𝙾𝚇𝚈𝙶𝙴𝙽
පුංචිම පුංචි විවේකයකින් පස්සේ ඩේ එක ආයෙත් පටන් ගත්තේ හොදම හරිය පටන් ගන්නේ මෙතන ඉදන් නිසා කෙල්ලෝ කොල්ලෝ ටිකටනම් කිසිම කම්මැලිකමක් තිබුනේ නැහැ. 13 කොල්ලොන්ගේ නැටුමක් තිබ්බේ මුලු ස්ටේජ් එකම හෙල්ලිලා යන්න. ඒක ඇත්තටම සුපර්බ්.
එකම එක කොල්ලෙක් ඇති මුලු වැඩේම ගොඩ දාන්න කිව්වා වගේ dance එක ගොඩ දැම්මෙත් 13 වසරේ එකම එක කොල්ලෙක්. ඉතින් ඔය සේරම ඉවර වෙලා බදිමු සුදා එක යද්දිනම් කෙල්ලෝ කොල්ලෝ සේරම ගුලිකාලා වගේ හිනා උනේ ඒ shoot එකට.
" එහෙනම් DESPERDICIO CERO' 23 හි අවසානය මෙසේ සනිටුහන් කරන වගයි. එසේනම් සියලු දෙනා එක්ව ගයමු ජාතික ගීය. "
කොහොම හරි 1.10 විතර වෙද්දි ඩේ එකේ වැඩ ඉවර උනේ ඉන්වයිටඩ් school වල කෙල්ලෝ කොල්ලෝ ටික යද්දි වගේම *****කොල්ලෝ ඩේ එකේ ඩෙකරේෂන් එහෙම අස්කරන්න ගනිද්දි. Entrence එක ගලවලා එහෙන්මම අරන් යද්දි 12 වසර කොල්ලෝ ටික ඔඩිට් එක අතුගාන්න අස්කරන්න ගත්තේ අන්තිම අයිටම් එකේදි මල් අනන් මනම් ස්ටේජ් එකට වැටුන නිසා.
" එහෙනම් ඉවරනේ අපි කැපුනා. පලිගුව ගන්න යන්න ඕනේ. "
" ඉදපන් අපිත් එනවා. "
යසස් 2.30 වෙද්දි කට්ටියටම කියලා එලියට ආවත් සිහේල ලිහේෂ හසෙල් තුන් දෙන්ත් ඒ පස්සෙන්ම ආවේ හතර දෙනාම මාලිගාව ලගින් පඩිපෙල බැහැලා එහෙන්මම ප්රී ස්කූල් එක ලගට එද්දි ඒ වෙනකොටත් පළිගු හිටියේ යෂ්ගේ අතේ. ඩේ එක ඉවර උන ගමන්ම යෂ් පලිගුව ගන්න ආවේ අශ්වින් දෙවුරු දෙන්නා ටව්න් එකට ගියේ ගන්න බඩු වගයක් තියෙනවා කියලයි.
" ඔයා ආවද මම හිතුවේ ඩේ එක ඉවර උන ගමන් යන්න ඇති කියලා. "
" පපා අද පලක්කුයි. ඩඩා තමා හොදම. "
" ඩඩාට ඉතින් අස්පස් කරන්න තිබ්බේ නෑනේ පුටු රත්කරලා එන්න විතරනේ තිබ්බේ අපි එපේ එව්වා අස්කරලා දාලා එන්න. "
යසස් තමන්ටම මුමුණ ගත්තේ පළිගු යෂ්ගේ අතින් යසස්ගේ අතට පනිද්දි. කොල්ලෝ ටිකම ආයෙත් මාලිගාව පැත්තෙන් වැවරවුම දිගේ ඇවිදින්න ගත්තේ පලිගු කොහොමත් දැන්ම ගෙදර යන්න බෑ කියනවා කියලා දන්න නිසාමයි.