𝙾𝚇𝚈𝙶𝙴𝙽
" ආච්චි අම්මා. අක්කා. "
_____________________________________________.
" ඒක මම බලාගන්නම්. ඒක නෙවේ. "
" කියපන්. "
" මේ පළිගුව pre school දාන්නත් ඕන නේද මොකද කරන්නේ. "
" හරි සරලයිනේ බම්ලෝ. අපි ගියපු එකට දාපන්. අපි හැමෝම ගිය එකනේ. "
" ම්ම්ම් ඒකත් හොදයි. "
කට්ටිය කතාවෙන් කතාව අම්පිටිය බස් නවත්තන තැනට ඇවිත් බස් එකේ නැගලා පිටිපස්සෙම ශීට් එකෙන් ඉදගත්තේ බස් එක දැම්ම අද්දන්නේ නැති නිසා. කොල්ලෝ ටික කතා කර කර ඉද්දි බස් එකට ගාල කඩා ගත්ත හරක් රැලක් වගේ අදාල පාසලේ ටී ගහන් හිටිය කොල්ලෝ ටිකක් නැග්ගේ එහෙන් මෙහෙන් තුවාල වෙලත් තියෙද්දි. එකෙක්ගෙනම් කෙලින්ම ඔලුවම පැලිලා තියෙද්දි යසස් හිතුවේ හොස්පිටල් නොයා බස් එකකට නගින්න මුන්ට පෛතියන්ද කියලා.
ඒ කොල්ලෝ ටිකත් බස් එකේ තැන තැන ගිහින් ඉදගත්තේ ඉඩ තිබුනු විදිහට. යසස්ගේ එහා පැත්තටත් කොල්ලෙක් ඇවිත් වාඩි වෙද්දි නිකමටවත් හැරිලා නොබැලුවේ කොල්ලාට ඒ ඉස්කෝලේ තියා ඒකේ ඉන්න කොල්ලොත් පේන්න බැරිවෙද්දි. හේතුවක් නැතුව උනත් යසස්ට ඒ ඉස්කෝලේ නම ඇහුනත් ඇති කාපුවත් ඔක්කාරෙට එන්න.
යසස් සිහියට ආවේ එහා පැත්තේ හිටපු එකාගේ phone එක රින්ස් යන සද්දෙන් වෙද්දි phone එක answer කරන්න තරම් සිහියකින් ඒ කොල්ලා හිටියා කිව්වොත් බොරු. ජනේලෙට ඔලුව ගහන් ඔලුවෙන් ලේ ගලන ගමන් කොල්ලා හිටියේ නිමාවක් නැති කල්පනාවක කියලනම් කොල්ලාට තේරුනා. යසස්ට කලින් යසස්ගේ අතේ හිටිය පළිගු අර කොල්ලාගේ ලේ ගලන නලල අල්ලන්න දත කද්දි driver බස් එක අද්දපු නිසා ගැස්සුනු පළිගුගේ අත නොදැනුවත්ව උනත් ඒ හිටපු කොල්ලාගෙ ලේ ගලන නලලේ වැදුනේ කොල්ලා කුණුහර්පෙකුත් කියාගෙන යසස්ලගේ පැත්තට හැරෙද්දි.
" අම්මට හැම්... අහ්. "
හැරිච්ච ගමන්ම කොල්ලා දැක්කේ දිලිසෙන ලොකු ඇස් දෙකක් වෙද්දි කියන්න ගිය දේත් කොල්ලාට අමතක කරවන්න ඒ ඇස්වලට පුලුවන් වුනා. දූවිලි ගෑවුනු ඇදුම් අත් පය කම්මුල් කොල්ලාට තවත් හුරතල් පෙනුමක් ගේද්දි කොල්ලා එහෙන්මම බැලුවේ තමන්ගේ ලේ වලින් වැහිලා තියෙන ඒ පුංචි අත. නොදැනුවත්වම පුංචි කොල්ලාගේ අත ඒ ලේ ගලන නලලේ වැදිලා තියෙද්දි තුවාලේ ආය පෑරුන එකෙන් අලුත් උන ලේ ඒ පොඩි කොල්ලාගේ අත වහගෙන තිබුනා.