VIP 16

985 100 1
                                    

Ep 16
කුකුලෙක් හමගහන්න පුලුවන්තරම් රස්නෙ වතුරෙ ගිලිලා නාන්නෙ
මට ඕනෙ ඒ මතක හිතෙන් දියකරලා දාන්න
හත් සැරයක් නාලා හය සැරයක් වයිට් හවුස් එක වටේ දුවලත් හිතනම් තිබුන වගේමයි
මම වී අයි පී ඒත් එයා අතිශයින් වී අයි පී
මුලු ජීවිත කාලෙම ලෝක ප්‍රවෘතියක් උන ලෙජන්ඩ් එකකට මම සතියකට මුන ගැහුන යාලුවෙක් විතරයි
මාත් එක්ක කරන්න තියෙන වැඩේ කරා චැප්ටර් ක්ලෝස්...දැන් එයා වෙන වැඩකට හිත දාලා ඇති
මම මෝඩයෙක් වගේ එයාගැන හිතන්නෙ මොන මගුලකටද
අන්තිම මොහොතෙ එන වෙලාවෙදි...එයා නොකියා කියුවෙ මම ඒ තරම් වැදගත් කෙනෙක් නෙවෙයි කියලනෙ
මම ගියා කුමාරයට යන බව කියන්න...අපි දෙන්නගෙ දඩුවම් සතිය ඉවරවෙලා
"" ගොඩක් ස්තූතී ඔබතුනාට...හොදට ජොලියෙන් ගෙවුන සතියක්...හිතුවෙ නෑ දඩුවම් කාලෙ මේ වගේ සැහැල්ලුවෙන් ගෙවාගන්න...ඔබතුමා ඉදපු නිසා ඒක පහසු උනා""
"" මටත් සතුටුයි""
කුමාරය දුන්නෙ කෙටි උත්තර
"" ආයෙ ඉක්මනින්ම හමුවෙමු""
"" එහෙම වෙයිද සැකයි...මට අවුරුද්ද පුරාම වැඩ""
"" ඒකට කමක් නෑ...ඇමරිකන් ජනාධිපතිනිගෙ නව අවුරුදු සාදය තියෙනව..ඒකෙ ප්‍රධාන ආරාධිතයෙක් වේවි ඔබතුමා...පාටියෙදි මුන ගැහෙමු""
"" අපෝ නිවු ඉයර් පාටි...මම නම් ආස නෑ""
"" ඒත් මේක වෙනස් ...ජනාදිපතිගෙ නිවු ඉයර් පාටියට එන්න මැරෙන්න හදන මිනිස්සු ඉන්නව...ඒක ඒතරම් ජොලී...ලෝකෙ හොදම ගායකයො සිනමාකාරයො නර්තන ශිල්පීන් එනව""
"" වෙන අය මැරෙන්න හදනව ඇති...ඒත් මම බම් මැරුවත් අවුරුදු පටි වලට යන්නෙ නෑ""
කුමාරය දෙන්නෙම නොරුස්සන උත්තර මට කතා කරන එක එපා උනා
"" හරි එහෙනම්...කවද හරි ආයෙ මුන ගැහෙයි නෙ..එතකන් සතුටින් ඉන්න""
"" ඔබේ අනාගතේට සුබ පතනව...රැජිනගේ සුභාශින්ශනත් පිලිගන්න...රැජින ඔබ මෙහිදී කල හැම දේම ගැන ඉතා පැහැදීමෙන් ඉන්නෙ""
මම හිතුවෙ කුනාරය මාව බදා ගනී කියකයි
ඒත් නිකම්ම අතට අත දුන්නා..ඇල් වතුර වගෙ සමුදීමක්..මෙලෝ රහක් නෑ
මගේ ඇස් වල නම් සමුගන්න දුක පැහැදිලිව පෙනුනා
කුමාරය මොනව හිතුවද මන්දා
කලු කන්නාඩි යට එයාගෙ ඇස් හැන්ගිලා තිබුනා
මම ජෙට් එකට නගින්න ය්ද්දි පස් පාරක් හැරිලා බැලුවා
කුමාරය එක පාරක් බැලුවෙ නෑ
ඒකෙ තේරුම ...එයාට මම තවත් එක් මුන ග්ගෙහුන පුද්ගලයෙක් විතරයි

VIP ( වී අයි පී )Where stories live. Discover now