VIP 37

570 67 0
                                    

Ep 37
මම බයෙන් හිටියෙ ඔක්කොම වැඩ අවුල් වෙලා කියල
ඒත් වෙල්මා ඒ ඔක්කොම වැඩ හරියටම කරලා තිබුනා
ඒක හිතට සැනසිල්ලක්
වෙල්මා කියන්නෙ විශම කර්ම හැකියාවක් තියෙන කෙනෙක්
මම් පටලවල තිබුන හැම වරදක්ම නිවැරදි කරලා තිබුනා
මම හරියට හොයල බලපු නැති නිසා අපිට ලැබෙන ආධාර මුදල් පොඩි පොඩි ගිනුම් කීපෙකටම යනව
ඒ වයෙන් සමහර මුදල් අයතාවිදියට භාවිතාවෙනව
කැම්පේන් එකට සම්බන්ද හොද අය ගොඩක් මැද්දෙ කපටි කීප දෙනෙක් ඉන්නව
එයාල චන්ද වැඩ වලට කියල සල්ලි අරන් පෞද්ගලික දේවල් වලට සල්ලි යොදවල
මම මිනිස්සු ගැන සැක නොකරන නිසා මට එහෙම දෙයක් හිතුනෙම නෑ
ඒත් වෙල්මා ඔක්කොම ගිනුම් බලලා අපතෙ යන සල්ලි හොයාගෙන ඒව ඔක්කොම මධ්‍යම ගිනුමකට බැර කරපු නිසා අපිට ඇතිවෙනකන් සල්ලි තියෙනව ච්න්ද වැඩ වලට වියදම් කරන්න
ඒවගේ වෙල්මා ඉන්න හැමෝවම උපරිම විදියට ප්‍රයෝජනයට ගන්න නිසා
මට වඩා වැඩි පොකට් රැස්වීම් ගානක් තියල
එක විශාල රැලියකට වඩා පොකට් මීටින් (මිනිස්සු 50ක් විතර එන පොඩි රැස්වීම් ) හරිම පලදායී
එතකොට අපිට කුඩා කුඩා ජන කොටස් වලට ගැලපෙන විදියට අපේ කතා වෙනස් කරන්න පුලුවන්
මම ලෙඩ නිසා වෙනත් කතිකයො එවනව කියල මගේ ච්න්දවැඩ වල හිටිය හොදට කතා කරන කැම්පස් කොල්ලො කෙල්ලො ඒ රැස් වීම්ම්වලට යවල කතා පව්ත්වන්න
ඒ ලමයි මාව දේවත්වයට්නන්වල කතා පවත්වනව...මම පූජනීය පුද්ගලයෙක් වගේ දැනෙන්න
මට ඒව අහල ලැජ්ජත් හිතුන
මගේ ඒතරම් හොද ගති ඇත්තෙත් නෑ
පුම්බල මුරුන්ග අත්තෙම තියල

"" වෙල්මා ඇයි හලෝ මාව මේතරම් පුම්බලා කතා හදල දුන්නෙ මේව අහල මටම ලැජ්ජයි""
"" අනේ මේ ඇලෙක්ස් මගෙ කට අවුසගන්න එපා...
ගෙබි කුමාරයෙක් සුපර් මෑන් කෙනෙක් වගේ පෙන්නුවෙ නැත්තම් මිනිස්සු මිනිස්සු ච්න්දෙ දෙන්නෙ නෑ""
"" ඕඔ...වෙල්මා අපහාසකරන එක කලවක් නම් ඔයා තමයි ඒකෙ ක්ශේශ්පියර්...ඒතරම් මිනිසුන්ට අපහාසකරනව මූනටම""
"" මේ ඇලෙක්ස් මම ඔයාට ගෙබි කුමාරය කියුව හොද වැඩී...ඇටිකිච්චා කියලයි කියන්න ඕනෙ කරන බූරු තකතිරු වැඩ වලට
ඔවූ මම අපහාසකරනව..අපහාස විදින්න ඕනෙ එකාව වැලලිලා යන්නම
ඒත් මම කවුරුත් නැති තැන එයාගෙ වැරදි කියන්නෙ නෑ""
"" ඇයි ඔයා මේතරම් අපි ගැන වද වෙන්නෙ""
"" මම බලු මැකෙක්....බල්ල මෝඩ විදියට දඩාවතේ ගිහින් වතුර වලකට වැටිලා මැරුනොත් මැක්කත් ඒ එක්කම මැරෙනව
ඒක නිසා මම ඔයයි ඔයාගෙ අම්මයි තාත්තයි හරි පාරෙ අරගෙන යන්න ඕනෙ මගේ ගැලවිල්ලට""
"" ඒත් අපි මෝඩ නම් ඔයා ඇයි අපේ පවුලෙ එල්ලිලා ඉන්නෙ හොද බල්ලෙක් හොයල පැනගන්න එපැයි""
"" ඔයාල මෝඩ නිසයි මම ඔයාල එක්ක ඉන්නෙ
නුවනක්කාර බක පන්ඩිතයෙක් එක්ක හියියනම් මට ඕනෙ විදියට ඌ වැඩ කරන්නෙ නෑ
ඌට ඕනෙ විදියට මට වැඩ කරන්න වෙනව
මට කාගෙවත් ඕඩර් වලට වැඩ කරන්න කැමති නෑ
දෙයෛයන්ගෙ පිහිටෙන් ඔයාගෙ අම්ම මම කියන විදියට වැඩ ටික කරගෙන යනවා ..ඒක මට සැනසිල්ලක්...මගෙ උපදෙස් වලට අනුව වැඩ කරා කියල ඔයාගෙ අම්ම කවදාවත් අමාරුවෙ වැටුනෙ නෑනෙ""

VIP ( වී අයි පී )Where stories live. Discover now