𝙾𝚇𝚈𝙶𝙴𝙽
කොච්චර ඇහුවත් කතා කරන්නේ කව්ද කියලා අනෙක් පසෙන් හ්ම්ම්ම් සද්දයක්වත් නොවෙද්දි යසස්ගේ උනත් ඉවසීමේ සීමාව පැන්නුවේ නිදාගන්න තිබුනු වෙලාව මෙහෙම නාදුනන කෙනෙක් නිසා විනාස වෙලාම යද්දි.
" කව්ද අයිසේ මේ. "
" කතා කරනවා හලෝ කටක් නැද්ද. "
" මහා පාන්දර මිනිස්සුන්ගෙන් ආතල් නොගෙන phone එක තියපන්. "
" ගොළුයිද ඕයි තමුසේ. මොන මල විකාරයක්ද. "
දුරකථනය කනේ තියාගෙනම යසස් බනින්න ගත්තේ එහා පැත්තේ උන්නු හසෙල් නැගිටලා යසස් දිහා බලාන් ඉද්දි.
" ඔච්චර තරහා ගන්න එපා ඕයි. ඉක්මනට වයසට යයි. අහනවා. තමුසෙගේ අයියාද කව්ද. අන්න උගේ phone එක දාලා ගිහින් ඇවිත් ගන්නවා. ඒක කියන්න ගත්තේ. "
හොදට අහලා පුරුදු කටහඩක් වෙද්දි යසස් උන්නේ පුදුමෙන් වගේම තරහිනුත් පුපුරන්න ඔන්න මෙන්න. පොල්ලෙන් ගැහුවා වගේ කියලා එහා පැත්තෙන් ඇමතුම විසන්දි වෙද්දි යසස් හිටියේ phone එක පොලේ ගහන්න බැරිකමට වෙද්දි මාමාත් මොන සිහියෙන් ඉන්නවද කියන එක යසස්ට ප්රශ්නයක් වුනා. උණ නිසා මාමා බේරුනා වගේම කොල්ලා පාන්දර කියලා බලන්නේ නැතුවම ඩිස්පෙන්සරියට ගියේ phone එක අරන් එන්න.
ඒ යද්දිත් ඇමතුම ගත්ත අයිතිකාරයා කෝපි එකක් බොන ගමන් මාමාගේ කියලා කියන්න පුලුවන් දුරකථනයක් අතේ තියාන් හිටියේ යසස් පැනලා ඒක ගන්න උත්සහා කරද්දි උනත් ඊට වඩා අනෙකා ඉක්මන් උනා.
" දෙනවා ඕක මෙහාට. "
" phone එක බලාගත්ත මනුස්සයට ඔහොමද කතා කරන්නේ. "
" තමුසෙට ඒක කවුරුත් බලාගන්න කිව්වේ නෑනෙ. බලෙන් දුන්නට කරන්න දෙයක් නැහැ. දීපන් ඕක මෙහෙට. "
" නොදුන්නොත්. "
" මාමා අලුතෙන් එකක් ගයි එහෙම උනොත්. උබ ඕක තියාන් මැල්ලුම් හදාන් කාපන් ගොං වස්සා. "
යසස් ඉස්සරා හිටපු කෙනාට කියලා එන්න ආවත් යසස්ට යාගන්න පුලුවන් වුනේ අඩි දෙකයි. අනෙක් කෙනා යසස්ගේ මැණික් කටුව ගාවින් අල්ල ගත්තේ යසස් ඒ අතින් තමන්ගේ අත අත ඇරවගන්න ලොකු උත්සහයක යෙදෙද්දි.