𝙾𝚇𝚈𝙶𝙴𝙽.
කොළඹ ජීවිතේ හිතන තරම්ම අමාරු නොව්නත් සමහර වෙලාවල් තියෙනවා හැමෝටම මේ හැමදේම දමලා ගහලා ආයෙත් නුවරට දුවන්න. මොකද ඒ ජීවිත ඒ තරමට මහන්සි. අමාරුයි. ඒත් ඒ ජීවිත වලට කිසිම වෙලාවක වටේ එයාගේම කියන අය වැටෙන්න දුන්නෑ. තමන්වත් දරාගෙන ඔව්න්වත් දරාගෙන කොහොම හරි ජීවිතේ ඉස්සරහට යන්න උත්සහා කලා මිසක.
" පපා අද ඔයා ආවද. ඩඩාත් ඇවිත්. "
එක දවසක හවස් වරුවේ පළිගුව ඉස්කෝලෙන් ගන්න යසස් යෂ් දෙන්නම ගියේ සති ගානකින්ම පළිගුව දෙන්නටම මගෑරිලා තිබුනු නිසයි. යසස්ලා වයසට යද්දි පොඩි ලමයි හරිම ලස්සන විදිහට වැඩිහිටියෝ විදිහට උස්මහත් උනා. ඒකත් ඒ හැමෝගෙම ඇස් ඉස්සරහා.
අවුරුදු අටක් හරිම ඉක්මනට අවුරුදු අටක් ගෙවිලා ගියේ හිතාගන්නවත් බැරි විදිහට. ඒ කාලේ ඇතුලත හුගක් දේවල් සිද්ද වුනා. යසස් සිහේල ලිහේෂ හසෙල් යෂ් මලීෂ මේ හැමෝම තමන්ගේ degree එක සම්පූර්ණ කලා. සිහේල මුලු රටක් ආදරේ කරන දක්ෂ ක්රීඩකයෙක් උනා. ලිහේෂ හසෙල් දෙන්නම යසස්ගේ company එකේම director bord එකේ හිටියේ යසස් company එකේ මුල් පුටුවට හිමිකම් කියද්දියි. මලීෂ ඩොක්ටර් කෙනෙක් වුනේ යෂ් තමන්ගේ තාත්තාගේ ව්යාපාර ටික අතට ගනිද්දියි. සැහැල්ලුවෙන් ගෙව්න ඒ ජීවිත අද හරිම කාර්යබහුල වගකීම් සහගත ජීවිත වෙලා.
පළිගුට අවුරුදු පහලවක් වුනේ බලාන් ඉදැද්දිමයි. යසස්ට අද වගේ මතකයි පළිගුව ඉස්සෙල්ලාම තමන්ගේ තුරුලට ගත්තු දවස. දූවිලි නාලා හිටපු පොඩි කොල්ලෙක් පාර පනිද්දි ට්රක් එකකට හැප්පෙන්න යද්දි යසස් පැනලා බේර නොගත්තනම් අද මේ ජීවිත මීට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න තිබ්බා. අයුකි අවුරුදු දාහතක ලස්සන කෙල්ලෙක් උනේ අයියලා ටික නොසෑහෙන්න කෙල්ලව රකිද්දි. මොකද පළිගු වගේම අයුකිටත් ආදර ඇරයුම් වල අඩුවක් තිබුනේ නැහැ. හැබැයි දෙන්නාගෙන් එක්කෙනෙක්වත් ඒවා පිළිගත්තෙත් නැහැ. මොකද පොඩි කාලේ නොදන්නවා උනාට පළිගු අයුකි දෙන්නා යසස්ලා ගැන හොදටම දැන් දන්නවා. ඉතින් නිකරුනේ මැරිලා යන්න ඒ පොඩි උන් දෙන්නාගේ හිතේ කිසිම කැමැත්තක් තිබුනේ නැහැ.