48

434 32 7
                                    

𝙾𝚇𝚈𝙶𝙴𝙽.

ඉතින් ක්‍රීඩා උත්සවේ භීෂනේ ඉවර උනත් හරි අවුරුදු උත්සවේට නටන්න උනේ කොල්ලන්ට ඒ සතිමෙය සිකුරාදා දෙන නිසා. මහන්සි කියලා බලන්නැතුව කොල්ලෝ ටික ඒකටත් මහන්සි උනේ මේ ඉස්කෝලේ ඉන්න අන්තිම කාලේ නිසා.

" අපේ පංතියෙන් කව්ද අවුරුදු කුමාරයට යන්නේ. "

උදේම පංතියට ආපු පංතිභාර මැඩම් එහෙම ඇහුවත් හරි හැමෝගෙම ඇස් හැරවුනේ පංතියේ පිටිපස්සෙම පේලිය දිහාට. පොතක මොනාද දමාගෙන ලියන ගමන් උන්නු සිහේල තමන්ගේ පැත්තට අවධානේ ඇවිත් කියලා තේරුන නිසා ලිහේෂ දිහා බැලුවේ ලිහේෂ ඇස් දෙකත් ලොකු කරන් ඉස්සරහා බලාන් ඉද්දි. සිහේලත් පොතෙන් ඇස් අහකට අරන් පංතිය දිහා බැලුවේ පංතියේ හැමෝගෙම ඔලු තමන් දිහාවට හැරිලා තියෙනවා දැකලා ගැස්සෙද්දි.

" ම්..මොකද ම්..මේ. "

" මේ ඉන්නේ මැඩම් බැබලි බැබලි. ආය ඕක අහන්න ඕනයෑ. "

පංතියේ තඩියා මැඩම්ට කෑ ගහලම කියද්දි මැඩමුත් හිනා වෙලා සිහේලගේ නම කොලේක ලියා ගත්තේ සිහේල උඩ බිම බලද්දි. සිහේල ලිහේෂ දිහාට හැරුනේ මේ අන්ඩරදෙමලේ නොතේරුන නිසාමයි.

" ඔයාව අවුරුදු කුමාරයට දැම්මා පංතියෙන්. "

" අනේ බුද්ධික පුතෝ මං තෝව කනවා බල්ලෝ. " 

සිහේල කෑ ගහගෙන නැගිට්ටේ පංතියේ තඩියා එහෙන් මෙහෙන් ලමයුනුත් පෙරලගෙනම දුවන්න ගනිද්දි. තඩියා කිව්වට කොල්ලා ගානකට හිටියා. සිහේලගෙන් බේරෙන්න පිටිපස්ස බල බල දුවපු බුද්ධිකට ඉස්සරහා බලන්න අමතක උනා. ඉතින් ඉස්සරහයින් තිබ්බ බිත්තියේ ඔලුවත් ඇනගෙන ආපස්සට විසික් වෙලා පිටිපස්සෙන් දුවන් ආපු සිහේලවත් යට කරන් බිම පතබෑවුනේ සිහේලට දවල් තරු පෙන්නලා.

" නැගිටපන් බල්ලෝ හුස්මගන්න බෑ මට. "

" කෝ තෝ. කොහේ ඉදන්ද කතා කරන්නේ. "

සිහේලගේ ඇග උඩ ඉදන්ම සිහේලව හොයන බුද්ධිකව දැක්කාම පංතියේ සේරම ඔලුවේ අතගහගත්තේ සිහේල අරූට යට වෙලා විදින දුක දැකලා. බුද්ධිකගේ පිටට නිදහස්ව තිබ්බ අතෙන් අත දිගෑරලා ඩෑශ් එකක් දුන්නේ කොල්ලා පිටත් අල්ලන් එහෙන්මම නැගිටලා බිම වැටිලා ඉන්න සිහේලට රැව්වේ සිහේල අරූව මරාන් කන්න වගේ බලාන් ඉද්දි. එහෙන්මම නැගිට්ට සිහෙල ගුරුමේසේ තිබ්බ බෝඩ් එක මකන එක අරන් එහෙන්මම බුද්ධික පැත්තට විසික් කලේ බුද්ධික ඒකෙන් බේරෙන්න නැව්න පාර ඒක ගිහින් එහෙන්මම දොරෙන් මතු වුන යසස්ගේ මූණ මැද්දටම ලෑන්ඩ් කරද්දි.

𝙾𝚇𝚈𝙶𝙴𝙽 ✔️✔️Where stories live. Discover now