50

465 31 0
                                    

𝙾𝚇𝚈𝙶𝙴𝙽.

" කනා මුට්ටි ටික හරිද. "

" හරි අයියේ. "

යසස් ගිහින් හිටපු ජුනියර් ප්‍රිෆෙක්ට් කෙනෙක්ගෙන් ඇහුවේ කොල්ලා ඔලුව හොලවලා ඔව් කියලා යසස්ට උත්තර දෙද්දි. 8.30 වෙද්දි උත්සවේ පටන් ගත්තේ පිට්ටනිය මැද තියෙන කිරි මුට්ටිය ප්‍රින්සිපල් අතින් ලිපගිනි මොලවලාම උතුරවලායි. එහෙන් මෙහෙන් රතිඤ්ඤා සද්ද එද්දි හැමතැනම වගේ හයිකරලා තිබුනු ශබ්දවිකාශන යන්ත්‍රවලින් අවුරුදු ගීත මහා හඩින් හැම තැනම පැතිරිලා ගියා.

" හරි දැන් එහෙනම් ඔය චාරිත්‍ර ටික පටන් ගන්න කියපන් ඇදගත්ත උන්ට. "

එහෙම කියලා යසස් ජුනියර් ප්‍රිෆෙක්ට් කෙනෙක්ව ගම ගෙදර දිහාට යැව්වට පස්සේ විනාඩි පහක්වත් ගියේ නෑ ඒ ගම ගෙදර ඇතුලේ ඉදන් තැනින් තැන රැව්ල වගේම කොණ්ඩෙත් සුදු උනු සුදු පප්පා බැනියමකට කොටු ගිය සරමක් ඇදලා බඩ මැදටම වෙන්න බෙල්ට් එක දැම්මට මොකද උගේ ඇති බඩක් නෑ. ඒ කොල්ලා මයික් එකත් අරන් කැහැ කැහැ හැරමිටට බර දීලා කතා කර කර පිට්ටනිය මැද්දටම ආවා.

ගමරාළයි ගමහාමිනෙයි ලමයිනුයි එකතුවෙලා අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කලාට පස්සේ තමා දවසේ හොදම හරිය පටන් ගත්තේ. අවුරුදු ක්‍රීඩා. ඉස්සෙල්ලාම තිබ්බේ පොඩි වයස් වල අයට. හයේ හතේ ලමයින්ට අතින් බෝතලේකට වතුර පුරවන්න තිබ්බේ කණ්ඩායම් හැදිලා. ඉතින් ඉස්සෙල්ලාම බෝතලේට වතුර පුරවන කණ්ඩායම තමා දිනන්නේ. ඉතින් ඒ තරගෙන් 6-B පන්තිය පලවෙනි තැන ගත්තේ වතුර හල හල හරි මුලින්ම බෝතලේට වතුර පුරවපු නිසා. පුංචි අත් වලට බේසමෙන් ගන්න වතුර දෝත පෝලිමේ බෝතලේ ලගම ඉන්න අන්තිමයගේ අතට යන්නේ වතුර බින්දු දෙක තුනක් වෙලා.

" හරි එහෙනම් අපි දැන් යමු කනාමුට්ටි තියෙන පැත්තට. ඔව් මට පේනවා මේ වෙනකොටත් එම තරගය පටන් ගෙන ඇති බව. අපි බලමු කව්ද හරිම මුට්ටිය බිදින වාසනාවන්තයා කියලා එහෙම නේද සුහංස. "

" ඔව් දිහේෂ. ඒක ඒ පැත්තෙන් යද්දි මේ පැත්තෙන් අලියට ඇහැ තැබීමේ ක්‍රීඩාවත් ආරම්භවෙලා තියෙනවා. ඉතින් ලොකු පොඩි හැමෝටම මේ ක්‍රීඩාවටත් අපි ආරාධනා කරනවා. "

𝙾𝚇𝚈𝙶𝙴𝙽 ✔️✔️Where stories live. Discover now