VIP 13

855 109 1
                                    

Ep 13
ඊලග දවසෙ අපිට තිබුනෙ ලමා රෝහලක් බලන්න යන්න
මමයි කුමාරයයි එකම වාහනේ යන්නයි ප්ලෑන් කරලා තිබුනෙ
ජැකී උදෙන්ම මාව නැගිට්ටන්න දොරට තඩිබානව
"" ඇයි ජැකී ඔය ඔලුබක්ක කුමාරයට මෙහෙට එන්න කියන්න බැරි...මගේ තැන ඉදල ශාන්ත ඇන්ඩෲ (ලමා රෝහල) එකට තියෙන්නෙ කිලෝමීටර් 5යි....මම කිලෝමීටර 20ක් මාලිගාවට් ගිහින් ආයෙ ඒ පාරෙම කිලෝමීටර් 25ක් එන්න ඕනෙ මෝඩ කුමාරය එක්ක....මට තව විනාඩි 20ක් නිදාගන්න පුලුවන්""
"" බොරුවට කියවන්න එපා ඇලෙක්ස්...සූදානම් වෙනව...කුමාරය එක්ක එන විනාඩි 20 අපතෙ යන්නෙ නෑ ...ඔයා කුමාරය එක්ක කතා කරලා යාලුවෙන්න ඒ වෙලාව ප්‍රයෝජනයට ගන්න...මේ සති දෙක ඉවර වෙලා යද්දි කුමාරය ඔයාව හොද යාලුවෙක් කියන එක ඇමරිකන් බ්‍රිතාන්‍ය මාධ්‍ය වලට කියන්න ඕනෙ...ඒකයි අපේ ටාස්ක් එක""
"" සති දෙකක් කියන්නෙ ගෑනියෙ ලොකු කාලයක්...මම මෑරිලා තියෙන්නත් පුලුවන් ඒ වෙද්දි...මේ පීඩනේ දරාගන්න බැරුව""
""මැරුනොත් මම තමුන්ව හොදම පෙට්ටියක දාලා ඇමරිකාවට ගෙනියන්නම් දැන් ගිහින් සූදානම් වෙනවා""
ඇස් ගුල්ලි කලු අවතාරෙ මගෙ කම්මුලට තට්ටුවක් දාලා කියුවා

""අද කුමාරය මුන ගැහෙන්න බෑ...එතුමාට විශේශ වැඩක්...හෙට එන්න""
කුමාරයගෙ මාලිගාවෙ විශාල දොර මුරකරන කලු උස කෝට් ඇදපු ආරක්ශකයො කියුවා
"" ඒක මොන කතාවක්ද...කොහොමද එයා මිනිහෙක්ගෙ කාලෙ නාස්ති කරන්නෙ,,අපිට එපොයින්මන්ට් එක දුන්නනම් එයා ෆ්‍රී වෙලා ඉන්න ඕනි""
මම තරහෙන් කියුවා
"" මේක හදිස්සියෙ වැටුන වැඩක්...හෙට එන්න""
ආරක්ශකයත් කුමාරයගෙ ගෙම්බර් එක හිතට අරගෙන වගේ
"" මේ මිස්ටර් තමුන් දැනගන්නව...මම ඇමරිකාවෙන් ආපු විශේශිත ඩෙලිගේට්ස් කෙනෙක්...මට අපහාස කරා කියන්නෙ ජනපදයටම අපහාස කරා හා සමානයි...මේ දැන්ම වයිට් හවුස් එකට මම කම්ප්ලේන් කරනව""
මම ටිකක් තදට කියා හිටියා
කුමාරයෙකුයි ජනාධිපති පුතෙකුයි අතරෙ වෙන ඕන දෙයක් වැඩි දුර ගියොත් රටවල් දෙකක් අතර සටනක් උනත් වෙන්න බැරිනෑ...ඒක නිසා වෙන්න ඇති ආරක්ශකයන්ගෙන් කීපදෙනෙක් කුමාරය හොයාගෙන මාලිගාව ඇතුලට ගියා
"" කුමාරය අශ්වහලේ ඉන්නව...ඔබට විතරයි එහි යාහැක්කේ..ඊට පෙර තමුන්ව තදින් සෝදිසි කරන්න අපිට අන ලැබිලා තියෙනවා""
මේක මහ වදයක් මම අලි හොරෙක් වගේ බිත්තියට තද කරලා ඇග පුරා සෝදිසි කාරා...මම ඇදපු ඕපන් කෝට් එකයි ලිනන් සුදු කමීසෙයි පොඩි උනා...මාත් කුමාරය වගේ පෙනෙන්න අද කැශුවල් අදින්නෙ නැතුව සෙමි ෆෝමල් ඇදගෙන ආවා
විශාල කොලපාට තන බිම....ඩොනල් ට්‍රම්ප් ජනාදිපති තුමාගෙ පාල්ම් බීච් ගොල්ෆ් පිට්ටනි වලට වඩා විශාලයි
සුදු ලස්ස්න වැටවල් ගහපු විශාල තන පිට්ටනි වල් ලෝකෙ වටිනම අශ්වයො හිටියා

VIP ( වී අයි පී )Where stories live. Discover now