𝙾𝚇𝚈𝙶𝙴𝙽.
" යකෝ නිල් වෙලා. "
යෂ්ගේ උදව්වෙන් ගෙට ගොඩ උනත් හරි සිහේල යසස්ව සෝෆා එකෙන් ඉදවලා බොටම් එක උඩට කරලා යසස්ගේ පෙර්ලුනු කකුල බැලුවත් හරි සිහේලගේ ඇස් උඩ ගියේ යසස්ගේ දනහිස සම්පූර්නෙන්ම නිල් දම් වෙලා තිබුන නිසා. මේ වෙලාවේ කරන්න පුලුවන් එකම දේ උණු වතුරෙන් තවලා බාම් එකක් ගාන එක වෙද්දි සිහේල යෂ්ට යසස්ව කාමරේට එක්ක යන්න කිව්වේ යෂ් යසස්ව හරහට තමන්ගේ අත් අතරට ගනිද්දි. වැටෙයි කියන බයටම යසස් යෂ්ගේ බෙල්ල වටේ අත් දෙක ඔතාගත්තේ ඇස් දෙකත් තදට පියාගන්න ගමන්.
" ඇස් අරිනවා මැණික මම තමුසෙව වට්ටන්නෑ. "
යෂ් යසස්ගේ කනට කරලා මිමිනුවේ යසස් හිමීට ඇස් ඇරලා යෂ් දිහා බලද්දි. දෙන්නගෙම ඇස් එකට පැටලුනත් යෂ් යසස්වත් අරන් උඩ තට්ටුවට නැග්ගේ සිහේල මෙතුල එක්ක වතුර එකක් උණු කරන්න කුස්සියට යද්දි වෙද්දි ලිහේෂ හසෙල් දෙන්නා සෝෆා එකේ ඉදගත්තේ නින්දේ උන්නු පළිගුවත් සෝෆා එකෙන් තියලා. පොඩි එකාට බස් එකේ එද්දිම යෂ්ගේ ඔඩොක්කුවේ නින්ද ගිහින් තිබුනේ ගේ ලගින් බහිද්දි යෂ් පළිගුව ලිහේෂ අතට දෙද්දි.
" කෝ බලන්න. "
" එපා එපා රිදෙනවා අනේ. "
" රිදෙන්නැතුව තියෙයිද. මේ බලනවා නිල් වෙලා තියෙන විදිහ. ඕක අත ඇරලා දාන්න තිබ්බා සුදූ. අනික තව මාසෙකින් දිස්ත්රික් event එක නේද. "
" හරි හරි අනේ. "
යසස්ට එයාගේ තාත්තාගෙන් පිහිටපු හරි ලස්සන දක්ෂතාවයක් තිබ්බා. යසස්ට හොදට දුවන්න පුලුවන් හරියට එයාගේ තාත්තාට වගේම. තාත්තාත් ඒ දක්ෂතාවයෙන් ලෝකයක් ඉස්සරහා රටට කීර්තියක් ගේද්දි යසස්ව දකින යසස්ගේ තාත්තාව අදුරන මිනිස්සු කිව්වෙම යසස් යන්නේ තාත්තාගේ අඩිපාරේ කියලා. ඉතින් තමන්ගේ ලෝකේ වීරයගේ අඩිපාරේ යන්න යසස් කවදත් ආස කලා. ඒ නිසාම taekwondo, swimming වලට අමතරව යසස් කලේ athletic. Athletic වලට යසස් මුල් තැන දුන්නේ swimming taekwondo යාලුවෝ කරන නිසා කරද්දි.
" කෝ ඕක මට දෙන්න මම කරන්නම්. "
සිහේල ගෙනාපු උණුවතුර එකයි රෙදි කෑල්ලයි ගත්ත යෂ් යසස්ගේ කකුල තවන්න ගත්තේ යසස්ට රිදෙන්නේ නැති වෙන්න. තවලා ඉවර වෙලා බාම් ටිකක් අරන් හොදට දනහිසේ ගාලා මසාජ් කරලා කොට්ටයක් උඩින් කකුල තියලා යෂ් උනුවතුර භාජනෙයි රෙදි කෑල්ලයි අරන් පහලට බහිද්දි හොදට දැකලා පුරුදු මූණක් සාලේ සෝෆා එකේ ඉදන් හසෙල් එක්ක කතාවක හිටියේ යෂ් පුදුම වෙලා ඒ දිහා බලාන් ඉද්දි. කතා කර කර හිටියටත් වඩා හසෙල් අඩනවා කියලා දකිද්දි යෂ් කලබල උනේ හසෙල්ව තමන්ගේ මල්ලි තරමටම යෂ්ට දැනුන නිසා. එදා යසස්ලව බේරගරත්තෙත් එතන හසෙල් හිටපු නිසා. ඒ වගේම හසෙල්ට නොදැනෙන්න යෂ් හසෙල්ව පුලුවන් තරම් පරිස්සම් කලා. ඉතින් තමන්ගේ කෙනෙක් උනත් හසෙල්ව රිද්දනවා කියලා දැනුන නිසාම යෂ් පුලුවන් තරම් ඉක්මනට පඩිපෙල බැහැලා ඒ ලගම කටත් ඇරන් මේ දිහා බලාන් ඉන්න සිහේලගේ අතට තමන්ගේ අතේ තිබ්බ භාජනෙයි රෙදිකෑල්ලයි දුන්නේ හසෙල් වගේම ඒ අමුත්තා ලගට ලං වෙන ගමන්.