VIP 23

1.1K 92 0
                                    

Ep 23
"" හෙට වැඩ දවසක්ද""
කුමාරයා ඇදුම් ඇදගත්තම මම එයාව බදාගෙනම ඇහුවා
""ඔවූ..කෝන්වෝල් යන්න ඕනෙ"
"" එහෙනම් මම අද යනවා""
"" එපා ඔයත් එන්න මාත් එක්ක"
"" කමක් නැද්ද ඔයාගෙ වැඩට මාව එක්ක යන එක""
"" ප්‍රශ්නයක් නෑ...මට මගෙ යාලුවෙක්ව ගෙනියන්න පුලුවන්""
"" මොකද්ද වැඩේ"
""වසන්ත සෘතුවෙ දඩයම් සමය පටන්ගැනීමේ උත්සවය""
"" මොකා මොන මගුලක්ද ඒ...ඔයාලගෙ පවුලෙ අයට කාලෙකන මහ විකාර රාජකාරිනෙ තියෙන්නෙ ""
"" ඔවූ ඒක තමයි සම්ප්‍රධාය...අපි අපේ දඩයම රටේ මිනිස්සුන්ට පෙන්වන ඕනෙ ඊට පස්සෙ තමයි අනෙක් වනාන්තවල දඩයම් පටන්ගන්නෙ""
"" මම මීට කලින් දඩයමේ ගිහින් නෑ...ඒත් අපේ බාප්පල එක්ක හරක් පට්ටිවලට පනින කදුකර පූසො ( පූමා සින්හයන්) වෘකයො මරන්න නම් ගිහින් තියෙනව"
""ඔයාට තුවක්කුව පාවිච්චි කරන්න පුලුවන්නෙ""
"" එයා රයිෆල් වලින් සෙල්ලම් කරලා තියෙනව""
" එහෙනම් අමාරු නෑ...දඩයම් කරන්න ...ඒත් එයා රයිෆල් වලට වඩා පොඩ්ඩක් වෙනස් කැලෑ කුකුල්ලු දඩයම් කරන්න අපි පාවිච්චි කරන ශොට් ගන් වර්ගය...මම ලග තියෙන්නෙ වින්ඩ්සන් එක්ස් වර්ගයෙ තුවක්කු වගයක්...ඔයාට ඕනෙනම් වෙන වර්ගයක් අපිට ගන්නත් පුලුවන්""
"" මට ඔය මොන වර්ගෙත් එකයි...හොද එකක් ඔයා තෝරගෙන එන්න""
"" අපි යමුද දවල් කෑමකට""
"" බෑ මට තව පැය දෙකකින් රැජිනගෙ මාසික මුන ගැසීම තියෙනව...මම මාලිගාවෙදි රැජින මුනගැහෙන්න ඕනෙ මාසෙම කරපු වැඩ ගැන මතක් කරගන්නත් ඕනෙ...ඒක හරිම ස්ට්‍රෙස්""
"" ඇත්තටම ඒක අමුතුයි...අපි ආච්චිගෙ ගෙදර යන්නෙ ආතතිය නැති කරගන්නමට පැහැදිලි කරගන්න දේවල් ගොඩක් මගේ හිතේම පැටලිලා තියෙනව.
ග්‍රැනී අපි ගියාම ෆිශ් පයීස් හදනව...ඒව හරි රසයි...ඔයා ආච්චි හම්බෙන්න බයේ ගැහි ගැහි යනවා""
"" උත්තමාවිය මගේ ආච්චි වෙන්නෙ නෑ කමට විතරයි...සාමාන්‍ය ජ්ජීවිතේදි මමත් රැජිනගෙ යටත් වැසියෙක් ..ඇගේ නාමයෙන් රාජකාරි කරන කෙනෙක්""

"" මම කොහෙටද එන්න ඕනෙ""
"" කෝන් වෝල් වල ටුයුඩර් මාලිගාවට...ඒක මගෙ ආච්චිගෙ සරත් සෘතු මාලිගා පහෙන් එකක් ...ආ මතක ඇතුව වාසල් මුරකාර සෙබලුන්ට කියන්න කුමාරයගෙ විශේෂ අමුත්තා තමයි ඔයා කියල...මම ඒ අයට කියන්නම් ඔයාට අවසර දෙන්නකියලා..යුරෝපෙ රජපවුල්...දේශපාලකයො ගොඩක් මේ උත්සවේට එන නිසා දොරටු ආරක්ශාව දැඩි කරලා තියෙන්නෙ
ආඅ...මතක ඇතුව මම හෝටලේට එවන දඩයම් ඇදුම් ඇදගෙන එන්න
ඔයා ඇමරිකන් ක්‍රමේට කොට කලිසම් ඇදලා බූට් දාගෙන ආවොත් මෙහේ අය හිනාවෙයි""
මම නිකන් වෙනම ලෝකෙක ඉන්නව වගේ....මේ තරම් දියුනු ලෝකෙ තාම ප්‍රරන සම්ප්‍රධාය නොනැසී පවතිනවා

VIP ( වී අයි පී )Where stories live. Discover now