Ep 55
මම උඩ තට්ටුවට යන කොට ඩියෝගෝ වැඩේ වනාගෙන නානව
මිනිහා ඇදන් මෙට්ට පුටු ඔක්කොම අනික් පැත්ත ගහනව
""ඩියෝගෝ""
"" ඈ,..අනෙ අම්මෝ මම භය උන තරම්""
"" මොකද ඕයි භයවෙලා""
"" භය වෙලා ...භය වෙලා මෝඩයො මම හිටූවෙ මේ ගෙදර කවුරු හරි ආව කියල""
""ඕයි මේ ගෙදර මිනිස්සු ආවනම් තමුසෙව උඩ තට්ටුවෙම් පහලට තල්ලු කරනව
බලනවකො මේ කාමරේ විනාශ කරලනේ
පරිස්සමෙන් හොයන්න එපැයි
මේක නිකන් වල් ඌරෙක් රින්ගපු බඩ ඉ රිගු කොටුවක් වගේනෙ""
"" මේ...මම සූක්ශම විදියට හොගන්නෙ""
"" කොනවද ඉතින් ඔය තරම් සූක්ශ්මව හොයන්නෙ ""
"" මම දන්නෙ නෑ...තමුසෙනෙ දන්නෙ මොනවද හොයන්න ඕනෙ කියල""
"" මැට්ටො හොයන්නෙ මොනවද කියලවත් නොදැනනද මේ බෙල්ල කඩන් හොයන්නෙ""
"" හරියටම දන්නෙ නෑ ..මොනව හරි සැක කටයුතු දෙයක් තමයි හොයන්නෙ"
""හරි...මේ ගෙදර කිසින සැක කටයුතු දෙටක් නෑ අපි යමු ඩියෝගෝ""
"" ම්ම්ම්...අ අපරාදෙ මහන්සි උනේ එහෙනම් යමන්""
"" යන්නෙ කොහොමද මේ කාමරේ මෙගෙම තියල යන්න බෑ....මේක පොඩ්ඩක් පිලිවකට තියලා යන්""
"" ඕනෙ නෑ ඕනෙ නෑ...මේ ගෙදර උන් ඒව අස්කරගනී...අපි යන් .. මේව අස්කර කර ඉද්දි අපි මේ ගෙදර මිනිස්සුන්ට අහුවෙයි"
"" හරි ඒක ඒ වෙලාවට බලමු ...මගේ හිතට හොද නෑ...මෙගෙම අවුල් කරල යන්න ..අපි ඉක්මනට පිලිවල කරලා යන්""ඩියෝගෝ චුරු චුරු ගගා නාගෙන් අඩ අඩා කාමරේ අස්කරන්න මට උදවු උනා
ටෝරෝ....ප්ලාඩි ටෝරස් ...මැටර්ඩෝර් ...ප්ල්කර්ඩෝර්
කාමරේ පෙරලපු පුටු මේස කෙලින් තියන ගමන් මගේ හිතේ ඔය වචන හතර රැවු දෙනව
මැටඩෝර් නගරේ ටෝරස් ගොන් පොර පිටිය ලග ප්ලැකඩෝර් මාලිගාව ඔක්කොම හරි ...තව එකයි හොයන්න ඕනෙ ...ප්ලාඩිටෝරස්
ප්ලාඩිටෝරස්
ඒකියන්නෙ ගොනාගෙ නාහෙට දාන මුද්ද
නාස් ලන්න දාන මුද්ද
මම කල්පනාකර කර ඉද්දි දැක්කෙ
අපි හිටපු කාමරේ එක බිත්තියක තබ වලින් හදපු ලොකු ගොන් ඔලුවක් බිත්තියෙ ගහල තියෙනව ඒ ගොනාගෙ හොම්බේ මුද්දක් තියෙනව
මගෙ හිත කියනව ඒක අතගාල බලන්න
මම කෙලින්ම ගොන් ඔලුව ලගට ගිහින් මුද්ද ඇල්ලුවා
ඒ මුද්ද උස්ස්න්න පුලුවන්
මම ඒක උඩට කැරකුවාම චර බර ගාල සද්දයක් එක්ක සුදු බිත්තිය පැත්තට තල්ලුවෙලා යනව
"" ඕයි ඕයි තමුසෙ මොකද්ද කරේ""
ඩියෝගෝ බිත්තියෙන් ආපු සහ්දෙට බය වෙලා
"" අඩෝ....මේක දොරක්...අභිරහස් දොරක්....මම ඒක ඇරියා...මේකෙ ඇතුලට ගිහින් බලමු""
"" එපා එපා...ඇලෙක්ස් යන්න එපා
ඔය වගේ රහස් කාමරවල ලේසර්ගන් හරි අනතුරු නලා හරි සම්බන්ද කරලා ඇති ඔයා එක පාරට ඇතුලට ගොයොත් වෙඩි වදින්න උනත් පුලුවන් ""
"" අනේ මේ ඔය මගුල් හිත හිත ඉන්න බෑ...මම අවධානමක් අරගෙන ඇතුලට යනවා""
මම එහෙම කියාගෙන ඇරුන බිත්තියෙන් කලුවර කාමරේට රින්ගුව
මගේ ෆෝන් එකේ ලයිට් එක අඩ්බුරු කාමරේට ගැහුවම දැක්ක දෙටින් මම පුදුමයෙන් ගල් ගැහුනා
YOU ARE READING
VIP ( වී අයි පී )
Adventureමේක ඒක වගේ උනාට ඒක නෙමෙයි...වෙනමම රහක්...රෙඩ් වයිට් ඇන්ඩ් රෝයල් බ්ලූ උඩ ගොඩනගාපු වෙනස්ම වෙනස් කතාවක්. සෙල්ලකාර ජනාධිපති පුතාටයි ආඩම්බරකාර කුමාරයටයි පුලුවන් වෙයිද ආදරේ ජයගන්න.