VIP 15

889 105 1
                                    

Ep 15
ඊලග දවසෙ  තිබුනෙ ස්කොට් ලන්තෙ කොරල් පර ආරක්ශා කිරීම ගැන සමුද්‍ර ආරක්ශාව සදහා එක්සත් ජාතීන්ගේ
දිනට සමරන්න...අපි ස්කොට්ලන්ත දුපත් වල කොරල් පර අතරෙ කිමිදෙන වැඩ සටහනක් සූදානම් කරලා තිබුනා
කොරල් පරයට ආක්‍රමනශීලී මුහුදු ඉකිරි විශේහයක් හා කාවාටි වගයක් හැදිලා
මේ සත්තු කොරල් හදන ඇසට නොපෙන කොරල් බුබාවන් කාල දානව
ඒ නිසා පාට පාට කොරල් සුදු පාට අවපාට වෙනව
ගොඩක් ලස්ස්න පාට පාට මාලුන්ට එයාලගෙ ලස්ස්න නිවාස අහිමිවෙන නිසා ටිකින් ටික මැරිලා යනවා
අපි කොරල් සන් රක්ශනයට කැපවුන පිරිසක් එක්ක කිමිදිලා මුහිදු ඉකිරි ඉවත් කරන වැඩේට හවුල් උනා
කුමාරය දක්ශ පිහිනුම් ශූරයෙක් වගේම කිමිදෙන්න දක්ශයි
මම ගොඩබිම දුවන්න පනින්න දක්ශ උනාට පිහිනන්න ඒතරම් හොදින් දන්නෙ නෑ
අපි දෙන්නම ඇගට ඇලෙන පිහිනුම් ඇදුම් ඇදගෙන හිටියෙ
ඒ ඇදුම්වලට මම් හෙලුවෙන් ඉන්නව වගේ දැනුනේ..ඒතරම් තදයි තුනී
මගෙ ජුන්ඩත් එක්ක පොට්ටනියයි...ටිකක් පිම්බුන පස්සයි ඕනවට වඩා කැපිලා පේනව කියල මට ඊටපස්සෙ පත්තරවල ගිය ෆොටෝ දැක්කම හිතුනා
"" ඇලෙක්ස් එන්න කිමිදෙන්න""
කුමාරය එයාගෙ ස්කූබා ඩයිවූ ඔක්සිජන් ටැන්කිය පැලදගෙන මාස්ක් එක හදන ගමන් පැද්දෙන බෝට්ටුවෙ ඉදලා කියුවා
"" මට ඩයිවූ කරන ලයිශන් නෑ"" මම අදිමදි කරා
"" කමක් නෑ...ගොඩක් අය මෙතැන ඉන්නවනෙ..අනෙක අපි අඩි පහලවකට වඩා යටට යන්නෙ නෑ මෙතැන""
කුමාරයගෙ බඩ මැදින් ගැටගහපු වෙයිට් බෙල්ට් එක නිසා එයා සුපර් මෑන් වගේ පෙනුනා
මම කිමිදෙන්න කැමති උන නිසා කුමාරය එයාගෙ ටැන්කිය ගලවලා දාලා ආව මට උදවු වෙන්න
මට ගොඩක් උපකරන අලුත් කුමාරය ඒ එක එක වැඩ කරන හැටි කියලා දුන්නා
පාවෙන්න උදවු වෙන බෑග් එක වගේ එක...ගිලෙන්න උදවු වෙන වෙයිට් බෙල්ට් එක...ගෑස් ප්‍රෙශර් එක සීරුමාරු කරන රෙගුලේටර් එක...මුහුද යටට යද්දි අපි ඉන්න ගැබුර පීඩනය මනින ඔරලෝසුව...මේ හැම දේම කියලා දුන්නා
වැඩිග ගැබුරට ගිහින් අඩු ඔක්සිජන් ලෙවල් එකකදි හුස්ම ගත්තොත් කලන්තවෙනව
ලේවලට නයිට්‍රජන් මිශ්‍රවෙනව
කන අඩි පුපුරනව,..ඇස් පුපුරනව
බයානකයි...කුමාරය මට අනතුරු ඇගවීම් ගොඩකුත් කරා
අන්තිමේ ඔක්කොම බර බද්දල් එල්ලගෙන වතුරට පැනලා කුමාරය පස්සෙන් හෙමින් වරල් ගහ ගහා පීනගෙන ගියා
වතුර යට වෙනම ලෝකයක්
හැම දේම ලස්ස්නයි
පාට පාට ක්ලවුන් මාලු රතු ආඩම්බර දැල්ලො පස්සෙ එලවනවා...තැබිලි පාට ඇනිමනි අපි ලගට යද්දි අනතුරු අගවන්න රතු පාට වෙනවා
ඝර්ම කලාපීය කොරල් වගේ ස්කොට්ලන්ත සීතල වතුරෙ කොරල් වල පාට පාට සත්තු අඩුයි..ඒත් සැලකියයුතු ලස්සනක් තියෙනව
වැලි ඉස්සන් කහපාට සමනල්ලු වගේ අපි ලගින් පියාබලා ගියා
කුමාරය එයා ලග සගවගෙන හිටපු මාලු කෑම වගයක් මල්ල්කින් එලියට ඇදලා ගත්තම කොලපාට ලොකු ගිරා මාලු වේගෙන් ආවා ඒවා කන්න
උන් හරිම අහින්සකයි...හීලෑයි...අපිට උනව ඇති වෙනකන් අල්ලන්නත් දුන්නා
අලු පාට සීල් සත්තු පොඩි පූස් පැටවු වගේ පීනනව
ඒ ලගින්ම රාජකීය පෙන්ගුන්ලත් ජෙට් වගේ වේගෙන් කිමිදිලා උඩට යනවා
ලොකුවට රැල්ල ගහන්නෙ නැති සීකරන්ට් එක හොද දවසක්...මේවගේ ග්‍රීශ්මකාලෙක ඇරුනම ස්කොට්ලන්ත මූදෙ කිමිදෙන්න බෑ..අයිස් වගේ මිදිලා මැරිලා යයි
කුමාරය සැරින් සැරේ මම ලගට ඇවිත් හස්ත මුද්‍රාවෙන් එක එක ඒවා කියනව
ගොගල්ස් වලට යටින් මට එයාගෙ ඇස් උත්තල වෙලා පේනව
කටින් ලොකු වතුර බුබුලු පිටජරනව ඉන්ද්‍රජාල මකරෙක් වගේ
"" කුමාරය මට අතින් එන්න කියලා ඇගෙවුවා""
මම එයාගෙ පස්සෙන් පීනලා ගියා
සුදුපාට මුහුදු සින්හ පැටවූ තුන්දෙනෙක්...උන්ගෙ දුබුරුපාට අම්ම එක්ක පීනනවා
අපි උන් පස්ස්සෙ පීනුවා
කුමාරයගෙ දිග කකුල් පිම්බුන පස්ස මගෙ ලගින්ම පාවෙලා ගියා
එයා වරින් වර බෙල්ල හරව හරව මම එනවද බලනවා
ටික දුරක් යද්දි මුහුදු සින්හ පැටවූ අපේ දිහාවට හැරිලා වේගෙන් පීනනවා
ඈතින් කලුයි සුදුයි කිලර් වේල් (තල්මස් වර්ගයක්) දත් විලිස්සගෙන අපේ දිහාවට එනවා
කුමාරය ක්ශනිකෙන් හෑරුනා
මටත් හැරෙන්න කියුවා
කුමාරයට කිමිදිලා පුරුදු නිසා තරන්ග ආකාරයෙන් ඇග වන වනා වේගෙන් පීනනවා
මමත් කුමාරය පස්සෙන් පුලුවන් තරම් වේගෙන් පීනුවත් අපි අතරෙ පරතරේ එන්න එන්න වැඩි වෙනවා
මට මහන්සි නිසා මම කිලර් වේල්ට නොපෙනෙන්න ඉදිරියට නෙරාපු කොරල් පරේකට මුවා වෙන්න ගියා
හුටා....මම නොදැනම එතැනින් රිප් කරන්ට් එකක් යනවා
රිප් කරන්ට් එකක් කියන්නෙ ෆාස්ට් මූවින් කරන්ට් එකක්ම තමයි....මූද ඇතුලෙ වේගෙන් ගලන ජල ධාරාවක්
ඒක බැලුව ගමන් පේන්නෙ නෑ
ඒත් මේවගේ දිය වැලකට අහු උනාම වේගෙන් ඒකත් එක්ක ඇදිලා යනවා

VIP ( වී අයි පී )Where stories live. Discover now