VIP 3

1.4K 147 3
                                    

Ep 3
""හයි..බ්‍රෝ...මොකද මූන එල්ලගෙන...අද තමුසෙ වයිබ්‍රන්ට් ස්පීච් එකක් දුන්නනෙ ඕඩියන්ස් එක හෙල්ලෙන්න""
මම හොටෙල් රූම් එකට ඇවිත් හිටියෙත් යක්ශාවේසවෙලා
අර පෝල් කියන උරුලෑවට උගෙ ලොකුකම යන්න පුප##රත්වෙන පාරක් දීගන්න බැරි උනානෙ
උත්සවේ ඉවර වෙන්නත් කලින් පෝල් එයාගෙ ආරක්ශයොයි පරිවාර සේවකයොයි විස්සක් විතර පිරිවරාගෙන උත්සව සභාවෙන් පිටත් උනා
මගේ හිතේ තරහ කවුරු හරි එක්ක කියල පිට කරගන්න ඕනි වෙලයි මම හිටියෙ
""මොකද ඕයි...දත් කූරු කන්නෙ""
මගෙන් ප්‍රතිචාර නැති නිසා මගෙ රූමා...ඩියෝගෝ මට කොට්ටෙකින් ගහන ගමන් ඇහුවා
ඩියෝගෝ...කොලරාඩෝ වලින් ආපු ස්පැනිශ් ඔරිජින් එකක් තියෙන කොල්ලෙක්
මට ඩියෝගෝ හිතට ඇල්ලුවෙ මිනිහට ස්පැනිශ් ඇක්සන්ට් එකක් මුහු උන ඉන්ග්‍රීසි උච්චරනයක් තිබුනා...ඒක මට හරිම හුරුයි මොකද නිවුමෙක්සිකෝ වලත් නිතර ඉන්ග්‍රීසි වලට අමතරව ස්පැනිශ් කතා කරන නිසා
ම්ම වැඩිය නොහිත පෝල්ගෙ බෙල්ල මිරිකනව කියල හිතගෙන ඩියෝගෝට සිද්ද උන දේවල් කියුවා.
""අඩෝ...ඒක සයිකො පොරක්ද බන්...නොදන්න මිනිහෙක් එක්ක එකපාර කොක්කක් දාගන්න ..ඇබරිච්චඇටයෙක් නෙ ඌ""
""ඔවූ බන්..මට ඒ බකපන්ඩිතයට හොද පාඩමක් උගන්වන්න ඕනෙ මේ කන්ෆරන්ස් එක ඉවර වෙන්න කලින් ආයෙ මිනිස්සුන්ට අපහාස නොකරන්න""
""කොල්ලො ඒක නම් ටිකක් සන්කීර්න වැඩක්...ඔයා මේ පැටලෙන්න යන්නෙ ලෝකෙ වැපුරම වැදගත් පොරවල් ලැයිස්තුවෙ උඩින්ම ඉන්න එකෙක් එක්ක...කෙලින්ම ගිහින් ගේම ඉ ල්ලුවොත් කුමාරයගෙ ආරක්ශකයෝ තමුසෙගෙ හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්න දෙයි..""
""මොකද්ද ඩියෝගො....අපි නිකම්ම ඔලුව නවන් ඉන්න ඕනෙද උන්ටම රගන්න දීල බලාගෙන...""
මම කොට්ටෙන් ඩියෝගෝට රිදෙන්න පාරක් ගහන ගමන් කියුව
""ඉන්නව ඉන්නව හෙමින් කල්පනා කරලබලමු ..සමහරවිට කුමාරයට ශොට් එකක් දෙනවට වඩා මිනිහ තනිකරගෙන පොඩි චාටර් එකක් දීල මඩවන්නවත් චාන්ස් එකක් හොයාගන්න බලමු""
ඩියේගෝ එරමිනිය ගොතාගෙන වාඩිවෙලා දනහිස් දෙක උඩ තිබුන කොට්ටෙ බදාගෙන කල්පනා කරන්න උනා
""බඩී...අයිඩියා එකක් ආව ඔඩ්ලා ගෙන් උදවුවක් ගනිමු""
""කවුද ඔඩ්ලා...???""
""නිවියෝක් වලින් ආපු ලස්ස්න කෙල්ල...මිස් ටීන් ඇමරිකා උනේ ගිය අවුරුද්දෙ ""
""ආඅ...අර ඇජලීනාජොලීගෙ පොඩි වර්ශන් එක වගේ ඉන්න කෙල්ල නේද?""
""ආආ...කොල්ල එහෙනම් ඒකිට ලයින්පාරක් දාල වගේ""
""එහෙම ඉටුකෙහෙල් ගෙඩියක් නෑ යකෝ....ඒ කෙල්ල කීප සැරයක් මාදිහා බලනව දැක්ක නිසා මම්ත් හිනා උනා""
""තමුසෙට නෝට් උනාද ඒක...ඔඩ්ලා...තමුසෙට ක්‍රශ් වෙලා""
""මොකා...පිස්සු""
""පිස්සු නෑ ඕයි ...ඒකි උබට කැමතී...ඒකි විතරක් නෙමෙයි මෙතන ඉන්න කෙල්ලොන්ගෙන් වැඩි හරියක් තමුසෙට කැමති...ඒත් තමුසෙ හෙන ලොකු ඔලුවෙන් ඉන්නෙ...ඒක නිසා කවුරුත් ඩිරෙක් කතා කරන්න බයයි""

VIP ( වී අයි පී )Where stories live. Discover now