𝙾𝚇𝚈𝙶𝙴𝙽
" මමා ඔයා මොකද මෙහේ කරන්නේ. "
Office room එකට ඇතුල් වෙනවා හා සමානව ඒ දැක්ක රූපේ. අවුරුදු ගානකට පස්සේ ඒ දකින රූපේ. ඒකත් එදා දැක්ක විදිහටම දකිද්දි. කිසිම වරදක් නොකරත් එදා මුලු ලෝකයකට වරදකාරයා උනු ඒ කෙනා අද මෙහෙම ප්රින්සිපල් office එකේදි දැකගන්න හම්බවෙයි කියලා යසස් කීයටවත් හිතුවේ නෑ. පොඩි කාලෙම අම්මා තාත්තා නැති වුන පොඩි කොල්ලාව බලා ගත්තේ මේ කෙනා. ඒ කෙනාටත් මුලු ලෝකයක් ඇගිල්ල දික් කරද්දි. ඒකත් නොකරපු වරදකට. තමන් නිර්දෝශි කියලා හොදටම දැන දැනත් වැරදි කාරයා වෙලා අතුරුදන් වෙලා ගිය කෙනා ආයෙත් මෙහෙම තමන් ඉස්සරහා ඉන්නවා දකින්න යසස් මේ අවුරුදු ගානම හීන දැක්කා. මොකද කොල්ලාගේ පුංචි ලෝකේ ඇතුලේ මාමා කියන්නේ හරි වටින චරිතයක්.
" ආ කොල්ලෝ. කොහොමද ඉතින්. "
යසස්ගේ මාමා පුටුවෙන් නැගිටලා එනගමන් එහෙම ඇහුවේ යසස් ගිහින් අවුරුදු ගානකට අහිමි වෙලා තිබුනු ඒ උණුහුම විදගනිද්දි. යසස් වගේම හසෙල්ටත් මාමා උනේ මේ කෙනා. දෙන්නාගෙම අම්මා තාත්තා නැති වෙද්දි තාත්තෙක්ගේ උණුහුම දෙන්නටම දුන්නේ මේ කෙනා. ඉතින් හසෙල් පැත්තකට වෙලා බලා ඉදීද. අපෝ නෑ කොල්ලාත් හරිම ලෝබ කමින් ඒ තුරුලට වැදුනා.
" ok mister ඔයාට දෙන්නාව එක්ක යන්න පුලුවන්. මම යසස්ටයි හසෙල්ටයි කතා කලේ මිස්ටර්ව මම නොදන්න නිසා. මෙහෙම එකපාරටම ඇවිත් මගේ ඉස්කෝලේ ඉන්න හොදම ශිශ්යයෝ දෙන්නෙක්ව ඉස්කෝලෙන් අවේලාවේ ගෙදර එක්ක යන්න ඕන කියද්දි කොල්ලොන්ගේ වගකීම අපි අතේ තියන නිසා අපි බය වෙනවා. ඉතින් මිස්ටර් ඔයාට දෙන්නාව එක්ක යන්න පුලුවන්. "
දෙන්නා තුන් දෙනාගේ ඒ ආදරණීය මොහොතට අකුල් හෙලන ගමන් ප්රින්සිපල් කිව්වේ කොල්ලෝ දෙන්නා මාමා දිහා බලද්දි වෙද්දි මාමා හරි සන්සුන් නිවිච්ච හිනාවක් දුන්නේ අවුරුදු ගානකට පස්සෙයි.
" අවුරුදු ගානකට පස්සේ ආවේ එකේ මට දෙන්නා එක්ක ටිකක් කතා කරන්න ඕනේ. ඒකයි මම ප්රින්සිපල් සර්ගෙන් ඔයාලව අද කලින්ම ඉස්කෝලෙන් ගන්න අවසර ඉල්ලුවේ. අවසරේ ලැබුන එකේ දැන් ඉතින් බෑග් අරන් එන්න යමු. "