VIP 14

854 107 1
                                    

Ep 14
ශාන්ත ඇන්ඩෲ රෝහල ලෝකෙ තියෙන හොදම ලමා රෝහලක්
ඒක පවත්වාගෙන යන්නෙ රජ මාලිගාවෙන් දෙන ආධාරවලින්
බ්‍රිතාන්‍ය ඉන්නෙ ඕනෙම දුප්පත් දරුවෙක්ට නොමිලේ බෙහෙත් ගන්නත් පුලුවන්....පෝසත් අයගෙන් නම් සල්ලි අයකරනව
මේ රෝහල මේ තරම් ප්‍රසිද්ද හොදම වද්‍යවරු හොදම හෙදියන් හොදම බෙහෙත් හා හොදම උපකරන නිසා විතරක් නෙවෙයි...ඒකෙ තියෙන අපූරු වටපිටාව නිසා
ඉස්පිරිතාලෙක ඉන්න බවක් තේරෙන්නෙ නෑ
හිතෙන්නෙම ඩිස්නිලන්තෙ ඉන්නව වගේ
හැම තැනම කාටූන් පිලිම චිත්‍ර සෙල්ලම් බඩු හරිම ලස්සනයි
කුමාරයායි මමයි එකම වාහනේ ගියේ
අපි යනකන් අශ්වයො ගැන කතා කරා...එයා අශ්වයො ගැන දැනගන්න ආසයි...මට අශ්වයො එක්ක වැඩ කරලා පුරුදුයි
මම කියපු දේවල් ආසාවෙන් අහන් හිටියා
කුමාරය එක්ක කාර් එකේ මූනට මූන බලන් එන එක හිත කරදර කරන දෙයක් වෙයි කියල හිතුනත්...ඒක ඒතරම් නරක නෑ
පුරුදු විදියටම අපේ වාහනේ ඉස්සරහින් පිටිපස්සෙන් ආරක්ශක වාහන පේලියක් ආවා
කැමරා උස්සගත්ත මාධ්‍යකාරයොත් ආවා
අපිව බලන්න විශේශයෙන් කුමාරය බලන්න සෙනගත් ඇවිත් හිටියා
මමයි කුමාරයි මුලින්ම පිලිකා වැලදුන දැරුවන්ව උද් යෝගීමත් කරන කතාවක් කරන්න තිබුනේ
අවුරුදු 3 ඉදල 12 විතර වෙනකන් ලමයි එතැන හිටියා
කුමාරය මුලින්ම කතා කලේ
"" දන්නවද මෙයාව""
"" නෑ නෑ"" ලමයි කෑගැහුවා
"" දන්නවද මාව""
"" අපේ ආදරනීය කුමාරය""
කුමාරය ඔලොක්කුවට වගේ මට හිනා උනා...
මම ඒක ගනන් නොගෙන ලමයින්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා
""ඔයාල ලොකු වෙලා වෙන්න කැමති කවුද?""
ගොඩක් ලමයි කියුවෙ නර්ස් කෙනෙක් වෙන්න කැමතී කියලා
මොකද මේ රෝහලේ එයාල ලගින්ම වැඩ කරන්නෙ නර්ස්ල එක්කනේ
ඒ අතරෙ හිටියා අවුරුදු හතරක විතර අපූරු පොඩි කොල්ලෙක්
එයා අත ඉස්සුවා
"" ඔවූ කියන්න පුතා""
මම බබාට අවස්තාව දුන්නා
"" මට ලොකු වෙලා කුමාරයෙක් වෙන්න ඕනෙ...ඒකට මම මොකද කරන්න ඕනෙ""
පොඩි එකාගෙ උත්තරේට මට හිනාගියා
"" ඔයා දැනටම කුමාරයෙක්...ලොකු වෙලා ලොකු වෙලා රජකෙනෙක් වෙන්න ඕනෙනම් ..හොදට ක්‍රීඩා කරන්න...නායකයෙක් වෙන්න ඉගන ගන්න""
මම පොඩි එකා වඩා ගන්න ගමන් කියුවා
"" ඒත්....මග එහෙම බැරිවෙයි....මට තියෙන්නෙ පිලිකාවක්....ඉක්මනින්ම මම දෙවියන් වහන්සෙ ලගට යනවා""
මගෙ පපුව පිච්චිලා ගියා
කුමාරයත් ශොක් උනා
"" නෑ එහෙම වෙන්නෙ නෑ...බබා...ඔයාට හොද වෙනව""
කුමාරයා හිටපු තැනින් නැගිටලා ඇවිත් කියුවා
""මම කැමතී දෙවියන් ලගට යන්න...මගේ අම්මයි තාත්තයි ඉන්නෙත් එහේනෙ""
"" සුදු බබා...ඒ අය කැමතී ඔයා මේ ලෝකෙ ඉදලා රජෙක් වෙලා වයසට ගියට පස්සෙ දිව්‍යලෝකෙ එනවට...ඒ නිසා ඔයා රජ කෙනෙක් වෙන්න වැඩකරන්න ඕනෙ""
මම බබාව අතගාන ගමන් කියුවා

VIP ( වී අයි පී )Where stories live. Discover now