𝙾𝚇𝚈𝙶𝙴𝙽
" මේ ලමයව හදාගන්න ගත්තේ කාගේ නමටද. "
_____________________________________________.
" ආච්චි අම්මේ. මම.. මේ "
" මම ප්රශ්නයක් ඇහුවා යසස්. "
" ත්..තාත්තාගේ නමට. "
ආච්චි අම්මාගේ හඩ උස්වෙද්දි හැමෝගෙම ඇස් හැරවිලා තිබුනේ යසස් දිහාට වෙද්දි යසස් ගොත ගගහා වුනත් දරුවව හදාගන්න ගත්තේ තාත්තාගේ නමට කියද්දි ආච්චි අම්මාට ඇරෙන්න අනික් හැමෝටම ගත්ත හුස්ම පහලට දාන්න අමතක වුනා. ඔව් දන්න තරමින් යසස්ගේ තාත්තා මේ ලෝකේ නැහැ. එහෙම කෙනෙක්ගේ නමට දරුවෙක් හදාගන්න ගන්න.
" ම්ම්ම්ම්. ඔය දරුවව හෝදවලා ඇදුමක් අන්දවන්න. දෙන්නාගෙම පොඩි කාලේ ඇදුම් මගේ කබඩ් එකේ ඇති. "
හිතුවට වඩා හොද ප්රතිචාරයක් ආච්චි අම්මාගෙන් ලැබෙද්දි උඩට ගත්ත හුස්ම හැමෝම පහතට දැම්මේ යසස් අක්කා අතට පොඩි එකාව දෙද්දි. ඒත් අඩන්න වගේ මූණ හදාගත්ත පොඩි එකා ඊලග පාර හිනා වෙන්න ගත්තේ සහේලිගේ බෙල්ලේ තියන මාලේ දැකලා. බස් එකේ එනකනුත් යෂ්ගේ බෑන්ඩ් එකත් එක්ක ඔට්ටු උන පුංචි එකා සහේලිගේ බෙල්ලේ දිලිසෙන ඒ චේන් එකත් එක්ක ඔට්ටු වෙන්න ගත්තේ සහේලි කොල්ලාව වොශ් දාන්න එක්ක යන අතරේ.
" පුංචි පව්ල රත්තරන්. "
සිහේල කටින් ඒ වචනේ පිට වුනේ phone එක දිහා බලාන් වෙද්දි සහෙල් එහෙන්මම යසස් දිහාට දැම්මේ හෙන කුප්ප නෝන්ඩි හිනාවක් වෙද්දි කොල්ලෝ ටිකත් එහෙන්මම phone screen එකට එබුනේ තිබ්බ දේ දැකලා අනිත් උන්ට හිනා යද්දි යසස් ඇස් දෙකත් ලොකු කරන් බලාන් ඉද්දි.
" අඩෝ යසස් මචං මේහ් උබ නේද. "
සිහේල phone එක යසස්ගේ පැත්තට හරවන ගමන් ලග හිටපු හසෙල්ටත් ගගහා හිනා වෙන්න ගත්තේ අදාල පාසලේ commerce section එකේ හැම කොල්ලෙක්ගෙම වගේ whatsapp status එකක් උන ' පුංචි පව්ල රත්තරං ' photo එක පෙන්නලා. ඒකේ තිබ්බේ දවල් යෂ් පළිගුවත් තුරුල් කරන් යසස්ගේ උරහිසට බරවෙලා නිදාගෙන හිටපු photo එක වෙද්දි ඒක ගැහුවේ මොකාද shear කලේ මොකාද කියන එක හොයන්නේ නැතුව යසස් යෂ්ගේ අම්මා අප්පාගේ ඉදන් පරම්පරා ගනනාවක්ම මතක් කලේ සිහේලගේ phone එක උගේ අතටම තද වෙද්දි.