VIP 12

947 105 0
                                    

Ep 12
""මෝඩයෙක් ..මැට්ටෙක් ...බූරු තඩියෙක්...වැලි මීයෙක්""
වෙල්මා පුටු කොට්ටයක් අරගෙන මට ගහන්න පන්නනවා
එයාට හොදටම තරහ ගිහින්
මම විසිත්තකාමරේ වටේ දුවලා මහන්සියට පුටුව උඩ වැටිලා හති ඇරියා
""බලනව වෙල්මා සිද්ද උනදේ සිද්දවෙලා ඉවරයි...මේ හානි පූර්නය කරගන්න ක්‍රමයක් කියනව ( ඩැමේජ් කන්ට්‍රෝල්)""
""ඒකට තියෙන්නෙ එකම ක්‍රමයයි...තමුන් ගිහින් කුමාරයගෙන් ප්‍රසිදියෙ සමාව ගන්නව'"
""සමාව ගන්න මම....ඒ ගෙබි කුමාරයගෙන්...උද්දච්ච පබයා""
""වහගන්නව ඔය හැකරකට""
""මම හරිම අමාරුවෙන් මාලිගාවෙන් අවස්තාව ඉ ල්ලගත්තා මේ ගැන කතාකරන්න
රැජින ඉන්නෙ ගොඩක් තරහගිහින්
කුනාරයගෙ ලේකම් කැමති උනා අවස්තාවක් දෙන්න
මැට්ට...තමුන් ගිහින් කුමාරයගෙන් සමාව අරන් කුමාරය එක්ක දවස් කීපයක් ගතකරලා...ටීවී ඉන්ටර්විවු එකක් පත්තර සාකච්චාවක් එක්කම සුබසාදන වැඩ කීපයක් කරලා එන්න ඕනෙ
ඇත්තටම පෙන්වන්න ඕනෙ තමුසෙ කුමාරය එක්ක කිසිම තරහක් නෑහරිම යාලු බව""
""මේ වෙල්මා මේක මට ඕනවට වඩා තද දඩුවමක්...ඕනෙනම් මාව බ්‍රිතාන්‍ය හිර කුලුනක රදවන්න කියනව බරපතල වැඩ ඇතුව
මම ඒක කරනව...මේ පගර නැට්ටන්ලග දනින් වැටෙනවට වඩා කැමැත්තෙන්""
""ඇලෙක් මේක තේරුම් ගන්නව....තමුන් සමාව ගන්න එක ඇමරිකාවට හරිම වැදගත්....මේක බ්‍රිතාන්‍ය තේරුම් අරගෙන ඉන්නෙ ඇමරිකාව එයාලගෙ රටට ප්ලෑන් කරල කරපු අපහාසයක් විදියට
ඒ ගැන බ්‍රිතානy අගමැති ක්ඩ්ලින්ම අපේ රාජ්‍ය ලේකම්ට පැමිනිලි කරලා
වොශින්ටන් වල ඉන්න බ්‍රිතානy මහකොමසාරිසුත් දවලමන්දිරේටම ඇවිත් ම්ට හොදටම බැනලා ගියා""
රුසියාව යුක්‍රේනෙට මිසයිල ගහනව වගේ එක දිගට වචන ගොඩකින් වෙඩි තියපු වෙල්මා තරහෙන් පුපුර පුපුර ෆයිල් එකක් මගෙ මූනට විසිකරා
"" මේකෙ කුමාරය ගැන විස්තර ඔකෝම තියෙනව...මේක කියවනව...කුමාරය කන්න කැමති දේවල් බලන්න කැමති ෆිල්ම්...යන්න කැමති තැන්..අදින විදිය""
""සමාවෙන්න සමාවෙන්න...,මට පොඩි ප්‍රශ්නයක් තියෙනව ...මේකෙ කුමාරය අඩි හයයි අගල් 2ක් උසයි කියල ලියලා...මගේ උසම වෙන්නෙ කොහොමද මම හොදට දන්නව මිනිහ මට වඩා අගල් තුනක් කොටයි""
""අයියෝ...ඇලෙක්ස් ...ඔයා මේ වැඩෙත් කෙලවගෙන තව් ප්‍රශ්නයක් දාගන්න යන්නෙ...කුමාරයා අගල් හතක් උසයි කියනවනම් එතුමා හතක් උසයි...අපිට අයිතියක් නෑ ෆැක්ට් චෙක් කරන්න""
"" ඒක හරිම අසාධාරනයි""
""නෑ ඒක සාධාරනයි...කට වැහුවෙ නැතොත් ඔබනව මේ කොට්ටෙ කටට
මට මගේ වෘත්තීය ජීවිතේ මුනගැහුන වැඩ කරන්න අමාරුම සේවාදායකය තමයි තමුසෙ""
'"ඒ තරම් අමාරුනම් දාල යන්නකො""
ඒපාරනම් වෙල්මා ඇත්තම රිදෙන්න මට ගැහුවා
මොනව උනත් වෙල්මාගෙ අදහස් නැතුව අම්මට මේ තනතුර කරගෙන යන්න අමාරුයි

VIP ( වී අයි පී )Where stories live. Discover now