vip 44

623 66 0
                                    

Ep 44

මේ මගුල මට එපා වෙලා තියෙන්නෙ
එකම දේ ආයෙ ආයෙ වෙන එක දරාගන්න අමාරුයිනේ
ඩියෝගෝ එනව මොනව හරි කරනව
පෝල් ඒකට අවුල් ගන්නව
මාව දාල යනව
මම පිස්සෙක් වගේ එයාව හොයනව
මෙහෙම සෙල්ලම් කරන්න පුලුවන් කොලේජ් ඉවර වෙලා පාට්න්ටයිම් ජොබ් කර කර ඉන්න කොල්ලෙක්ටනම්
ඒත් මම ගැන මිලියන ගානක් මිනිස්සු බලා පොරොත්තු තියන් ඉන්නව
ගොඩක් අය මගේ චන්ද ව්‍යපාරය වෙනුවෙන් තමන්ගෙ වැඩත් පාඩු කරගෙන කැපවෙනව
එහෙවු එකේ මට බෑනෙ අඩ අඩා පිස්සු කොල්ලෙක් වගේ පෝල්ගෙ පස්සෙන් යන්න
එයත් තේරුම් ගන්න ඕනෙ තියෙන තත්වෙ
පොඩි ප්‍රශ්නයක් ඇති උන ගමන් ඉබ්බ කටුවට රින්ග ගන්නව වගේ පෝන් ඕෆ් කරන් මාලිගාවල් ඇතුලෙ හැන්ගෙනව

මම දුක වැඩි කමට හිතෙන් බැන බැන මගේ ගිනුම් වාර්තාව්ල් පරික්ශා කරා
ඒව ලොකු අවුලක් නැතුව යනව වෙල්මට පින්සිද්ද වෙන්නෙ
අපිට තවත් ච්න්දයක් කරන්න පුලුවන් තරමට සල්ලි එකතු වෙලා තිබුන මහ ජනාතවගෙන්
එක පාරට දොර ඇරගෙන ට්‍රේස් කාමරේට කඩා පාත් උනා
"" ආඅ...ඔයා ආව එක හොදයි ට්‍රේස් මම ලොකු උදවුවක් ගන්න මග බල බල හිටියෙ ,කරුනාකරල බියට්‍රිසිට කෝල් එකක් අරන් දෙන්නකො ලොකු හදිස්සියක්""

"" මේ මම ආවෙ ඒ ගැන කියන්නමෛ...බියට්‍රිස් කුමරිය මේ දැන් මට කතා කරා""
"" ඇයී...පෝල්ට ගොඩක් තරහ ගිහිල්ලද""
"" පෝල්ට නෙමෙයි රජපවුලෙ ගොඩක් අයට තරහ ගිහිල්ලා"
"" ඇයි ඒ මොකද""
"" ඔයාල දෙන්නගෙ වීඩියෝ පොටෝස් වගයම් රැජිනට යවල"'
"" ආඅ....අයියෝ...මොනවා???""
"" ඔවූ ඒක මහ විශාල කරදරයක් වෙලා...
රැජිනට හොදටම තරහගිහින් පෝල්ව මාලිගාවෙ හිර කරල
එලියට යන්න බෑ...පෝන් කෝල් ඔකෝම තහනම්""
"" අනේ දෙයියනේ....මේක මහ අසාධාරනයක් නේ
එයා ප්‍රන්ශෙ ඉදල එක පාරට මටත් නොකිය මාලිගාවට ගිහින් කතා නොකර ඉද්දි මම හිතුවෙ එයා මාත් එක්ක තරහ වෙලා කියලයි
ඒත් මම හීනෙකින්වත් හිතුවෙ නෑ මේ වගේ දෙයක් වෙයි කියල"
"" ඔවූ බියට්‍රිස් මට කිවුවා...කුමාරය ප්‍රන්ශෙ ඉද්දි රැජින අන දීල කුමාරයව වහාම මාලිගාවට අරගෙන එන්න කියල...එද්දිම ඔක්කොම ෆෝන් ආරක්ශකයො අරගෙන""
"" ඒක කොහොමද වෙන්නෙ ...පෝල් ලග හිටියෙ එයාගෙ මිනිස්සු""
"" ඒ කුමාරය හිතාගෙන ඉන්න විදිය
ඔය මොන ආරක්ෂකයත් රැජින අණ දුන්නොත් තමන් පොඩි කාලෙ ඉදලම ලගින් හිටපු කෙනා උනත් අත් අඩන්ගුවට ගන්නව""
"" අනේ මන්දා...මට කිසිදෙයක් තේරෙන්නෙ නෑ මම කොහොමද පෝල්ට උදවු කරන්නෙ...මට මෙහෙම ඔෆිස් එකට වෙලා වාඩි වෙලා ඉන්න බෑ එයා එහෙ දුක් විදිද්දි""
""ඇලෙක්ස් මට කනගාටුයි කියන්න අමාරු හරිය තියෙන්නෙ ඉස්සරහට
ඔය රැජිනට යවපු වීඩියෝ වැඩි දවසක් නොගින් ජනමාධ්‍ය අතට යයි
ඊට පස්සෙ ඔයාටත් සිද්දවෙයි මිනිස්සුන්ට උත්තර දෙන්න
වාසනාවට ඔයාගෙ අම්ම තාත්ත පටු අදහස් තියෙන අය නෙමෙයි
ඒ නිසා ඔයාට පවුල ඇතුලෙන් ප්‍රෙශර් එකක් නෑ
ඒත් ඔයා නිකම්ම කොල්ලෙක් නෙමෙයි දේශපාලකයෙක්
ඔයාට මිනිස්සුන්ට උත්තර දෙන්න වෙනවාමයි
කරුනාකරල වෙල්මගෙන් උපදෙස් අරගෙන මේ ප්‍රශ්නෙන් ගොඩයන විදියක් හදාගන්න වෙයි
ඔයා ගොඩක් මහන්සියෙන් ටිකින් ටික ගොඩ නගපු ච්නද ව්‍යපාරෙ එක දවසකින් විනාශවෙලා යන්න දෙන්න එපා""
""මේ ට්‍රේස් විකාරනම් කියවන්න එපා...
මොන චන්ද ව්‍යපාරයක්ද...ඒක බල්ලට දාන්න
මට ඕනෙ පෝල් බේරගන්න...එයාට තනියෙම විදවන්න දෙන්න බෑ
තනි අතින් අත්පුඩි ගහන්න බෑ
අපි කලේ පවක් නම් එයයි මමයි දෙන්නටම දඩුවම් කරන්න ඕනෙ""
"" ඇලෙක්ස් ,..මාලිගවාට් බෑ ඔයාට මුකුත් කරන්න
ඔයා ඇමරිකාවෙ ජනාධිපතිගෙ පුතා""
""මට මුකුත්න්කරත් කමක් නෑ උන් පෝල්ට මොනව හරි කරොත් මම උන්ව යහතින් තියන්නෙ නෑ...මම ඔය මාලිගාව විනාශ කරල මාත් මැරෙනව""
"" ඕ...ඒක ගොඩාක් බයානක කතාවක්
දෙයියන්ගෙ නාමෙන් කලබල වෙන්න එපා ඇලෙක්ස්
ලොකු හුස්මක් ගන්න
ඔයාගෙ අම්ම තාත්ත වෙල්මා ඔක්කොම එක්ක කතා කරන්න
තනි මිනිහෙක්ට වඩා ගොඩක් අය එකතු උනාම යන්න ඕනෙ හරි පාර හොයාගන්න ලේසී""
"" මම ගිහින් රැජිනට කතා කරන්නද
කතා කරල අපි දෙන්න වෙනුවෙන් සමාව ඉ ල්ලන්නද""
"" ඒක හොද අදහසක්
ඒත් රැජින ඒකට කැමතිවෙයිද කියන එකනම් දන්නෙ නෑනෙ හරියටම
රැජින අවසර නිදුන්නොත් ඔයාට එන්ගලන්තෙටවත් යන්න බෑ
එතුමියට පුලුවන් ඕනෙ කෙනෙක්ගෙ වීසා කැන්සල් කරන්න
එහෙම කරොත් නඩු දාන්නත් බෑ
වීස කැන්සල් කරන්න හේතු විමසන්නත් බෑ
රැජින එතුමියගෙ බලය පාවිච්චි කරලා නෑ මේතරම් කල්
හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නෑ එතුමිය බලවත් නෑ කියල""

VIP ( වී අයි පී )Where stories live. Discover now