙ උතුරෙ තියෙන ප්‍රාන්තෙක රැලියකට ගිහින් හවස දකුනෙ තියෙන මීටින් එකකට යනව
එක ලග රූම් එකක හිටියත් අම්මටයි මටයි වචන පහකට වඩා කතා කරන්න ලැබෙන්නෙ නෑ
එයා එක්ක වැඩ කරන වෙනම ටීම් එකක් ඉන්නව මම එක්ක වැඩ කරන වෙනම ටීම් එකක් ඉන්නව ඒ ඔක්කොම වෙල්ම විසින් දරදඩු විදියට පාලනය කරනව
ලැබෙන රහසිගත සමීක්ශන වාර්තා අනුව අපේ ජනප්‍රියතාව ගොඩක් දුරට වැඩිවෙලා රිපබ්ලිකන් අපේක්ශක ඩේවූ ලගටම ලන් වෙලා
ඒ නිසාම ෆොක්ස් නිවුස් සෙවන් ස්ටර් අදර් සයිඩ් වගේ ටීවී රේඩියෝ චැනල් පත්තර වලින් අපේ නැති වැරදි හොය හොයා ප්‍රසිද්ද කරනව
වාසනාවට අපිට පක්ශ චැනල් උන සීඑනෙන් එන්බීසී සීබීසී ආයතන අපිට උදවුවට ප්‍රවෘති නිකුත් කරනව
ඩියෝගෝ මට ලොකු උදවු ගොඩක් කරා
මගේ නම ප්‍රසිද්ද කරන විදියෙ වැඩ සටහන් හද හද මීනිහා අපිට හිතවත් නාලිකාව විකාශ කරනව""ඇලෙක්ස් ඔයා ගොඩක් හොදයි...මම හිතුවට වඩා ඔයා ප්‍රොමෝශන් කැම්පේන් එක් අරගෙන් යනව ""
වෙල්මා මාව වර්නනා කරා
එයා ලේසියෙන් කෙනෙක්ට හොදයි කියන ජාතියෙ ගෑනියෙක් නෙමෙයි
""එයා මගෙ පුතානෙ කොහොමත් දක්ශයි තමයි""
අම්ම මගේ ඔලුව අතගාල කියුව
"" මෙහෙමයි මැඩම් මිනිස්සු අපේ ඉමේජ් එක අනුව අපිව එක එක කොටුවලට දානව
මිනිස්සු මැඩම් ගැන හිතන් ඉන්නෙ දේශපාලකයෙක් අවස්තාව දැක්කම ටක් ගාල පැනලා ඒක ගන්න ජාතියෙ කෙනෙක්
එතකොට මැඩම් කියන හැම දේම එයාල බලන්නෙ දේශපාලන කෝනෙන් විශ්වාස කරනව අඩුයි
ඒත් ඇලෙක්ස්ව මිනිස්සු දාල තියෙන්නෙ සෙලිබ්‍රිටි...ඒ කියන්නෙ නලුවෙක් දාන් කොටුවට...ඒ කොටුවෙ ඉන්න අයව මිනිස්සු දේවත්වයෙන් සලකනව විවේචනය කරනව අඩුයි...විරෝධතා අඩුයි
ඒ නිසා මේ කැම්පේන් එකේ අපි මැඩම්ට වඩා ඉස්සරහින් ඇලෙක්ස්ව තියනව
ඒක හරියට ඔබාමා ච්න්දෙ ඉ ල්ලද්දි එයාගෙ වයිෆ් මිචෙල් එයාට වඩා ඉස්සරහින් හිටියා වගේ
ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙ කැම්පේන් එකේ දුව ඉවන්කාව ඉස්සරහට දැම්ම වගේ""
වෙලමගෙ වර්නනාව මට මහ හිසරදයක් උනා
අපි ලොසැන්ජලීස්වල දින කීපයක් නැවතුනා හොලිවුඩ් නලු නිලියො එක්ක උත්සව කීපෙකට සහභාගිවෙන්න ඕනෙ නිසා
අම්ම වොශින්ටන් වල වැඩ වගේකට වෙල්මා එක්ක ගියා කාලෙකින් මම තනි උනා
ක්ලබ් එකකට යන්න..නයිට් පාටියකට යන්න පොඩි නිදහසේ පොඩ්ඩක් ඇවිදින්න හිතට ඕනෙ නිදහසක්
මම ඇවලෝන් ලා නිනෝ එකේ හොට් කෙල්ලො වගේකගෙ ශෝ එකක් තියෙනව
කලබලේට යාලුවෙක් සෙට් කරගන්න වෙලාවක් නෑ...තනියෙම ගිහින් එතැනින් හොද බඩුවක්##සෙට් කරගන්නව
මම තනියෙම හිතුවා
නිකමට ඩියෝගෝට රින්ග් කරා...
මාර කෝ ඉන්සිඩන්ස් එකක්...ඌත් ලොස ඇන්ජලීස් වල..තනියෙන් යනවට වඩා හොදයිනෙ පොරත් අමුනගෙනම යනව...මම මිනිහට කෝල් එකක් දුන්න
හත වෙද්දි මම රෙඩිවෙලා රූම් එකෙන් එලියට ආවා
ලොබී එකේ ඈත කොනකින් කලු මහත දෙහෙත ඔලිව මතු උනා
""කොහෙද සර් යන්නෙ""
""මගේ වැඩක්...අද මම නිවාඩු""
""සොරි සර් ...සර්ට තනියෙම යන්න දෙන්න බෑ.. මට වෙල්ම්ත් ලොකු මැඩම් ඕඩර් එක දීල තියෙන්නෙ සර්ට හතෙන් පස්සෙ එලියට යන්න දෙන්න එපා තනියෙම ""
""ඕඔ දෙයියනේ...මේ මොන විකාරයක්ද...මම වහලෙක්ද...නැත්තම් හිරකාරයෙක්ද?..මටම කියල ලයිෆ් එකක් තියෙනව...මේක ඇමරිකාව..මැදපෙරදිග රටක් නෙමෙයි නේ""
""සොරි සර් ..චන්දෙට තව සති තුනයි...ප්‍රවේසම් වීම් වැදගත්...ඔබව ආරක්ශාකිරීම මගේ ඩියුටිය""
""ඕ එම් ජී...මට එපා වෙලා මේක...අයින් වෙන්න මම යනව""
අඩි හයක් උස පට්ට කලු අයෝමය පුරුදයෙක්ගෙ වගේ ඇගක් තියෙන ඔලීවා තල්ලු කරන් මම කොරිඩෝවෙන් එලියට යන්න හැදුවා
YOU ARE READING
VIP ( වී අයි පී )
Adventureමේක ඒක වගේ උනාට ඒක නෙමෙයි...වෙනමම රහක්...රෙඩ් වයිට් ඇන්ඩ් රෝයල් බ්ලූ උඩ ගොඩනගාපු වෙනස්ම වෙනස් කතාවක්. සෙල්ලකාර ජනාධිපති පුතාටයි ආඩම්බරකාර කුමාරයටයි පුලුවන් වෙයිද ආදරේ ජයගන්න.