Ep 20
මේ මොකද්ද..ඒක ඔයාගෙ පපුව උඩ ලස්ස්නට් පැද්දෙනවා
හති දාගෙන දාඩිය පෙරාගෙන වැතිරිලා ඉන්න මගේ පපුව මැද තිබුන මගේ රිදීමාලෙට හයිකරපු යතුර පෙන්නලා කුමාරය ඇහුවා
"" ඒක නිවූමෙක්සිකෝවල අපේ පුන්චි ගෙදර යතුර...මම හිතන්නෙ මම ඇත්තටම සතුටෙන් ඉදපු අන්තිම දවස ඒගෙදර වහපු දවස....ඒ දොර වැහෙනවත් එක්කම සතුටෙන් ඉදපු මගේ පවුලත් වැහිලම ගියා...අපි තාමත් එකට ඉන්නව,..ඒත් පුන්චිකාලෙ ඉදපු ප්‍රීතිමත් පවුල නෙමෙයි...මට මේ ඔක්කොම ඉවර උනාම ආයෙ එහෙ යන්න ඕනෙ...ලෝකෙ පුරා ඇවිද්දත් මම අන්තිනට මැරෙන්න යන්නෙ නිවුමෙක්සිකෝ වලට...හැම දේටම වඩා මට වටින මගේ වාසනාවෙ යතුර ( ලකී කී) මම මේක ගොඩක් කල් බෙල්ලෙ දාගෙන ඉන්නව,..මම මේකට හරි ආසයි""
කුමාරය මාලෙ අරගෙන එහෙ මෙහෙ හරව හරව බලනවා
මම ඒක ගලවල කුමාරයගෙ බෙල්ලට දැම්ම
"" මම ආසම දෙයක් ...මම ආසම කෙනෙක් ලග තියෙන එක හොදයි...ඒක මුදල් අතින් වටින්නෙ නෑ...ඒත් මට ගොඩක් වටිනව...ඒක පරිස්සම් කරලා තියාගන්න""
කුමාරය මගේ දාඩිය ගෑවුන යතුර ඉම්බා
"" ස්තූතී...මාව විශේශිත කෙනෙක් කරගත්තට...මේක මම පරිස්සම් කරනව...මටත් ඒක වටිනව""
එයා මගෙ නලල ඉබලා යතුර අරන් අපි දෙන්නගෙ තොල් අතර තියාගත්තා
"" මටත් වටින දෙයක් තියෙනව මගෙ ජීවිතේ....මෙන්න මේක""
දියමන්ති මැනික් අල්ලපු ප්ලැටිනම් මුද්දක්
"" මේක මගේ අම්මගෙ...අම්මටත් දුන්නෙ මගෙ ආච්චිගෙ අම්ම බිල්බැට්ස් ආර්‍යව...ගොඩක් වටිනව..ඒත් මට මේක වටින්නෙ අම්ම මැරෙනු වෙලාවෙ දාගෙන හිටියෙ මේ මුද්ද...ඇක්සිඩන්ට් එක නිසා උගුර පපුව තුවාල වෙලා අම්ම හිටියෙ කිසිම දෙයක් කතා කරන්න බෑරුව හැම තැනම බට ගහලා..මම අම්මගෙ නන්ගි එක්ක (මගෙ පුන්චි) එක්ක මම ඉස්පිරිතාලෙට ගියේ...අම්ම මම දිහා බලලා ඇඩුවා...අතේ මුද්ද ගලවලා මට දික්කරා...ටිකකට පස්සෙ මම දිහා බලාගෙනම සිහි නැති උනා...එහෙම දවසක් ඉදලා නැති උනා...එදා ඉදල මේ මුද්ද මම ලග තියෙනව...මම ඔයාට ඒක දෙන්නම් ඒක මම වෙනුවෙන් ඔයා පරිස්සම් කරගන්නවද""
"" සත්තකින්ම...මගේ පන තියෙනකන් ඒක පරිස්සම් කරගන්නව""
එයා ඒ ලස්ස්න මුද්ද මගෙ සුලගිල්ලට දැම්ම
ඒක හොදටම ෆිට් උනා
හරිම ලස්සනයි
එන්ගලන්තෙ රෝස කුසුම
එයාගෙ අම්ම මට මතක් උනා...ගොඩාක් ලස්ස්න කෙනෙක්
මම දැකලා තියෙන්නෙ නම් වීඩියෝවල පොටෝ වල විතරයි
කුමාරය මට පෙන්නුව
කුමරිය ඩෝග් ශෝ එකකට ගිහිපු එකක්...එයා ලස්ස්නට හිනාවෙලා බලා ගෙන ඉන්න අයට දාගෙන ඉන්න මුද්ද පෙන්වනව
YOU ARE READING
VIP ( වී අයි පී )
Adventureමේක ඒක වගේ උනාට ඒක නෙමෙයි...වෙනමම රහක්...රෙඩ් වයිට් ඇන්ඩ් රෝයල් බ්ලූ උඩ ගොඩනගාපු වෙනස්ම වෙනස් කතාවක්. සෙල්ලකාර ජනාධිපති පුතාටයි ආඩම්බරකාර කුමාරයටයි පුලුවන් වෙයිද ආදරේ ජයගන්න.