VIP 1

8.3K 253 12
                                    

Ep1
තබ පාට අහස යට ලොකු නැවක් වගේ සිඩ්නි ඔපෙරා හවුස් එක ලස්ස්නට පෙනුනා. වරාය පැත්තෙන් එන සීතල සුලග පාලම උඩ ඉදගෙන වටපිටාවෙ ලස්ස්න බලන අපේ ඇදුම් අවුල් කරනව. සන්චාරකයො පටව ගත්තු ලොකු වාශ්ප බෝට්ටුවක් හයියෙන් සද්ද කරපු නිසා ගැස්සිලා ගිය මම මොනෝලෝකෙන් එලියට ඇවිත් වටපිටේ බැලුව. ප්‍රෙස්ලි කලු කොට කොන්ඩයක් තිබුන උස සුදු කෙල්ල හුලගට උඩයන ගවුම හදාගන්න උත්සහ කරන ගමන් මම දිහා බ්ලලා හිනා උනා.
"කොහොමද හෙට ප්‍රසන්ටේශන් එකට ඔක්කොම ලෑස්තිද? " සුදු කොට කලිසමක් ඇදලා කියුබන් සුරුට්ටුවක් උර උරා අපි ලගට ආව මාර්ක් ඇහුවා.
"ඔවූ මිස්ටර් මාර්ක්....මම මගේ ප්‍රසන්ටේශන් එක ප්‍රාන්ත එඩියුකේශන් ඔෆිස් එකෙන් අනුමත කරගෙන ආවෙ....මගේ ඉස්කෝලෙන් මට කන්සල්ටන්ට්ලා දෙන්නෙක් දුන්න ප්‍රසන්ටේශන් එක හදන්න උදවුවෙන්න"
ග්ලෝරියා වොශින්ටන් වලින් ආපු පන්ඩිත කෙල්ල බෝතල් අඩි කන්නාඩි දෙක උස්සන ගමන් කට උල් කර කර කියුවා
""ඒක ගොඩක් හොද දෙයක්....ඒත් මම හිතන්නෙ අපි මෙතනදි වැඩි පුරම කතා කරන්න ඕනෙ අපේ හිතට දැනෙන හැගීම්...පොත් පත් වල තියෙන විස්තරනම් ඕපන් ඒඅයි සයිට් එකක ටයිප් කරාම දැන් ඕනෙ කෙනෙක්ට හොයාගන්න පුලුවන්නෙ""
අතිපන්ඩිත කෙල්ල මාක්ගෙන් ලැබුන සෘනාත්මක ප්‍රතිචාරය නිසා ගස්සගෙන අපෙන් ඈතට විසිඋනා.
""ඒකනම් පට්ට චාටාර් එකක්...ලොකුවට දෙන්නෙ නැතුව කරන ටොපික් එක විතරක් කියුවන් ඉවරයිනෙ""
මම ලග ඉදපු කොලින් උගෙ බර කට හඩින් කියුව. බරි තොල් තියෙන අඩි හයහමාර්ක් විතර උස කලුම කලු කොල්ලෙක් තමයි කොලින්. මේ චාරිකාව පටන් ගත්තු වෙලාවෙ  ඉදන්ම මේකා තමයි මම ලගින්ම හිටියෙ.
ඇත්තටටම කියුවොත් මම මේ මගුල් කන්ෆරන්ස් එකට කිසිම ගැලපීමක් නැතුව උඩින්පාත්වුන එකෙක්.
ඇමරිකාවෙන් ආපු අනිත් හතලිස් නවදෙනාම එයාලගෙ ප්‍රයිමරි ස්කූල් වල ඉදන්ම පාරිසරික උශ්නත්වය ඉහලයාම වලක්වන්න දේශගුනික විපර් යාසවලින් ලෝකය බේරගන්න ඕනෙ කියල වැඩ කරපු අය.
සෙකන්ඩ්‍රි ස්කූල් එකේ නැචුරල් සයන්ස් උගන්වපු මෑම් සේර තමයි මේකරදරේ මගෙ ඔලුවෙ ගැහුවෙ.
බාස්කට් බෝල් ප්‍රැක්ටිස් ගිහින් අනෙක් කොල්ලො එක්ක වීඩ්ස් පාවිච්චි කරපු (මල් ගහනව) සිද්දිය අපේ අම්මට නොකිය ඉන්නනම් කාලගුනික විපර් යාස වලක්වන විදියට නිවුමෙක්සිකෝ වල ගවපාලනය වෙනස් කරන්න ඕනෙ කොහොමද කියල රචනයක් ලියල දෙන්න ඕනි කියුව.
ඇත්තටම කවුබෝයි කල්චර් එක මගේ ඇග ඇතුලටම බද්ද වෙලා තිබුනෙ.
මගෙ සීය බාප්පල ඔක්කොම මෙක්සිකෝවෙන් ඇමරිකාවට සන්ක්‍රමනය උන ගොපල්ලො.
අපි නිවුමෙක්සිකෝවල අලුත් නිවාස සන්කීර්නයට යන්න කලින් මම ප්‍රාතමික පාසලට බයිසිකලේ පැදගෙන ගියේ ලොකු හරක්මස් ගොවිපල මැද්දෙන්.
ඒක නිසා මට මේ මාතෘකාව ගොඩක් අමාරු දෙයක් උනේ නෑ.
ඒත් මම පලවෙනි රච්නෙ ලියුවෙ ඕනවට එපාවට මෑම් සේරගෙන් බේරෙන්න.
මගෙ කරුමෙට ඒ ගෑනි මගෙ රච්නෙට කැමති උනේ නෑ. එයා කාර් එකේ යතුරත් අරගෙන මගේ අම්ම ඉන්න ඔෆිස් එකට යන්නයි සූදානම් උනේ.
මම බයටම රච්නෙ ආයෙ ලියන්න පොරොන්දු උනා.
ටිකක් ලියද්දි ආස හිතුන නිසා මුලින් ඕනව එපාවට පටන්ගත්තත් පස්සෙ සිරාවටම හිතට අරන්
සේර මාව අත හැරියෙ මම විසි දෙවනි වතාවටත් ඒ විකාර රචනෙ වෙනස් කරල දුන්නට පස්සෙ.
මමත් නොදැන මගෙ රච්නෙ දේශගුනික් වෙනස්වීමේ සමුලුවට ඉදිරිපත් වීමේ තරගෙට ගිහින් නිවුමෙක්සිකෝවල රච්න දාස් ගනනක් අතරින් මාව තෝරගෙන මේ ජාත්‍යන්තර සමුලුවට එන්න.
අම්මගෙ තදබල බලකිරීම නැත්තම් මම මේ විකාර සමුලුවට එන්නෙ නෑ. එහෙම උනානම් මම මගෙ යාලුවො එක්ක බාස්කට් බෝල් කෝඩ් එකක හරි නගර ච්තුරස්‍රෙ කෙලවරක තිබුන අපේ ක්ලබ් එකේ හරි ඉදගෙන බියර් එකක් බොනව.
අනෙක් ඇමරිකන් කොල්ලන්ට වගේ හද අල්ලන්න ලෝකෙ අල්ලන්න ලොකු ලොකු හීන තිබුනෙ නෑ නිවුමෙක්සිකෝ වල දුප්පත්ම රීජන් එකේ ඉදපු මටවත් මගේ යාලුවන්ටත්.
ලොකු උනාම කවුරුදු වෙන්න ආස කියල ඇහුවොත් මම කියන්නෙ මට ඕනි කාර් බාස් කෙනෙක් වෙන්න කියලයි.
පොඩි කාලෙ ඉදම ගෙදරලග ගරාජ් එකේ අයියල පරන කාර් චැසි ගෙනත් අලුත් කරනව මම බලන් හිටියෙ ආසාවෙන්.
පස්සෙ ඒව ලැටින් ඇමරිකාවල මිනිස්සුන්ට විකුනනව.
මගේ අම්මටයි තාත්තටයි ලොකුවට සල්ලි තිබුනෙ නෑ.
තාත්ත කිරි ගොවිපලක පොත් තබන්නෙක්. ඒ රස්සාවෙන් විතරක් ජීවත් වෙන්න අමාරු නිසා එයා වැඩ ඇරුනම පරන යකඩ උනු කරන තැනකත් වැඩ කරා.
කෙනෙක් කියන්න පුලුවන් ඇමරිකාවට එන ඕනෙම කෙනෙක්ට වාසනාව පෑදෙනව කියල. ඒකට කියුවෙ ඇමරිකන් හිනිනය කියලයි.
ඒත් මෙක්සිකෝවෙන් සන්ක්‍රම්නය උන නමේ අගට Z අකුර තියෙන කෙනෙක්ට ඒක ලේසි නෑ. සුදු සන්ක්‍රමනිකයො ඒවගේ අයට රස්සාවක් දෙන්න අදිමදි කරනව. ඔවුන් හිතන්නෙ වාසගමේ අගට Z තියෙන ඕනෙම කෙනෙක් මාෆියාවක හරි පාතාල කල්ලියක හරි සාමාජිකයෙක් කියලයි.
මගේ අම්මනම් නියම බාබිඩෝල් මොඩල් පෙනුමක් තිබුන ඕනෙම ප්‍රාන්තයක පිලිගැනීමක් ගන්න පුලුවන් තාලෙ කෙනෙක්.
බ්ලොන්ඩ් හෙයාර් (දිලිසෙන තබ රත්තරන් කොන්ඩෙ) උස සුදු කෙට්ටු ඇග ඕනෙකෙක් එකපාරින් හිල් කරන්න පුලුවන් දිලිසෙන ඇස්. අම්ම එක්ක පොඩි කාලෙ මම පාරෙ යද්දි අශ්වයො පිටින් යන පිරිමි කාර් වල් යන පිරිමි ස්ලෝකර කර බලන බව මට තේරිලා තිබුන.
මම ඒක අම්මට කියුවම අම්ම කියුව අපි දිහා බලන හැමෝම දිහා අපිත් බල බල ඉන්න ගියොත් අපිට අපේ ගමන යන්න වෙන්නෙ නෑ.
අම්මගෙ පැත්තෙ නෑයො කිසිම කෙනෙක් ගැන මම දන්නෙ නෑ. එයා කියුවෙ කෙන්ටකී ප්‍රාන්තෙ රෙපරමාදු කතෝලික පල්ලියක එයා අනාත දරුවෙක් විදියට හැදුන කියන එක විතරයි.
අපේ තාත්තටත් අම්මගෙ අතීතය ගැන වැදගත් නැත්තම් මටත් ඒකෙ වැදගත් කමක් නෑනෙ.
ඇමරිකාවල කොහොමත් නෑයො එක්ක ලොකු සම්බන්දතා නෑ. හුගක් අය තමන් ඉපදිලා හැදිල වැඩුන ප්‍රාන්තෙන් කිලෝමීටර සියගනනක් ඈත ප්‍රාන්තෙක තමයි තමන්ගෙ පවුල ආරම්භකරන්නෙ.
අපේ තාත්තටනම් තිබුනෙ මෙක්සිකානු ඌරුව නිසා තාත්තගෙ පවුලෙ අයනම් ගොඩක් තදින් බැදිලා හිටියෙ.
තාත්ත වැඩ කරපු කිරිගොවිපලේම වැඩට ආපු රූපසුන්දරිය අල්ලගන්න තරුන කොල්ලො ගොඩක් ට්‍රයි කරත් අම්ම කැමති වෙලා තියෙන්නෙ තාත්තට විතරයි.
එයාට හිතුනලු ජීවිත කාලෙම එකට ඉන්න පුලුවන් තාලෙ නිවිච්ච මිනිහෙක් තමයි මගෙ තාත්ත කියල.
දෙන්න එක්ක ආරම්භකරපු අලුත් පවුල් ජීවිතේ ලේසි උනේ නැත්තෙ ඒ දෙන්නට ඒතරම් සල්ලි නොතිබුන නිසයි.
අපි අයිති උනේ මහන්සි වෙලා වැඩකරන ජනතාවගෙ පන්තියට.
මමනම් ඒ සෝශල් ක්ලාස් එකට කැමති.
මගෙ පොඩිකාලෙ ලස්ස්නට ගලාගෙන ගියා. අශ්වයො පැද්දා ලොකු හරක් පස්සෙ එලෙවුව. පල්ලියෙ උත්සව වලදි ඇති තරම් සතුටු උනා.
මම ආසකරපු ගොඩක් දේවල් මට ගන්න සල්ලි තිබුනෙ නෑ. ඒත් ඒක හිතට ඒ තරම්ම බරක් උනෙත් නෑ. තිබුන පොඩි දේවල් වලින් සතුටෙන් හිටියා.
මම තරුන වෙද්දි මට දැනුනා දෙමවුපියන්ගෙන් සල්ලි උරුම උනේ නැති උනාට ඊටවඩා වටින දෙයක් මට එයාලගෙන් ලැබිල තියෙනව.
කතා කරන්න ලියන්න තියෙන හැකියාවයි කඩවසම් පෙනුමයි.
මේ කතාව කියන කාලෙ වෙන කොට මට යන්තම් 18යි මම සෙකන්ඩරි ස්කූල් එක ඉවර කරලා කොලේජ් එකට ආවගමන්ම වගේ.  උස නිසා ලමා පෙනුමකට වඩ මට තිබුනෙ තරුන පෙනුමක් . ජිම් ගියේ නැති උනත් නිතර දුවල පැනල බාස්කට් බෝල් සෙල්ලම් කරල අශ්වයො පැදල ඉන්න නිසා ඇත්ලටික් කරන ක්‍රීඩකයෙක්ගෙ ඇගක් තිබුනා පැහැදිලි සික්ස් පැක් එක්කම. ඉන ගාවින් හීනිවෙලා තට්ටම් ලගින් මහත් වෙලා තිබුන නිසා ටයිට් ඩෙනිම් ඇන්දම සෙක්සි පෙනුමට ඉන්න බව කන්නාඩියෙන් මම දිහා බලද්දි මටම හිතෙනව.
කලු කොන්ඩෙනම් පිලිවලට පීරන්නෙ නෑ සැහැල්ලුවට අශ්ව වලිගෙ කොන වගේ එහෙට මෙහෙට වැනෙන්න තිබ්බෙ මම අශවයො පිට යද්දි කොන්ඩෙ හොදට හෙලවෙනව බලා ඉන්න අයට පේන්න ඕනෙ නිසයි.
බාප්පල එක්ක ගර්‍රජ් වල හරක් ගොවිපලවල බර් වැඩ කරන නිසා අත් දෙකේ මස් පිඩු ලොකුවෙලා උරහිස් පලල් වෙලා තිබුනා.
නිවු මෙක්සිකෝවල තද අවුවට පිලිස්සුන නිසා හම සුදු මැලි නෑ ඔලිවූ තෙල් වල පාටට හුරු රත්තරන් තෙල් පාටක් මුහුවෙලා තිබුන.
අම්මගෙන් උරුම උන දිලිසෙන කලු ඇස්, හිනා වෙද්දි වල ගැහෙන කම්මුල් එක්ක එක සමාන දත් පෙලක් තිබුනා
කොහොමත් මම නිතර හිනා වෙලා හිටිය ..ඒ නිසා වෙන්න ඇති එක කනක ඉදල අනික් කනටම පැතිරුන ලොකු හිනාවක් මට තිබුන.
මම ඇසුරු කරපු ගොඩක් ගෑනු ලමයි කියුවෙ..එයාල වශී උනේ මගෙ හිනාවට කියලයි
අපේ ජීවිත වෙනස් වෙන්න අරගෙන තාම අවුරුදු 3 උනේ නෑ. ඒත් ඒක වේගෙන් සිද්දවෙනව. මට ඒ වෙනස් කම් දරාගන්නත් අමාරුයිවගේ.
ඔක්කොම පටන් ගත්තෙ කිරිගොවිපලේ ගෑනු අයගෙ අද්‍යපනය දියුනු කරන්න කියල රජයෙන් වැඩකරන කාන්තාවන්ට නොමිලේ ශිෂ්‍යත්ව දීපු එකෙන්.
තාත්තගෙ බල කිරීමට අම්ම ඒ ශිෂ්‍යත්ව වැඩ සටහනට අයැදුම් කරා.
මගෙ තාත්ත දැනගෙන හිටියා අම්ම ඇතුලෙ ලොකු කැපෑසිටි එකක් (දක්ශතා ගොඩක්) කැටුවෙලා තියෙන බව.
ඒ නිසාම තාත්ත කැමති උනේ නෑ අම්ම හැමදාම ගෘහනියෙක් හරි කිරිගොවිපලේ වැඩ කරන ගැහැනු කෙනෙක් වගේ ජීවත් වෙනවට ඒකයි එයා අම්මට බල කරේ තවදුරට ඉගන ගන්න.
අම්ම නිවුමෙක්සිකෝ යුනිවසිටි එකට ගියේ ගෙවල් ලග නිසා. එයා ඇතුලත් උන මුල් දවස් වලම යුනිවසිටි එකේ පත්තරවලට වැඩකරන ගැහැනු මූනදෙන ගැටලු ගැන ලියන්න ගත්තා. මාස කීපයක් යන්නත් කලින් කැම්පස් බ්ලොග් එකේ එයා ලියන ලිපි කැම්පස් එකේ ලමයි අතරෙ ප්‍රසිද්ධ උනා.
ඒක නිසා එයාට ස්ටුඩන්ට් යුනියන් එකටත් සම්බන්ද වෙන්න ලැබුනා.
සීඑන් එන් එකෙන් කැම්ප යුනියන් අතරෙ තිබුන ඩිබෙට් එකකට අම්මට යන්න අවස්තාව ලැබුනා.
ඒ ඩිබෙට් එකේ අම්ම කරපු කතාව ප්‍රාන්ත පත්තරවල ටීවී වල විකාශනය උනා.
කාන්තා සන්විදාන කීපයක් එයාලගෙ වැඩ වලට අම්මව සම්බන්ද කරගත්තා.
වෙනද ගොවිපලයි ගෙදරයි අතර විතරක් දුව දුව වැඩ කරපු අම්මට ප්‍රාන්තෙ පුරාම ඇවිෆ්හින්න උනා.
අම්මට අතපසු වෙන ගෙදර වැඩ...මගේ වැඩ තාත්ත කරන්න ගත්තා
තාත්ත හැම අතින්ම අම්මව දිරිමත් කරා
ඒක නිසා අම්මට සමාජ සේවලට යෙදෙන්න තියෙන නිදහස වැඩි උනා.
ජනප්‍රියත්ව හීන වෙන නිසා බලය පිරිහෙමින් තිබුන ඩිමොක්‍රොටික් පක්ශෙට ඕනෙ උනා ප්‍රාන්ත සෙනෙට් එකට අලුත් මූනක් එයාලගෙ පක්ශෙන් යවන්න.
ලස්ස්න පෙනුමක් තියෙන චතුර විදියට කතා කරන වැඩකරන ජනතාව නියෝජනය කරන්න පුලුවන් අපේක්ශිකාවක් මුලු නිවුමෙක්සිකෝවෙන්ම හොයාගන්න බැරි උන නිසා වෙන්න ඇති ඩිමොක්‍රොටික් ලොක්කො ටිකදෙනෙක් අපේ ගෙදරටම ඇවිත් අපෙ අම්මට එයාලගෙ පක්ශෙන් ප්‍රාන්ත චන්දෙට ඉ ල්ලන්න කියුවා.
වෙනද වගේම අම්ම ලැබුන අවස්තාව අහකදාන්න යද්දි තාත්ත මැදිහත් වෙලා අම්මට බල කරලා ච්න්දෙට ඉ ල්ලන්න කැමති කරගත්තා.
මම මේ සමුලුවට සහභාගීවෙන්න ඕස්ට්‍රේලියා ආපු මේ කාලෙ අම්මයි තාත්තයි චන්ද වැඩ වලට මහන්සි වෙනව.
අපි පිටිසර ගම්මානෙන් අයින්වෙලා නිවුමෙක්සිකෝ සිටි එකේ තට්ටු නිවාසෙකට මාරු උනේ අම්මගෙ දේශපාලන වැඩවලට පහසු වෙන්න.
අපි ගෙදරදි මේ තීරනේ ගැන ගොඩක් වාද කරා.
මට මගේ යාලුවො නෑයො නිදහස් ජීවිතේ දාල එන්න ඕනෙ උනේ නෑ.
අපි ගෙදර මේ ගැන ගොඩක් වාද කරා.
ඒත් අන්තිමේදි තාත්තගෙ තීරනේ තමයි ක්‍රියාත්මක උනේ.
මට මේ වෙනස් කම් දරාගන්න බැරුව මම මාත් එක්කම හිතෙන් අරගලකර කර හිටියෙ මේ කාලෙ.

ඉස්සර මම ඉස්කෝලෙ ඇරිලා යාලුවො එක්ක බාස්කට්බෝල් ගහල අශ්වයො පැදල හවස් වෙලා ගෙදර යද්දි තාත්ත වැඩ ඉවරකරලා ගෙදර ඇවිත්.
අපේ හන් ගදගහන පරන සෝෆා එක උඩට වෙලා ටීවී එකේ යන බේස් බෝල් තරගයක් බලනව
මමත් දාඩිය පිටින්ම තාත්ත ලගින් වාඩි වෙලා මැච් එක බලනව
අපේ පූසා පර්සී මගේ උකුලට පැනලා පුරු පුරු ගානව
අම්ම කුස්සියෙ උයන සුවද එනව.
එයා රසම රස බීෆ් පයි එකක් හරි ටෝස්කරපු කුකුල් මස් එක්ක පාන් චීස් බටර් අරගෙන සාලෙට එනවා
අපි දවසෙ උන දේවල් ගැන කතා කර කර රෑවෙනකන් කෑම කාල ජූස් වර්ග බොනව්
යාලුවො එක්ක බියර් බියුවට මම පොඩි නිසා ගෙදරදි මට බියර් බොන්න තහනම් කරල තිබුනෙ අපෙ අම්මා
මොනව උනත් මට ඒ පැය කිහිපය හරිම උනුසුම් විදියට හිතට දැනුනා
ඒත් දැන් තත්වෙ ගොඩක් වෙනස්
අපි ටවුන් එකේ එපාර්ට්මන්ට් එකට මාරු උනදව්ස් වලම පර්සි අතුරුදහන් උනා
සමහරවිට ඌත් මම වගේම අලුත් තැනට කැමති නැතුව ඇති
ගෙදර එන කිසිම වෙලාවක අම්මයි තාත්තයි ගෙදර නෑ චන්ද වැඩ වලට කොහේ කොහේ හරි ගිහින්
මට ගෙදර පාලු නිසා මම ටවුමෙන් මුන ගැහුන අලුත් යාලුවො එක්ක ක්ලබ් යන්නත් කාර් රේස් පදින්නත් පටන් ගත්තා
ඒ එක්කම ගන්ජා ගහන්න කෙල්ලො එක්ක සෙක්ස් පාටිවලට යන්නත් පුරුදු උනා.
මට මාවම ක්න්ට්‍රෝල් නැතුව හිටපු කාලයක් ඒක.

VIP ( වී අයි පී )Where stories live. Discover now