VIP 49

646 63 0
                                    

Ep 49
අපි මේක දුකෙන් කියනවද
එහෙම නැත්තම් විහිලුවක් වගේ කියනවද""
"" දුකෙන් කියුවොත් මිනිස්සු ඔයගෙ පෞර්ශය ගැන ප්‍රශ්නකරාවි
ශක්තිමත් කවුබෝයිස්ලා බෙල්ල ගැලවුනත් අඩන්නෙ නෑ""
"" එහෙනම් විහිලුවෙන් කියමු...අපහාසකෑලකුත් එක්ක""
"" එපා එපා...එතකොට මිනිස්සු මේක සරලවගනීවි ...ඔබව විහිලුවකටම ගනීවි""
"" මම නම් හිතන්නෙ දුකත් නැති සතුටත් නැති මූඩ් එකකින් කියන්න හැබැයි වචන වලින් පුතා ඔයා මිනිස්සුන්ව සන්වේදීකරන්න ඕනෙ"

මාධ්‍ය සාකච්චාවට සියල්ල සූදානම් කරලා ලෝකයේ ගොඩක් මාධ්‍යනාලිකා වලට වෙල්මා ආරාධනාකරලා...වයිට් හවුස් ඕවල් මීඩියා කන්ෆර්න්ස් රූම් එක 500ක විතර සෙනගකගෙන් පිරිලා
අම්මයි මමයි තාත්තයි ඇතුලට යන්නෙ නැතුව කතා කර කර හිටියා
තාත්තගෙ අදහස මම අඩන්නෙත් නැති හිනාවෙන්නෙත් නැති මූඩ් එකකින් මේ කතාව කරන්න ඕනෙ කියලයි
මම ශාලාවට ඇතුල් වෙද්දි ගුමු ගුමු ගගා තිබුන ශාලාව නිශ්ශ්බ්ධ උනා
ඇස් 1000කට වඩා කෙලින්ම මම දිහා බලන් ඉද්දි පාපොච්චරනය කරන එක ලේසි නෑ
ඒත් හිත තදකරන් ඒක කරන්න ඕනෙ මමයි කුමාරයයි වෙනුවෙන්

මම රටට ආදරේ කරන මට පැවරෙන වගකීම පුලුවන් උපරිමයට ඉටුකරන සාමාන්‍ය ඇමරිකානු තරුණයෙක්
මගේ පෙර පියවරුන් මේ රට ගොඩ නගා ඇත්තේ නිදහස සමානාත්ම තාවය විවිද්ධත්වයට ඇති පිලිගැනීම වැනි ගුණධර්ම මතයි
ඒ නිසාම අපි ලෝකයේ බලවත්ම ජාතියවීසිටිනව
එසේනම් ඇයි මේ රටේ තරුණයෙක්ට වියස්තානුකූලව හා පවතින පිලිගත් නීතිරාමුව ඇතුලේ ආදරේ කරන්න බෑරි
මේක ගෝත්‍රික රටක් නෙමෙයි ආදරේට ඉ රි ඇදලා කොටුගහලා සීමාකරන්න
ආදරේ කියන්නෙ හැගීමක් ඒකට වයසක් ලින්ගබේදයක් ජාතියක් හමේපාටක් අදාල නෑ
දෙවියන්වහන්සේගේ කැමැත්ත අනුව මගේ හිත තරුනයෙක්වෙත බැදුනා
ඒ තරුනයා බ්‍රිතාන්‍ය කුමාරයාම වීම ධෛවයේ සරදමක්
ඒක එහෙම උනා කියල අපි දෙන්නව දිගටම විවේචනය කරමින් අපහාසකිරීම් පිලිගත්හැකි දෙයක්දැයි මම දන්නෙ නෑ
යමෙකු වරදක් කර ඇත්නම් දඩුවම් විදීම අපහාසවිදීම සාධාරනයි
ඒත්....ආදරය කිරීම දඩුවම් ලැබියයුතු වරදක්දැයි තීරනය කිරීම ඔබ සතුයි
මාහා කුමාරයා අතර හුවමාරු උන විද්‍යත් පනිවිඩ සොරාගෙන ඒවා සැමතැනම බෙදාහැරීම කිසිසේත්ම පිලිගත හැකක් නොවේ
ඔබ ඒ විද්‍යත්පනිවිඩ කියෙවුවානම් තේරුම් යයි අපි දෙදෙනාම අපි දෙදෙනාගේ රටවලට මොනතරම් ආදරය කරනවද අපි අපේ රටේ අනාගතය මොනවගේ වියයුතුද යන්න කොයිතරම් දුරට සාකච්චාකරල තියෙනවද කියන එක
ඒ අනුව අපි දෙදෙනාම වගකිවයුතු වැඩිහිටියන් ලෙස කටයුතුකර ඇතිබව අපක්ශපාතීව ඒවා කියැවූ කෙනෙක්ට තේරුම් යාවි
එපමනක් නොවෙයි...ලින්ගික හැසිරීම යනු අතිශයින් පෞද්ගලික සෑම සතෙකුටම උරුම දෙයක්
නීරෝගී සෞක්‍ය තත්වයක් මානසික තත්වයක් හා ආදරනීය හැගීම් ඇත්තන්ට ලින්ගිකව හැසිරීමට අවශ්‍යබවත් එය පුද්ගල නීරෝගීබවේ සන්කේතයක් බවත් වයිද්‍ය පිලිගැනීමයි
එසේ හෙයින් මාගේ ලින්ගික දර්ශන බලමින් එය රසවිදීම හෝ ව්වේචනය කිරීම අතිශයින් ප්‍රාතමික ක්‍රියාවක්
ඕනෑම සමලින්ගිකයෙකුට තමා කැමති කාල රාමුවකදී තමන් සමලිගික බව පිලිගැනීමට අයිතියක් ඇත
අවශ්‍යනම් ජීවිතකාලයේම තම ලින්ගික නැමියාව ප්‍රකාශනොකර සිටීමටද ඔවුන්ට අයිතියක් ඇත
නමුත් ඔවුන්ගේ ලින්ගිකත්වය බලෙන් පිලිගත නොහැකි අවස්තාවක ලොවට හෙලිකිරීම නින්දිතම ක්‍රියාවකි
මේ සිද්දියෙන් මමත් කුමරයානනුත් අතිශයින් අපහසුතාවට හා කලකිරීමට පත්වී සිටිමි
අප අපහසුතාවට පත් කිරීමට කවුරුන් හෝ සිදුකරන නින්දිත ක්‍රියාව සාධාරනීකරනය කිරීමට ඔබ වැනි යුට්ක්තිගරුක පුරවැසියෙකුට හැකිදැයි ඔබම සිතා බලන්න
අපට අපහාසකිරීමෙන් විවේචනය කිරීමෙන් හෝ අපට හිරිහැරකර් ඝාතනය කිරීමෙන් සමලින්ගිකත්වය තුරන්කල නොහැක
මන්දයත් අනාගතය පුරාම සමලින්ගික නැමියාවන් සහිත දරුවන් බිහිවීම වැලැක්විය නොහැකි බැවිනි
මමත් කුමාරයාත් අපේ රටවල් වලට රටේ පුරවැඩියන්ට ආදරය කරමු අපගේ තරුන කාලය රට ගොඩ නැගීමට නායකත්වය දීමට වැයකරමු
ආදරය කිරීමේ වරදට අපදෙදෙනා විනාශකිරීම සාධාරනය කිරීමේ වගකීම ඔබට පවරා දෙමින් මම නිහඩවෙමි

VIP ( වී අයි පී )Where stories live. Discover now