VIP 26

979 89 0
                                    

Ep 26
අහ්ස්වයගෙ පිට උඩ මරාගත්තු කුරුල්ලො ගානට අහුරගෙන
මමයි කුමාරයයි හෙමින් හෙමින් විල්ලුව පිවිසුමට ආවෙ සතුටෙන්
ගිනිවරේ බැල්ලත් වරක් වේගෙන් දුවමින් ආයෙත් හෙමින් ඉව කරමින් කලින් පාරෙ ගිය බල්ලන්ගෙ පෙරෝමෝන චූ සුවද විදම්විද අපේ පස්සෙන් ආවා
අපි එද්දිත් ගොඩක් දඩයක්කාරයො පිසුම් දොරටුවට ඇවිත්
අපි ලන්වෙද්දිම පරිවාරසේවකයො ගොඩක් ඇවිත් අපිව වට කරගෙන අපි දෙන්නට වෙන්කල කූඩාරමට එක්කගෙන ගියා
හැම දෙයක්මන්පරන රජ සිරිත් මතක් වෙන විදියට හදලා තිබුනෙ
කුරුස යුද්ධය ඇතුලු ප්‍රසිද්ධ යුද්ධවලට යුරෝපෙ රජවරු යහ්ද්දි අතර මග මේ වගේ සුඛෝපභෝගී කූඩාරම් හදනව
කූඩාරමක් කියුවට මේක ගෙයක් විතර ඇති
වෙනම නාන කාමර වාඩිවෙන්න සැප පහසු කුශන් මෙට්ට සත්ව සමෙන් කරපු උනුසුම් පෙරවන විතරක් නෙමෙයි උනුවතුර් කාමරේ උනුසුම් කරන ගිනි උදුන් සියල්ලම තුබුනා
ආපු අමුත්තො හැමෝටම එක ගානෙ කූඩාරම් තිබුන නිසා මේ පලාතම නිවස සන්කීරනයක් වගේ
ඔක්කොම කූඩාරම් එක රවුමට හදලා තිබුනෙ
ඒ මැද්දෙ දඩයම් සම්මන ප්‍රධානය කරන පීඨිකාව තිබුනා
ඒ වගේම බාබිකියු දාන්න උදුන් හැම කූඩාරමකම තිබුනා
පීඨිකාව වටේට එක එක දඩයක් කාරයගෙ නම ගහපු මේස තිබුනා
ඒ මේස උඩ අපි දඩයම් කරගෙන ආපු කුරුල්ලො ගොඩ ගහල තිබුනා
උන්ගෙ බර කුරුල්ලො වර්ග එක එක වර්ගෙන් කීදෙනෙක් දඩයම් කරලද විස්තර ඔක්කොම තිබුනා
අපි හිතුවට අපි දෙන්න වැඩියෙන්ම දඩයම් කරලා තියෙනව කියල
ඒක වැරදී
වියානාවෙන් ආපු රොමියුල ෆැබ්‍රිස් කුමාරය තාරාවො 31ක් දඩයම් කරලා තිබුනා
ඔහුගෙ මේසෙ උඩ තාර මලකුනු කන්දක් වගේ ගොඩ ගහල තිබුනා
ස්පැනිශ් කැටලයින් නයිට් වරයගෙත් මොනාකෝවෙ ඔටුන්න හිමි කුමාරයගෙත් දඩයම ගොඩක් සාර්තක බව මේසෙ උඩට ගොඩ ගහපු කුරුලු කදු වලින් පෙනුනා
තැන් තැන් වල තමන්ගෙ දඩයම් වීරක්‍රියා විස්තර කරමින් ඉදපු පිරිස කලබල උනේ එක පෙලට නවත්වල තිබුන හෙලිකොප්ටර් දහයම මෙරුවගේ අහසට නගිද්දි
"" ඇයි මොකද වෙලා තියෙන්නෙ..කාට හරි අන්තුරක්ද"" කැටලෝනියාවෙ ඒජන්තවරිය ඇහුවෙ අපි ලග ඉදපු බෙල්ජියම් කුමරියගෙන්
"" පිලිප් කුමාරය අශ්වය පිටින් වැටිලා විල්ලුවට""
"" ඕ මගෙ දෙයියනේ ඒක හරි බයානකයිනෙ..එයාට අමාරුද""
"" දන්නෙ නෑ...රෙස්කියු ටීම් එනකන් බලා ඉන්න වෙනවා""
පෝල් බය වෙලා වගෙ මූන හදාගෙන හිටියා
"" මැට්ටො බොරුවට වෙවුලන්න එපා....මුකුත් දන්නෙ නෑ වගේ හැසිරෙනව....බය උනාම වැඩේ මාට්ටු වෙනව""
මම පෝල් ගෙ කනට කරලා කියුවා
අපි එද්දි පිලිප් ගෙ වොච් එකේ ඉන්න තැන මාක් කරලා ආපු නිසා ගලවගැනීමේ හමුදාවලට පිලිප් හොයාගන්න පුලුවන් වෙලා ඉක්මනට
කට්ටිය වට වෙලා ඉද්දි මූනෙන් ලේ පෙරාගත්තු මඩ නෑවිච්ච පිලිප් හෙලිකොප්ටරෙන් ගිලන් ඇදක දාල ඇම්බියුලන්ස් එකකට මාරු කරගෙන අරගෙන ගියා
පිලිප් ට සිහිය තිබුනා ඈතින් බලාගෙන හිටපු අපි දිහා ඔරවල බලන් ගියා
"" පිලිප් කුමාරයගෙ තත්වය භයානක නෑ...එයට ප්‍රත්මාධාර දීලා සන්ධ්‍ය උත්සවයට එවයි...ප්‍රභූවරුනි ඔබ සැම තමන්ගෙ කූඩාරම්වල විවෙක ගන්න""
පෝල් කුමාරයගෙ නැන්දා කෙනෙක් උන ග්වන්ඩලීන් ආර්‍යව විනීත විදියට එනවුන්ස් කරා..ඒක රැජිනගෙ පනිවිඩයක් වෙන්න ඇති
දඩයම් කරුවන් සහයකයන් හා අනෙක් ප්‍රභූන් කූඩාරම් වලට ගියා
රජවරු රැජිනියන් ඇමතිවරු තාම ලොකු සාකච්චාවක ඈත තිබුන රැස්වීම් ශාලාවෙ

VIP ( වී අයි පී )Where stories live. Discover now