Ep 54
විශාල සුදු පාට කුලුනු උස වීදුරු දාපු ජනේල රතු කහ පටි වලින් හැඩ දාපු ගෙවල්
අපේ වාහනේ ගියේ සාම්ප්‍රධායික ස්පැනිශ් වීදියක
හැම ගෙදරම දාපු අපූරු මැටි උලු මගේ හිත ගත්තා
"" හොද වෙලාවට අපි වෙස් වලාගෙන ආවෙ...මේ පැත්තෙ හැමෝම මම නමෙන්ම අදුනනව""
ඩියෝගෝ සුක්කනම වන්ගුවකදි ටිකක් වැඩිපුර කපන ගමන් කියුවා
"" තමුසෙට ශුවර්ද...ඔය මන්ධිරෙන් පයිප බාස්ලා දෙන්නෙක් ඇතුලට ගනී කියල""
""ඔවූ ඔවූ...මේ පලාතෙ වතුර වල යකඩ ගතිය වැඩි නිසා යකඩ පයිප්ප ඉක්මනට මලකඩකාල දිරනව
ඒක නිසා ජල හා අපවහන මන්ඩලෙන් මාස කීපෙකට සැරයක් ගෙවල් වලට පයිප්ප බාස්ලා එවනව පයිප්ප සුද්ද කරන්න
...අපේ ගෙදරටත් ඉස්සර නිතර පයිප්ප බාස්ලා එනවා
අපේ ගෙදර තියෙන්නෙ මේ කිට්ටුවමයි...මම ඔයාව එක්කගෙන යන්නම් කො...දැන් එහේ මගෙ වසක නැන්දා විතරයි ඉන්නෙ
මගෙ අම්මල තාත්තල ඇමරිකාවට සන්ක්‍රමනය වෙලා එහෙදි නැති උනා...මම ඒව ගැන කතා කරන්න කැමති නැ
මම ඇමරිකාවෙ අනාතයෙක් උනා
මෙහෙ ඇවිත් කරන්න දෙයක් නැති නිසා ඇමරිකාවෙන්ම මගේ ජීවිතේ ගොඩ දාගන්න හිතාගෙන වැඩ කරා
ඒත් මම හිතෙන් ස්පැනිශ්...මෙහෙ සුලග වැදෙද්දි මට ඒක වැඩි පුර දැනෙනව"
ඩියෝගෝගෙ ඇස් වල කදුලු
එයා මාත් එක්ක ගොඩක් කල් එකට හියියත් මේ එයාගෙ අතීතෙ ගැන මාත් එක්ක කතා කරපු පලවෙනි වතාවඒක විශාල මාලිගාවක් වගේ මන්ධිරයක්
ලා දුබුරු මිශ්‍ර ක්‍රීම් පාට උසම උස තාප්පෙකින් වට වෙලා තිබුනා
තාප්පෙ ලගම උස හේසල් ගස් තිබුනා....මේවයෙ වෙන්න ඇති ඩියෝගෝල පොඩි කාලෙ හේසල් ඇහිලුවෙ
"" මෙහේ ගොඩක් වෙනස් වෙලා නේ....මම පොඩි කාලෙ ගොඩක් සෙනග මේ මන්ධිරේ හිටියා
පාර දිගට ලොකු කොටුවල හොදම හරක් හිටියා බුල් ෆයිට් වලට ගන්න
අපි පොඩියට උන්ගෙ කොටුව ලගට යද්දි
උන් ඊටම් ලාඩම් ගහපු කකුල් වලින් දූවිලි අවුස්සලා තරහෙන් පිබිනවා මකරු වගේ
පේද්රෝ සිටුතුමා ලග තමයි හොදම වෘෂභ රාජයො හිටියෙ
එකලග තරග තුනක් දිනපු හරක් ට හරක් කියන්නෙ නෑ ගවය කියක ගෞරව කරනව
එක දිගට තරග 5ක් දිනුවම ඒ සතාට ගොනා කියන්න බෑ වෘෂභරාජ කියන්න ඕනෙ
සැමුවෙල්ගෙ සීයල ගල වෘෂභ රාජයමො රැලක් හිටියා""
ඩියෝගෝ එයාගෙ පරන මතක එකින් එක අවුස්සන ගමන් මගෙ අතින් අල්ලගත්තා
"" දන්නවද ඇලෙක්ස් මේක මගෙ ලොකු ආශාවක්
කවද හරි ඔයාගෙ අතින් අල්ලගෙන මගේ උපන් ගම වටේ ගිහින් මම දන්න කියන හැම දේම ඔයාට පෙන්වන එක
මම පොඩිකාලෙ කරපුව ඔයාට කියන එක
මගේ නෑයන්ට ඔයාව අදුන්වල දෙන එක""
"" ඕයි මේ ඩියෝගෝ...මේ සීරිගස් වැඩක් අස්සෙ ලවු කරන්නනම් තියාගන්න එපා
උබට ඕනෙනම් අපේ වැඩේ ඉවර උනාම කොහේ හරි යමු
නැත්තම් මම පෝල්වත් අරගෙන ට්‍රිප් එකක් එන්නම් මෙහෙට
ඔයා අපි දෙන්නව ගයිඩ් කරන්න "
YOU ARE READING
VIP ( වී අයි පී )
Adventureමේක ඒක වගේ උනාට ඒක නෙමෙයි...වෙනමම රහක්...රෙඩ් වයිට් ඇන්ඩ් රෝයල් බ්ලූ උඩ ගොඩනගාපු වෙනස්ම වෙනස් කතාවක්. සෙල්ලකාර ජනාධිපති පුතාටයි ආඩම්බරකාර කුමාරයටයි පුලුවන් වෙයිද ආදරේ ජයගන්න.