59

579 28 7
                                    

𝙾𝚇𝚈𝙶𝙴𝙽.

" මාමා යන්නැද්ද. "

තවමත් ගේට් එක ලගට වෙලා ඇතුල දිහා ගල්වෙලා වගේ බලාන් ඉන්න මෙතුලගෙන් ලිහේෂ ඇහුවේ පොඩි තට්ටුවකුත් දාන ගමන්. ගැස්සිලා වගේ ආයෙත් හරි සිහියට ආව මෙතුල ඔලුව දෙපැත්තට ගසලා ඇතුලට යන්න ගත්තේ ඒ පිටිපස්සෙන් අනිත් හැමෝමත් එද්දි. සිහේලට වඩා මෙයාලා මේ වෙලාවේ එක්සයිට් වෙලා කියලා ඒ මූණු වලින් හොදටම පේනවා.

" තාම පටන් ගත්තේ නැහැ නේද. "

" නෑ නේද. "

ඊටම විනාඩි ගානකට පස්සේ තරගේ පටන් ගත්තේ ශ්‍රී ලංකා පිල පන්දු යවන්න පිටියට එද්දියි. පලවෙනි කඩුලු තුනම ලකුණු 87ක් ඇතුලත බිද යද්දියි විරුද්ද පිලේ මැදපෙල පිතිකරුවන් ඒ ඉණිම ශක්තිමත් කලේ හතරවෙනි කඩුල්ලට ලකුණු 65ක සබදතාවයක් ගොඩ නගලා. විරුද්ද පිලේ සියලුම ක්‍රීඩකයන් ලකුණු 183ක් ඇතුලත දවාගන්න ශ්‍රී ලංකා පිලට පුලුවන් වෙන්නේ කෙටි විවේකයකින් පස්සේ ශ්‍රී ලංකා පිල පන්දුවට පහර දෙන්න පිටියට පැමිණෙද්දියි.

" ඔහ් ශිට් අපරාදේ. "

" ඒ විකට් එකනම් කැරිම විදිහට ගියේ හොදේ. "

මලීෂ යෂ් දෙන්නා එකිනෙකාට කියාගත්තේ අනිත් හැමෝම ක්‍රීඩාංගනය දිහා බලාන් ඉදැද්දි. කඩුලු පහක් දැවී ගිහින් ලකුණු 105ක් ලබාන් ඉදැද්දි සිහේල පිටියට අවතීර්ණ වුනේ ලිහේෂ යසස් හසෙල් තුන් දෙනාම කොල්ලාට අනික් හැමෝටම වඩා හයියෙන් චියර් කලේ අහල පහල හැමෝම කොල්ලෝ තුන් දෙනා දිහා බලද්දියි.

" කමෝන් මෑන්. "

" සිහේල උබට පුලුවන් බ්‍රෝ. "

" කමෝන් සිහේල. I know, You can do it. "

තුන් දෙනා පිළිවෙලට කෑ ගැහුවේ ඉදන් හිටපු පුටු වලිනුත් නැගිටලා. සිහේල වැඩි හරියක් interview වලදි කියන එයාගේ ජීවිතේ වටිනම තුන් දෙනා මේ කියලා කිසිම කෙනෙක් දැනන් හිටියේ නැහැ. ඉතින් සිහේල ground එකට ආවත් හරි අනිත් අයට දැකගන්න පුලුවන් වුනේ හයේ හතරේ පහරවල් විතරක්ම වෙද්දි අවාසනාවන්ත විදිහට සිහේල කලුණු 92ක් ලබාන් ඉදැද්දි දැවී ගියේ පන්දුවාර 20 ම අවසානයේ ශ්‍රී ලංකා පිළ ලකුණු 197ක් ලබාගෙන අවසන් මහා තරගය ජයග්‍රහණය කරද්දියි. ඉතින් ප්‍රේක්ෂකයන්ගේ ඔල්වරසන් මැද්දෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම කුසලානයත් ලබා ගෙන ඡායාරූප වලට පෙනී ඉන්න ගත්තේ යසස්ලා සිහේලට කලින් ගෙදර යන්න ඕනෙයි කියන අදහසින් එතනින් නැගිටලා යන්න යද්දියි. මොකද man of the match උනේ සිහේල නිසා මේක සමරන්න ඕනම අවස්ථාවක්.

𝙾𝚇𝚈𝙶𝙴𝙽 ✔️✔️Where stories live. Discover now