𝙾𝚇𝚈𝙶𝙴𝙽
" බලාගෙන තමුසෙගේ ඇහේ පොට යයි. "
____________________________________________.
" ආපුංචි පව්ල රත්තරං "
ඔව් ඔව් ඇවිත් හිටියේ යෂ් වෙද්දි පොඩි එකාට බෑග් එකක් දික් කරන් ඉන්න යෂ්වයි පොඩි එකාගේ අතින් අල්ලන් ඉන්න යසස් දිහාටයි බැල්මක් දාලා යෂ්ගේ යාලුවෝ දෙන්නා කියන්න ගත්තේ යසස් මුන් ටිකව මෙතන බාවන්න බැරිකමට අහකබලාන් ඉද්දි. යෂ් හිටියේ පොඩි එකා ගානටම නැවිලා. ඔව් එක දනහිසක් ඇනතියාන් බෑග් එකක් දික් කරන් ඉන්න යෂ් ගාවට පොඩි එකා ආවේ යසස් ගස්සලා අහකබලා ගනිද්දි.
" බලාගෙන ලොකු මස්සිනේ බෙල්ල ගැලවෙයි. "
අශ්වීන් දෙවුරුට හයිෆයිෆ් එකක් දාන ගමන් කිව්වේ යසස් ඕන මගුලක් කරන්න කියලා ගත්ත බඩු වලට බිල් එක පේ කරන්න කැෂියර් එක ගාවට යද්දි. ගත්ත බඩුවල හැටියට යසස්ට නොහිතුනාම නෙවේ කාඩ් එක හිදෙයි කියලා ඒත් කොල්ලාට බය වෙන්න දෙයක් තිබුනේ නැහැ. මොකද කොල්ලා අස්සේ හැංගුන රහස් නිසාම කොල්ලාට සල්ලි කියන දේ නතින්.
" sir මුලු ගාන 34, 500. Cash or card sir. "
කැෂියර් එකේ හිටිය කෙල්ල හිනා වෙලා කියද්දි කොල්ලා කෙල්ලට කාඩ් එක දික්කලේ මුලු ගානම කාඩ් එකෙන් කැපෙද්දි. ඒ ගෙවලා එලියට එද්දිම වගේ යෂ් පළිගුවත් වඩාගෙන එලියට ආවේ සිහේල යසස් දිහා මහා කිණ්ඩි බැල්මක් දෙද්දි.
" ආ වෙන්ඩ මස්සිනේ. මොකෝ මෙහේ. "
සිහේල යෂ්ගෙන් ඇහුවේ යෂ් සිහේල දිහා අමුතුවට බලාන් ඉන්න ගමන් වෙද්දි යෂ්ගේ යාලුවා අශ්වීන් සිහේල දිහා බලලා ලිහේෂ දිහාත් බැලුවේ කලින් ඒ ඩබලව නෝට් නැති නිසා.
" දන්නැද්ද ඉතින් පියාට පුතා නැතුව බැහැලුනේ. බයික් දෙක ගන්න යද්දි ඔය දැකලා රිංගුවේ මේක අස්සට. "
යෂ් වෙනුවට දෙවුරු උත්තර දෙද්දි යෂ්ගේ අතකුත් බැන්ඩේජ් කරලා තිබුනේ හසෙල්ට ඒ ගැන අහන්න කට නලියද්දි.
" තමුසෙගේ අතට මොකද උනේ. "
හසෙල් මනුස්සකමට ඇහුවේ යෂ් පුංචි කොල්ලාව වුනත් වඩාගෙන හිටියේ ඒ අතින් නිසයි. පුංචි කොල්ලා බර නැති උනත් යෂ්ගේ ඇස් වල වේදනාව තිබ්බාත් යසස් පොඩි එකාව තමන්ගේ අතට ගන්න කොච්චර ට්රයි කලත් ගන්න බැරි උනේ පොඩි එකා යෂ්ගේ බෙල්ල දෑත බදලම බදාගෙන හිටියේ අහක බලාගෙන.