VIP5

1.4K 122 1
                                    

Ep 5
ජීවිතේ දිය සුලියකට අහුවෙලා වගේ වෙගෙන් ගහගෙන ගියා
මට කාලය හරහා මම ගෙවපු නිස්කලන්ක විවේකී ලමාකාලයට යන්න ඕනෙ උනත්
මම වටේ තියෙන හැම දේම මටත් වඩා වේගෙන් වෙනස් උනා
මගේ හියි ස්කූල් එක ඉවරවෙද්දිම අම්ම මාව මැසචුසෙට් ලෝ කොලේජ් එකට යැවුව නීතිය හා දේශපාලන විද්‍යව ඉගනගන්න
ඒ නිසා මම පුරුදු නිවු මෙක්සිකෝ ජීවන රටාවෙන් වෙන් වෙන්න සිද්ද උනා
අම්ම ගොඩක් දුර දැකල හරිම වෙලාවට හරිම දේ කරන කෙනෙක්
එයාට ඕනෙ උනා මාව එඩේරු මැද්දෙ ජීවත් වෙන ගොපලු ජීවිතෙන් අයින් කරල යැන්කි දේශපාලක්නයෙක් බවට පත් කරන්න
අම්මගෙ දේශපාලන ක්‍රියාකාරකම් මගෙයි තාත්තගෙයි ජීවිත වලට සෘජුවම බලපෑව
කලින් එපිසොඩ් වල විස්තර කරපු ඔස්ට්‍රේලියන් කන්ෆරන්ස් එකට යද්දි මට වයස 18යි
ඒ දවස් වල අපේ අම්ම නිවුමෙක්සිකෝ ප්‍රාන්ත් ච්න්දෙට ඉ ල්ලන්න සූදානම් වෙවී හිටියෙ
පොඩියට ඇමරිකන් පාලනේ ගැන කියන්නම් නැත්තම් කියවන අයට ග්‍රීක් වගේ තියෙයි මම කියන දේවල්
ඇමරිකාවෙ පාලන ක්‍රම දෙකක් තියෙනව ප්‍රාන්ත පාලනයයි සෙන්ට්‍රල් ගවන්මන්ට් එකයි (මධ්‍යම රජය)
ප්‍රාන්ත 50ක් තියෙනව ඒ එක එක ප්‍රාන්තයට ගැලපෙන නීති හදන්නෙ මේ ප්‍රාන්ත ආන්ඩු වලින්
රටටම බලපාන නීති හදන මධ්‍යම රජය කොන්ග්‍රස් එකයි සෙනට් එකයි කියල පාර්ලිමේන්තු දෙකකින් පාලනය වෙනව
මීට අමතරව ජනාධිපති විධායක විදියට රට පාලනය කරනව ශ්‍රේඨ අධිකරනය නීතිය ක්‍රියාත්මක කරන්න සහය වෙනව
වැඩිය කලබල වෙන්න එපා මගේ කතාව දේශපාලන කතාව දේශපලන කතාවක් වෙන්නෙ නෑ...ඒත් දේශපාලනේ මගේ ජීවිතේට ඈදිලා තියෙන නිසා එහෙන් මෙහෙන් ඒ විස්තර කියන්න වෙනව
අපේ අම්ම ප්‍රාන්ත ච්න්දෙ දිනුව වැඩකරන ජනතාව නිසා
අම්ම නිවුමෙක්සිකෝ ගොවිපලවල් වලට කර්මාන්තශාලා වලට ඔෆිස් වෙලට ගිහින් ඒවයෙ ඉන්න වැඩකරන මිනිස්සුන්ට වෙන අසාධාරනකම් ගැන සෘජුව කත කරා. ප්‍රාන්ත බලධාරීන්ගෙන් ගේම ඉ ල්ලුව. උද්ඝෝශනය කරා.
අම්මගෙ ආකර්ශනීය කතාව ලස්සන රූපය වගේම කතා කරපු මාතෘකා මිනිස්සුන්ගෙ සැබෑ ප්‍රශ්න නිසා මිනිස්සු අම්මට කැමති උනා
විශේශයෙන් අම්ම වැඩකරන පවුලක දුප්පත් ගෑනියෙක් මහන්සිවෙලා වැඩ කරපු කම්කරු සේවිකාවක් ඒනිසා අම්ම මිනිස්සුන් සැබෑ ප්‍රශ්න අත්විදල අත් දැකලා තියෙන නිසා අනික් අයට වඩා ඇනෙන විදියට ඒ ප්‍රශන් වලටබ් විසදුම් හොයන්න කතා කලා
අපි බලාපොරොත්තු උන විදියටම අම්ම චන්දෙ දිනුවා
ඒත් ප්‍රාන්ත ආන්ඩුවෙ මන්ත්‍රී කෙනෙක්ට ලොකු බලයක් නෑ
එහමයි කියල අම්ම නිකන් හිටියෙ නෑ
චන්දෙට කලින් තිබුන උනන්දුවෙන්ම දිගටම වැඩ කරා
ගොඩක් මන්ත්‍රීල ච්න්දෙන් පස්සෙ කිසි වැඩක් කරන්නෙ නෑ. තමන්ගෙ පහසුකම් ගැන විතරක් බලා පොරොත්තුවෙන් තමන්ගෙ වැඩ ටික විතරක් කරගන්නව
අම්ම නිතරම ජනමාධ්‍ය ඉදිරුයෙ පෙනීහිටිය්
අම්මගෙ රසකතා අහන්න නිතරම ටීවී වලින් පත්තර වලින් කැමරා මයික් දික්කරගෙන අම්ම ඉන්න තැන පිරුනා

VIP ( වී අයි පී )Where stories live. Discover now