16

675 47 0
                                    

𝙾𝚇𝚈𝙶𝙴𝙽.

ඉතින් අලුත් දවසක්. අලුත් මාසයක්. හැමදේම අලුත් වෙද්දි සමහරුන්ගේ බැදීම් අලුත් උනා. සමහරු හිටියට වඩා ලං වුනා. සමහරු හිටියටත් වඩා ඈත් උනා. සමහරුන් හිටිය විදිහටම හිටියා. සමහර දේවල් වෙනස් උන විදිහ ඒ අයටවත් හිතාගන්න බැරි උනා.

" මොකද මේකට කරන්නේ. "

" අනේ රිදෙනවානේ. "

" රිදෙන්න නෙවේ මරන්න තියෙන්නේ. පේන් එක තියාන් මම කිව්වා තොට practice එන්න එපා කියලා. උඩ දාගෙන ආවනම් ඉදපන්. "

උදේම ground එකට practice කරන්න කියලා හිතාන් ලිහේෂ බැස්සත් මොකද කොල්ලාට උනේම සිහේලගෙන් බැනුම් අහන්න. පෙරේදා ඉදන් තියෙන muscle pain එක නිසාම සිහේල ලිහේෂට නොකිව්වා නෙවේ අද practice එන්න එපා කියලා ඒත් මුරණ්ඩුකමටයි practice මග ඇරගන්න බැරිකම නිසයි උදේ ලිහේෂ practice ආවත් මොකද විනාඩි පහලවක්වත් කොල්ලාට practice කරන්න හම්බුන්නැත්තේ muscle pain එක හිතුවට වඩා කොල්ලාට අල්ලද්දි. හිටගන්නවත් බැරි තැන කොල්ලා තමන්ට එහා පැත්තේ හිටපු සිහේලගේ ඇගට බර උනේ සිහේල කලබල වෙද්දි. එහෙන්මම කොල්ලාව හෙවනකින් ඉන්දලා ඒ වෙලේ ඉදලා මේ වෙනකම්ම බැන්නේ ලිහේෂ වේදනාවටම කදුලු පිරිච්ච ඇස් දෙකෙන් තමන්ට බයින සිහේල දිහා බලාන් ඉද්දි.

" පුදුම නපුරෙක්. "

" මොනාද කුටු කුටු ගාන්නේ ඇහෙන්න කියපන්. "

" මුකුත් නැහැ මට රිදෙනවා. "

" ඔහොම ඉදපන් මෙඩිකල් රූම් එකට එක්ක යන්නම්. "

සිහේල ඇවිදගන්නවත් බැරි කොල්ලාව අත් දෙකට ගත්තේ දෙන්නාම සුදු පාට practice ඇදුමෙන් ඉද්දි වගේම තාම 6.30 වෙලා නැති නිසා prefectsලයි උදේම එන ලමයිනුයි ඇරෙන්න තාම කිසිම ලමයෙක් ඉස්කෝලේ නැහැ. ඒත් ලිහේෂව අත් අතරට අරන් මෙඩිකල් රූම් එකට යන මග දිගට හම්බුන හැමෝම සිහේලයි ලිහේෂ දිහයි බැලුවේ පුදුමෙන් උනත් කිසිම කෙනෙක් කතාවට නොගියේ සිහේල කව්ද කියන්න හැමෝම දන්න නිසා.

" ඇයි මේ ලමයි තමුසෙව දැක්කාම බිම බලාන් යන්නේ. "

" ප්‍රශ්න අහන්නේ නැතුව ඉදපන්. නැත්තම් අත අරිනවා බිමට. "

𝙾𝚇𝚈𝙶𝙴𝙽 ✔️✔️Where stories live. Discover now