𝙾𝚇𝚈𝙶𝙴𝙽.
පාසලට වෙන්න තියෙන සේරම දේවල් උපරිමෙන් යසස්ලා කලා. පහු උනු අවුරුදු ගනනාවක්ම මේ ඉස්කෝලේ නොගියපු අස්සක් මුල්ලක් නැති තරම්. ජීවිතේ වැඩියෙන්ම අඩපු වැඩියෙන්ම සතුටු උනු එක් නවාතැන්පළක් පාසල කියන්නේ. ගහගත්තා මරාගත්තා පන්ති පිටින් කට්ට අව්වේ දණ ගහගෙන පවා හිටියා. එකාට එකා පාවා නොදී සෙක්ෂන් පිටින් දඩුවම් වින්දා. ගුරුවරු එක්ක අමනාපකම් ඇතිකර ගන්නැතුව විහිලුවෙන් තහලුවෙන් විනෝදෙන් කාලේ ගත කලා.
හිස් පීරියඩ් වල රංචු ගැහිලා කතා කියපු තැන්, හොල්මන් අල්ලන්න කියලා ඉස්කෝලේ පාලු තැන් වලට රංචු ගැහිලා ගියපු හැටි, යාලුවෝ වටවෙලා කෑම කාපු තැන්, රන්ඩු කරගත්ත ගහ මරාගත්ත තැන්, කොටින්ම කිව්වොත් ඉස්කෝලේ අස්සක් මුල්ලක් නෑරම අද පාලුවට ගිහින්. මොකද මෙච්චර කාලයක් ඒ තැන් තනි නොකරපු උදවිය අද මේ පාසලෙන් නික්ම යනවලු. ඉතින් පාසලටත් දුකයිලු. මග ඇරුනේ හොදම අයලු. ගිය අය වෙනුවට අලුත් අය ඒ හිස්තැන් පුරවන්න ආවත් ගිය අය පාසලට අමතක නැහැලු. අවුරුදු දහතුනක් තිස්සේ ගෙදරටත් වඩා රැදිලා හිටපු තැන අද සදහටම අතෑරලා ඒ අය යනවලු.
පහු වුණු බිග් මැච් එකෙන් *****පිළ ජයග්රහණය කලේ senior prefect bord එකේ වගකීම් එතනින් නිමයි කියලා සනිටුහන් කරමින්. අවුරුදු දෙකක් පුරා මෙහෙයවපු ක්රිකට් කණ්ඩායමට තිත තියලා නවකයන්ට තැන දුන්නු සිහේල වගේම ලිහේෂත් National Under 19 Team එකට තේරිලා තිබුනේ ඒ දෙන්නාගේ ජීවිත කාර්යබහුල කරලා. Exam නිසාම නුවර හිටියත් AL ඉවර උනු ගමන්ම සිහේල ලිහේෂ දෙන්නට කොළඹ යන්න සිද්ද උනේ තමන්ගේ හීන වලට පණ පොවන්නයි. ඉතින් ඒ විදිහට දුර කියන දේ ඒ යාලුකම ඒ සහෝදර බැදීම මැද්දට ආවත් AL වලින් මාස හතරකට පස්සේ යසස්ලා හදන්නේ ඒ දෙන්නව පුදුම කරවන්නලු.
" මේ වැඩේ කරන්නම ඕනේ කියලා ශුවද. "
" නැත්තම්. ඔයාට බැයිනම් ඉන්න. මල්ලිලා දෙන්නාවත් කොහොමත් එහේ ඉස්කෝලෙකට දැම්මහම ඉවරයි. "
" මුරණ්ඩුකමනම් තියෙනවා මොක නැතත්. "
ලගේජ් ටිකත් අතින් කටින් එල්ලගෙන යසස් යෂේන්ටත් කෑ ගහලා නවත්තලා තිබුනු කා එකට නැග්ගේ කොල්ලා යනවනම් යෂ් කොහොමත් යන නිසා. තත්පරයක් නොදැක්කත්. රෑ වෙලා පහුවෙනිදා එලිවෙනකම්වත් ඒ රූපේ දකින්න නොයිවසිල්ලෙන් ඉන්න යෂ් ජීවත කාලෙටම කොල්ලාව ඈත් කරයිද. එහෙම උනොත් ඒ ගැහෙන පපුව නතර වේවි.