Ep 45
පෝල් ගේ බලවත් ඉ ල්ලීම නිසා මම ආයෙ මගෙ හෝටලේට ආවා
එයා කියපු දේ හරි...මට දිගටම කිබිහුම් ගිහින් තල්ල රිදෙන්න ගත්තා
උදේ උගුර වන වෙලා ඇග පන නැති උනා
දවල් වෙද්දි මට හොදටම උන
ජැකීත් මගේ ආරාක්ශකයොත් මාව එන්ගලන්ත හොස්පිටල් එකකට ඇතුලත් කරා
මම අසනීප බව දැනගෙන අම්ම් හොදටම කලබල උනා
"" අම්මෙ....මට හොදවෙයි ඉක්මනට මේක මේ හිම වැටෙනකොට එලියෙ හිටියම එන සීසනල් ෆීවර් එක...මේක කොහොමත් ෆ්ලූ සීසන් එකනේ""
"" අනේ වස්තුවෙ ඔයා මුරන්ඩු වෙනවනෙ
වයිට් හවුස් එන්න අපි වෙන විදියකට ඔය ප්‍රශ්නෙ විසදන්න බලමු
මම නීතිය පැත්තෙන් මොනවද කරන්න පුලුවන් කියල නීතිපතිගෙන් ඇහුවා
එයා කියනව රැජිනගෙ අන කියල එක්සත් ජාතීන්ගෙ සන්විධානෙ රටක කිසිම කෙනෙක් නඩු විභාගයක් නැතුව සිරකරල තියාගනන බෑ කියල
මානව හිමිකම් කඩ කිරීම යටතෙ මම රැජිනට විරුද්ධව පැමිනිල්ලක් දානව මානවහිමිකම් කොමිසමට යූ එන් එකේ""
"" එපා එපා අම්මෙ
දැම්ම ඒ තරම් දුර යන්න එපා
ඒත් මට පෝල්ගෙ ජීවිතේ ගැන බයයි""
"" මම මාලිගාවට ඊමේල් එකක් යවනව
කුමාරයගෙ ජීවිතය ගැන ඇමරිකාව තද විමසිල්ලෙන් ඉන්නෙ
කුමාරයට මොනව හරි උනොත් අනිවාර්‍යන් මාලිගාවට විරුද්ධව ඇමරිකාව ක්‍රියාත්මක වෙනව කියල""
"" අනේ මන්ද අම්මා මට මේ වෙලාවෙ කිසි දෙයක් ඔලුවට එන්නෙ නෑ
මට එක පාරක් පෝල්ව දැකල කතා කරන්න තිබුනන්ම් ඇති"""" ඉන්නකො මම් ඒකට පොඩි වැඩක් කරා ඒක වැඩ කරන්න ඕනෙ
ධවලම්නදිරයයි මාලිගාවයි එකතු වෙලා කරපු ලමාසන්වර්ධන ව්‍යපෘතිවල ප්‍රගති සමාලෝචනයක් මට දැනගන්න ඕනෙ
රටවල් වල ව්‍යපෘතියට අදාල නියෝජිතයන් එකතුවෙලා ඉක්මනටම වාර්තව මට ලබදෙන්න කියල ඩිමාන්ඩින් ඕඩර් එකක් ගැහුවා
දැන් මාලිගාවට කුමාරය ඉදිරිපත් කරන්නම වෙනව
නැත්තම් නිදහසට කරුනු කියන්න වෙනව
නිදහසට කරුනු කියුවොත් ඒ කරුනුවල සත්‍යතාව හොයන්න විශේෂ කමිටුවක් දානව
ඒ කමිටුවට රහස් පරීක්ශක ඒජන්තවරු එක්ක ඔයාවත් දානව
එතකොට කොහොමත්ම එයාලට කුමාරයව හන්ගගෙන ඉන්න බෑ
රැජින එතැනිනුත් එහාට මේ සෙල්ලම ගෙනියනවනම්
මම සූදානම් ඒකටත්
කුමාරය සමලින්ගික උන නිසා එයාට අඩත්තේට්ටම් තියෙනව කියල
මම ජනමාධ්‍යට කියල
එන්ගලන්ත පාර්ලිමේන්ටුව්ට පෙටිශන් එකක් යවනව..ඒක එයලගෙ පාර්ලිමේතුවෙන් හොයන්න
ඒත් මට විශ්වාසයි රැජින අවසර දෙයි ඔයාට කුමාරය මුනගැහෙන්න""
"" ගොඩක් ස්තූතී අම්ම ම්ම ගැන වද වෙනවට""
"" ලමයො ඔයා ඉක්මනට හොද වෙන්න ඕනෙ
දවස් දෙකකින් ඔයාට උන බැස්සෙ නැත්තම් ඔයා කැමති උනත් නැතත් මම ඔයාව ඇමරිකාවට ගෙන්නගන්නව
මට සෙල්ලම් කර කර දගලන්න ලමයි මහ ගොඩක් නෑ..මොනදේටත් ඉන්නෙ ඔයා
අම්ම විදියට ඔයාගෙ ආරක්ශාව ගැන හොයල බලන්න මට අයිතියක් තියෙනව
එහෙම නොවුනොත් අනෙක් අම්මලට වගේ මට ගොඩක් තරහ යනව""
"" හරි හරි සුදු අම්මියෝ...මම ඉක්මනට හොද වෙනව
ඔයාගෙ කට හඩ ඇහුනම ලෙඩෙන් බාගයක්ම හොද උනා""
YOU ARE READING
VIP ( වී අයි පී )
Adventureමේක ඒක වගේ උනාට ඒක නෙමෙයි...වෙනමම රහක්...රෙඩ් වයිට් ඇන්ඩ් රෝයල් බ්ලූ උඩ ගොඩනගාපු වෙනස්ම වෙනස් කතාවක්. සෙල්ලකාර ජනාධිපති පුතාටයි ආඩම්බරකාර කුමාරයටයි පුලුවන් වෙයිද ආදරේ ජයගන්න.