13

702 51 4
                                    

𝙾𝚇𝚈𝙶𝙴𝙽.

" ඇයි මට එන්න බැරිද. "

" එන්නනම් පුලුවන්. ඒත් කාගෙන් අහලද තමුසේ ආවේ. "

" තමුසේ තමුසේ ගාන්න එපා යකෝ මට නමක් තියෙනවා. අනික වයසට ගරුකරපන්. "

" ගරුකරන්නම වටින එකා. කාව හම්බෙන්නද ආවේ. "

" හම්බෙන්න ආපු කෙනා හම්බුනා මම යනවා. හෙටවත් ඉස්කෝලේ එනවා. නැත්තම් බැජ් එක ගහලා යයි. "

ආපු කෙනා අනිත් අතට යද්දි හසෙල් හිතින් විතරක් ප්‍රාර්ථනා කලා ඒ කෙනා ගෙදර යනකම්ම පරිස්සම් වෙන්න කියලා. කොච්චර මුරණ්ඩු උනත් හදවත දන්නවා මොකද්ද කරන්න ඕන කියලා.

" හසෙල් මම එලියට යනවා උබත් එනවද. "

" මාමා තනියමනේ. "

" මාමා බබෙක් නෙවේනේ දැන් උණත් අඩු එකේ අපි එනකම් ඉන්න පුලුවන් නේහ්. "

තාමත් දොර ලග ඉදගෙන සීමාවක් නැති කල්පනාවක වැටිලා හිටපු හසෙල් මේ ලෝකෙට ගෙන්නගන්න යසස්ට පුලුවන් වුනා. ගෙදර බඩු වල අඩුවක් තියෙද්දි ඒ ටික ගන්න එලියට යන්න හසෙල්ටත් කතා කලේ තනියම යන්න බැරි නිසා. මෙතුලගේ උණත් අඩු නිසා මෙතුලට තනියම එනකම් පැය දෙක තුනක් ඉන්න වුනත් හසෙල් යසස් එක්ක යන්න කැමති උනේ කොල්ලා තනියම කොහෙවත් යන්න කැමති නැති නිසා. දැන් තමන් බෑ කිව්වත් තමන්ව උස්සගෙන හරි යසස් යන බව හසෙල් දන්නවා.

" මොනාද අඩු ගෙදර. "

" වැඩිය නෑ හාල් පොල් පිටි සීනි සබන් මස් මාලු... "

" හෝව් හෝව් ගෙදර තියෙන්නේ මොනාද කියපන්. ඒක ලේසි. "

" මුකුත් නෑ. "

" මුගේ අම්මට. යමන්කෝ. "

කීල්ස් එකට ආව ගමන්ම යසස්ගෙන් ගෙදර අඩුපාඩු මොනාද අහද්දි ලිස්ට් එකක්ම කියාන් ගියේ හසෙල් කොල්ලාගේ කියවිල්ල නවත්තලා ගෙදර තියෙන්නේ මොනාද අහද්දි ඒත් මුකුත් නෑ කිව්ව පාර යසස්ගේ අම්මාව මතක් කලත් වෙලාවට ඒක යසස්ට ඇහුනේ නෑ වගේම හසෙල් ට්‍රොලියක් ගත්තේ ගන්න තියන බඩුවල හැටියට එක ට්‍රොලියක් ඇතිවෙයිද කියන සැකේ කොල්ලාට එද්දි. ඔව් ඉතින් ගෙදර මුකුත්ම නැති වෙද්දි ඒ හැම දෙයක්ම මෙතනින් ගන්න වෙනවනේ.

𝙾𝚇𝚈𝙶𝙴𝙽 ✔️✔️Where stories live. Discover now