ViP 33

717 61 0
                                    

Ep 33
"" අඩෝ මේක හරියටම පදින්න දනවද්""
""ඔවූ ඔවූ...දගලන්නෙ නැතුව එල්ලිලා ඉන්නව
මම ඊයෙ දවසෙම මේක පැද්ද""
"" මීට කලින් පැදලා තියෙද""
"" නැ ඊයෙ පුරුදු උනේ""
"" කලින් කියන්න එපැයි ගොනෝ...එහෙනම් අර බෝට්ටුවෙ එල්ලිලා යනවා""
පෝල් මගෙ කන ගාව ඉදන් කෑගහනව
මට එයා පැහැදිලි මදි මූදෙ සද්දෙයි ස්කූටියෙ සද්දෙයි නිසා
ස්කූටි කියුවට මේක වෝටර් ස්කූටියක්
මම ඊයෙ දවසෙම මේක පදින්න පුරුදු උනා...තාම හරියටම රැල්ල කපන් යන්න පුරුදු නෑ
ආආඅ...මට කියන්න බැරි උනා...මේ අපි නේවු අයිලන්ඩ් එකට යනගමන්
ඒක අපෙ තාත්ත අලුතෙන් ගත්තු දූපත
දූපතක් කියුවට හොඩක් ලොකු නෑ අක්කර 30ක් විතර තියෙන්නෙ
ලස්ස්නට නඩත්තු කරපු ගාඩ්න් එකක්
මැද්දෙ හෝටකයක් වගේ ලොකු ගෙයක් තියෙනව
පැත්තකින් නැවුම් වතුර පිරුන ලොකු පොකුනක් තියෙනව
ඒක මොනතරම් පිරිසිදුද කියුවොත් අඩි 15ක් විතර ගැබුරු පතුල වීදුර්
උවකින් බැලුව වගේ පැහැදිලිව පේනවා
මීට අමතර්ව බීච් වොලිබෝල් කෝට් එකක්
පාටි ඒරියා එකක්
ගොල්ෆ් ගහන්න තැනක් තියෙනව
මේකෙ වැඩ කරන්න 30ක් විතර හිටියත් අපි එන දවස් වලට තියාගන්නෙ 4දෙනෙක් විතරයි
අපිට මිනිස්සු ගොඩේ ඉදල එපා වෙලා
නිනිස්සු අඩුවෙන් ඉන්න ට්නැන් වලට තමයි අපේ ගෙදර අය වැඩිය කැමති

හවායි මුහුදෙ වතුර රස්නෙ නිසා ඕනෙ වෙලාවක පැනලා පීන්න්න පුලුවන්
ඩොල්පින් තල්මස්සු සීල් මාලු වොර්ල්ස්ලා පෙන්ගුයින්ලා පිරිලා ඉන්නව ලග දූපත් වල
හවසට උන්ව බලන්න බෝට්ටුවලින් යන්න පුලුවන්

හවායි රනර් වේ එකට පෝල් එයාගෙ ප්‍රයිවට් ජෙට් එකෙන් ආවෙ අද
මම ඊට කලින් දවසෙ ඩූම් සිටි එකේ නැවතුනා වෝටර් ස්කූටි පදින්න ඉගනගන්න
තාත්ත කලින්ම ගියා අපිට ගැලපෙන විදියට දූපත තියෙද බලන්න
ට්‍රේස් එයාගෙ කාපිරි පෙම්වතා ඉයන් එක්ක හෙලිකොප්ටර් එකෙන් අද හවස එනවා
අපි ලස්ස්න දවස් පහක නිවාඩුවක් ගතකරන්න ඔක්කොම ප්ලෑන් කරල තියෙන්නෙ

දෙවියන්ගෙ පිහිටෙන් මාරියාව නැති වෙලාවක්
මූද සන්සුන් නිසා මම වැඩ දාල ස්කූටිය පැද්ද අපි දෙන්න දෙපැත්තෙන් අඩි ගානක් උඩට වතුර විසිවෙන්න
"" මැට්ටො පුරුදු නැත්තම් වැඩි වැඩ දාන්න එපා දෙන්නම ගිලෙයි""
පිටිපස්සෙ එල්ලිලා හිටපු පෝල් මරහඩ තැලුවා
"" අවුලක් නෑ...පෙරලුනොත් ඔයාට පුලුවන්නෙ මාව ඇදගෙන කිලෝමීටර් 2ක් පීන්න""
එයා ශර්ට් එක නැතුව තැබිලි පාට ලයිෆ් සේවින් ජැකට් එක විතරක් ඇන්දම ලස්ස්නයි
මම තව ටිකක් ඇක්සලරේටර්‍ර දීල ස්කූටිය රවුමක් කැරකුවා
අපි ලගින්ම බෙලූගා තල් මහෙක් උගෙ අලුසුදුපාට පිටිපස්සෙ වරල උස්ස උස්ස පීනගෙන ආව
"" පෝල් ගෙනාපු මාලු ටික බෙලූගාට විසිකරන්න""
මම කියපු ගමන් ලොකු ට්‍රවුට් මාලුවෙක් පෝල් මමයි එයයි අතරෙ තෙරපගෙන ඉදපු බෑග් එකෙන් උඩට් විසිකරා
බෙලූගා වල්ගෙන් ලොකු ගැම්මක් අරගෙන අසට උඩ පැන්නා මාලුව අල්ල ගන්න
ඌ වතුරට වැටෙද්දි ඒ ලගින් ගිය අපි ලොකු රැල්ලකින් නෑවුන
"" මේක නියමයි...මම මෙහෙම සතුටුවෙලා නෑ කවදාවත්""
"" ඒකනේ සතුටු වෙන්න විනෝදෙ අදුනන කූල් මිනිස්සු එක්ක ඉන්න ඕනෙ මාලිගාවෙ ඉන්න බිග් හෙඩ්ලා එක්ක ඉද්දි සතුටුවෙන්න බෑනෙ""

VIP ( වී අයි පී )Where stories live. Discover now