46

480 37 0
                                    

𝙾𝚇𝚈𝙶𝙴𝙽.

ඉතින් මේ ගෙවෙන්නේ යසස්ලාගේ පාසල් ගමනේ සුන්දරම මාස කිහිපය. යසස් HP හැටියට සහභාගි වෙන පලවෙනි සහා පාසල් ජීවිතේ සහභාගි වෙන අවසන් ක්‍රීඩා උත්සවය. ඉතින් ඒ සුන්දර දවසට දින නියම වෙලා තිබුනේ මේ මාසෙම අන්තිමට. ඉතින් මේ මැයි මාසේ.

" අනේ මගේ කොන්ද රිදෙනවා යකෝ හිටන් ඉදලම. "

" කරන්න දෙයක් නෑ තව ටිකක් තියෙනවා. "

" උබ කියයි. තොගේ ටොපී තමා අපිත් කන්නේ රෙද්ද. "

යසස් සිහේල දෙන්නා කිසිම ගහක් කොලක් නැති කිසිම හෙවනක් නැති ground එකේ එක තැනකට වෙලා මේ බලාන් ඉන්නේ running events ටික දිහා. නිවාස හතරෙම දක්ෂ ලමයි හිටපු නිසාම යසස්ට හිතුනේ මේ සැරේ best runner තෝරන්න හුගක් අමාරු වෙයි කියලා.

" අන්න මෙතුසර. "

" මේ මීට' කීයද. "

" 400. මූ ආය 800, 1500 ටත් නම දාලා තියෙන්නේ. "

" ම්ම්ම් බලමු මොකද වෙන්නේ කියලා. "

ඒ එක්කම මීටර් 400 යේ ඉවෙන්ට් එක පටන් ගත්තේ පටන් ගැන්මේ ඉදන්ම පෙරමුණ මෙතුසරට යද්දි. ඉතින් පටන් ගැන්ම වගේම අවසානයක් මෙතුසරගේ වෙද්දි ගැමුණු නිවාසෙට ඒ ජයග්‍රහණය ගියේ මෙතුසර ගැමුණු නිවාසේ නිසා. ඉතින් නිවාස හතර ගැමුණු පරාක්‍රම මහින්ද ආනන්ද. ඔය විදිහට නිවාස හතර බෙදෙද්දි සිහෙල යසස් ආනන්ද ලිහේෂ මහින්ද හසෙල් මෙතුසර යුහාර ගැමුණු කියන නිවාස තුනට බෙදිලා හිටියා.

ඊලග ඉවෙන්ට් එකෙනුත් කිසිම ගේමක් නැතුවම මෙතුසර පලවෙනියා වෙද්දි 1500 ඉවෙන්ට් එක මෙතුසරට ටිකක් අමාරු උනේ තමන්ගේ අයියත් ඒ ඉවෙන්ට් එකට සහභාගි වෙන නිසා. මෙතුසර ගැමුණු එකෙන් ඉවෙන්ට් එකට ෆේස් කරද්දි. ඉතින් මුලු ඉස්කෝලෙම මේ වෙලාවේ ground එක ලග. මොකද මෙතුසර දෙවනි උනේ යසස්ට විතරයි. ඉතින් මේ තරගේ මගෑරගන්න හොද නැතිම තරගයක්.

" get set ready go! "

විදානේ ලැබෙනවත් එක්කම දුවන්නම සූදානම් වෙලා තිබුනු ඇගවක් ඉස්සරහට විදලා නිවාස හතරෙම කොල්ලෝ දුවන්න ගත්තේ යසස් මෙතුසර එකම වේගෙකින් පිටිපස්සෙන් එද්දි. මේ වෙලාවේ ඉතුරු හය දෙනාම උන්නේ මෙතුසර යසස් දෙන්නව පාස් කරලා. ඉතින් අන්තිම වට දෙක වෙනකනුත් පිටිපස්සෙන් උන්නු යසස් වගේම මෙතුසර තමන්ගේ මුලු ඇගේන ජවය කකුල් දෙකට දීලා ඉස්සරහට ඇදුනේ මෙච්චර වෙලාම ඉස්සරහයින් උන්නු කොල්ලෝ හය දෙනා මහන්සියත් එක්ක ටිකක් ඩව්න් වෙලා හිටපු එක යසස් මෙතුසරට වාසියක් වෙද්දි. ඉතින් අන්තිම වටේදි යසස් මෙතුසරව පාස් කරන් පෙරමුන ගනිද්දි යසස් මුතුසරට තත්පර තුනකට කලින් තරගේ අවසන් කලේ රෙකෝඩ් එක්කුත් තියන ගමන්. කලින් ඒ රෙඩෝක් එක තියලා තිබුනේ commerce එකේම ඉගන ගත්තු ගැමුණු නිවාසේ කොල්ලෙක්. ඉතින් යසස් අවුරුදු පහකට කලින් තියලා තිබුනු රෙකෝඩ් එක ඒ විදිහට කඩද්දි 1500 ඉවෙන් එකේ පලවෙනි තැන යසස්ට යද්දි තත්පර තුනකින් දෙවනි තැන මෙතුසරට ගියා.

𝙾𝚇𝚈𝙶𝙴𝙽 ✔️✔️Where stories live. Discover now