𝙾𝚇𝚈𝙶𝙴𝙽.
" ලොකු පුතේ උබ ඔය කොහෙද යන්නේ. "
" මම අදත් අහනවා මට වෙන සහෝදර සහෝදරියෝ නැති වෙද්දි ඇයි අප්පච්චි මට තාමත් ලොකු පුතා කියන්නේ. මම දන්නවා ඔයා මගෙන් මොකක්ම හරි හංගනවා කියලා. "
" හැමදේම හරි කාලේ ආවම මම කියන්නම් එතකන් ඉවසපන් මගේ පුතේ. මේ අප්පච්චි අසරණයි මේ වෙලාවේ. "
තමන්ගේ තාත්තාගේ ඇස් වල අඩු නැතුව අසරණකම ලියවිලා තියෙද්දි යෂේන් තවත් ඒ ගැන අහන්න නොගියේ එකෙන් වෙන්නේ තාත්තා තවත් අසරණ වෙන එක විතරයි කියලා කොල්ලාට තේරුනා. පොඩි කාලේ ඉදන්ම තමන්ට ඇයි ලොකු පුතා කියන්නේ කියන කුතුහලේ යෂේන්ගේ හිතේ තාමත් අඩු නැතුව තියෙන්නේ ඒ කුතුහලේම කොල්ලාව දවසින් දවස ඇවිස්සුවා.
" කොහෙද යන්නේ කියලා අහපු ප්රශ්නෙට උබ මට තම උත්තර දුන්නෑ. "
" යාලුවෝ එක්ක එලියට යනවා. එද්දි රෑ වෙයි. "
" ම්ම්ම් පරිස්සමින් යනවා. "
තාත්තා එහෙම කියලා ආයෙත් කාමරේට යන දිහා කොල්ලා බලාන් හිටියේ හිස් හැගීමකින්. පොඩි කාලෙ ඉදන්ම අම්මාගේ ආදරේ නොලබපු කොල්ලා හුගක් ආඩම්බරකාර දඩබ්බර චරිතයක් උනා. තමන්ගේ තාත්තා ඉස්සරහදි විතරක් කොල්ලා ටිකක් සන්සුන් චරිතයක් උනත් එලියෙදි කොල්ලා කියන්නේ යකෙක් වගේ චරිතයක් කියලා දන්නේ කොල්ලාත් කොල්ලාගේ යාලුවොත් විතරයි. යාලුවෝ වැඩිය ආශ්රය නොකරන කොල්ලාගේ යාලුවෝ උනේ අශ්වින් වගේම දෙවුරු. වැඩි හරියක් සමාජේ එක්ක ගැටෙන්න කොල්ලා කැමැත්ත දැක්කුවේ සල්ලිකාර ජීවිතේට වඩා කොල්ලා ඒ සාමාන්යය ජීවිතේට ආසා කරපු නිසා.
" මම එන ගමන්. ඌ එතන ඉන්නවනේ හරි හරි. "
කොල්ලා phone එක කනේ ගහගෙන එහෙන්මම බයික් එකට නැග්ගේ ෆුල් ෆේස් හෙල්මට් එක දාගන්න ගමන්මයි. සිකුරිටිට කියලා ගේට් එකෙන් බයික් එක එලියට දැම්මේ නුවර පැත්තට යන්න. කොච්චර කාර් තිබුනත් කොල්ලා ආස කලේම කොල්ලාගේ blacky ට. කොල්ලා ඒකට ආදරේ කරන තරම දන්නේ කොල්ලා විතරමයි.
කොල්ලා ගුඩ්ශෙට් එක ගාවට යනකොටත් කොල්ලාගේ යාලුවෝ දෙන්නා අශ්වින් දෙවුරු දෙන්නා ඇවිත් හිටියේ අශ්වින්ගේ බයික් එකේ. දෙන්නම හෙල්මට් ගලවලා අතේ දාගෙන හිටියේ සංග්ලාස් දෙක තාමත් ඇස් දෙක වැහෙන්න තියෙද්දි. කොල්ලාත් හෙල්මට් එක ගලවලා අතග ගත්තේ බෙල්ලෙන් පහලට තියෙන කොන්ඩේ අතින් හදන ගමන්.