Ep 24
තෙත සීතල කොන්වෝල් විල්ලුව කොලපාටට ඈතට ඈතට දිවයනවා
එහෙන් මෙහෙන් දඩයන් බල්ලන්ගෙ ගෙරවිලි ඇහෙනවා
ඒ අතරමෙ තැනින් තැන වෙඩි හඩත් බය උන වල් කුකුලුන්ගෙ ප්ලෙසන්ට් කුරුල්ලන්ගෙ තාරාවන්ගෙ විලාප විල්ලුව සිසාරා ඇහෙනව
අශවයන්ගෙ කුර සීතල මඩවල චක් චක් ගාලා වදිනව
ඒක සම්පූර්නයෙන්ම අවුරුදු 500ක් විතර අතීතයට යාමක්
විල්ලුව පටන් ගන්න තැනට වෙනකන් රැජින දිග යශ්ඨිය අරගෙන ඇවිත් රජපවුලෙ කුමාරයන් නයිට්වරු සෙබලුන්ට දඩයමට විල්ලුවෙ ඇතුලට යන්න ආශිර්වාධ කරලා රැජින ඇතුලු ජේශ්ඨ ප්රභූවරු පිවිසුම් මාර්ගෙ තිබුන ලොකු කූඩාරම් ලග නැවතුනා
පැය 8ක් දඩයමේ ගිහින් ගිය අය ආයෙ එනකන් රැජින ඇතුලු අනෙක් රටවල රජවරු රැජිනියන් මෙතැන නවැතිලා ඉන්නව
ඒවගේම යුරොපෙ රජපවුලක් පවත්වාගෙන යන හැම රටකම අගමැතිවරුත් මෙතැන ඉන්නව
ඒ රටවල් වල ප්රශ්න ගැන සන්දාන ගැන මෙතැන එයාල සාකච්චාකරනව
පැය 8කට පස්සෙ දඩයමේ ගිය වීරවරු මෙට්නැනට එන්න ඕනෙ එතැනදි එයාල ගෙනාපු දඩයම අනුව ඒ අයට තෑගි දෙනව
හොදම දඩයම කරපු වීරයට වසරේ කීර්තිමත් නයිට්වරයා සම්මානය දෙනවා
විල්ලුවට ඇතුල්වෙන හැමෝගෙන අත්වල ඔරලෝසුවක් බදිනව
ඒකෙන් ඉන්න තැන ජීපීඑස් ලොකේශන් එක බලාගන්න පුලුවන්
දඩයමේ යන අය පැරනි විදියට යන්න ඕනෙ නවීන උපකරන ෆෝන් අරගෙන යන්න බෑ
එයාලට කරදරයක් උනොත් මේ ඔරලෝසුවෙ බටන් එකක් ඔබලා කියන්න ඕනෙ
එතකොට මාලිගා ආරක්ශකයො හෙලිකොප්ටර් වලින් ඉන්න තැන හොයාගෙන ඇවිත් ඒ අයව බේරගෙන යනවා
විල්ලුවෙ ගැබුරු මඩ වගුරු තියෙනව
ඒ තැන් කුරුල්ලො වැඩිපුර ඉන්න තැන් අනතුරු සහිත ප්රදේශ ලකුනු කරපු සිතියමකුත් හැමෝටම ලැබෙනව
අනතුරට පත් උන අය ගෙනියන්න හෙලිකොප්ගර් ඇම්බියුලන්ස් විල්ලු දොරකොඩ මහ ගොඩක් ගාල් කරල තිබුනාමමයි කුමාරයයි වැඩි කතා නැතුව තුවක්කු කරේ තියාගෙන ඇවිදගෙන ගියා
කුමාරය එක අතකින් එයාගෙ අශ්වය ස්කාර්ලට් ගෙ රේන්ස් පටිය අල්ලගෙන ඇදගෙන ගියා
මම එක අතකින් ගිනිවරේ බලුකෙල්ලගෙ පටිය අල්ලගෙන ගියා
අපි වැඩි කතා නැතුව අනෙක් දඩයක්කාරයොත් එක්ක ඇතුල් උනේ
"" අපි මේ පැත්තට යමු""
කුමාරය ඊසාන දිශාවට අත දිගුකරා
"" ඒත් මේ සිතියනේ විදියට බස්නාහිර පැත්තෙ වැඩි පුරම කුකුල්ලු වහන්නෙ""
"" බල්ලටදාන්න ඔය සිතියම හැම දාම ඕක බොරුමයි කියන්නෙ...ඔය සිතියම හදන්නෙ ගිය අවුරුද්දෙ දඩයම් කරපු තැන් වලින්...ඒත් මේ අවුරුද්දෙ ඒ පැත්තටම කුකුල්ලු එන්නෙ නෑ....උන් නුවනක්කාරයි...ගිය සෘතුවෙ එයාලගෙ නෑයො මැරිච්ච පැතිවලට එයාල මේ පාරත් යන්නෙ නෑ""
"" හරි ඔයා කියන දෙයක් තමයි...ඒත් ගොඩක් දඩයක්කාරයො යන්නෙ නැගෙනහිරට"
"" ඔයා ඕනෙනම් ගොඩක් අය පස්සෙ යන්න...නැත්තම් මාව විශ්වාස කරල මගේ පස්සෙන් එන්න""
"" පස්ස රතුවෙන්න තුවක්කු බටේ බස්ස්නව බලු කතා කියුවොත්...ර්ක එකාගෙ පස්සෙ යන්න මම සීතල මඩ විල්ලුවට එන්නෙ නෑ....මට හීතල පේන්න බෑ...නිතරම උනුසුම් නිවුමෙක්සිකෝ කාන්තාරකදු මතක් වෙනව""
කුමාරය මදක් නැවතිලා මම දිහා බලලා හිනා උනා
ඒ එක්කම එයාගෙ අශ්වයත් නැවතිලා මාදිහා බැලුවා
අශ්වයා ගිනි මකරෙක් වගේ උනුහුම් සුම පිබිද්දි සීතල මීදුම සුදුපාටට උගෙ නාගෙන් පිට උනා
YOU ARE READING
VIP ( වී අයි පී )
Adventureමේක ඒක වගේ උනාට ඒක නෙමෙයි...වෙනමම රහක්...රෙඩ් වයිට් ඇන්ඩ් රෝයල් බ්ලූ උඩ ගොඩනගාපු වෙනස්ම වෙනස් කතාවක්. සෙල්ලකාර ජනාධිපති පුතාටයි ආඩම්බරකාර කුමාරයටයි පුලුවන් වෙයිද ආදරේ ජයගන්න.