𝙾𝚇𝚈𝙶𝙴𝙽.
ඉතින් එච්චරයි සිහේලට කියන්න පුලුවන් උනේ ඒ එක්කම ලිහේෂ නැවිලා ඒ දෙතොල් වලින් හීනියට හාදුවක් තිබ්බේ hospital bed එකට හේත්තුවෙලා උන්නු සිහේල තමන්ගේ වම් අතින් ආයෙත් කෙලින් වෙන්න ගිය ලිහේෂගේ බෙල්ල ලගින් අත තියලා තමන් වෙතට නැඹුරු කරගත්තේ ඒ තොල් වලින් බර හාදුවක් තබන ගමන්. තත්පරයක් දෙකක් නෙවේ විනාඩි දෙක තුනක්ම සිහේල ලිහේෂගේ තොල් අයිති කරගත්තේ කිසිම හදිස්සියක් නැතුව හරි පරිස්සමට මලකින් රොන් ගන්නවා වගේ. ඒත් එක්කම කඩාගෙන බිදගෙන කාමරේට ආපු යසස් හසෙල් දෙන්නා මග හිට්ටේ තමන්ට ඉස්සරහයින් යන දර්ශනේ දැකලා.
" මුන් දෙන්නා ලව්ද උට්ටෝ. "
" ඔව් ඉතින් නැත්තම් කටවල් කාගන්න විදිහක් නෑනේ. "
" එතකොට කටවල් කාගන්න ඒවා හීනෙන් දකින්නෙත් ලව් නිසාද බන්. "
" වෙන්න පුලුවන්. "
දෙන්නාට දෙන්නා රහසින් කොදුරගත්තේ අලුත් ජෝඩුවට වැඩේ නිදහසේ කරගන්න දීලා උනත් ඒ එක්කම ආපු යෂ් ඉස්සරහයින් වෙන දේ දැකලා කෙල හිරකරන් මැරෙන්න ගිය එකෙන් මෙච්චර වෙලාම ඒ දෙන්නාගේ ලෝකේ තනිවෙලා හිටපු සිහේල ලිහේෂ දෙන්නා මේ ලෝකේට ඇවිත් ඉන්න විදිහෙන්ම දොර දිහා බැලුවේ ලිහේෂ ටග්ගාලා කෙලින් වෙද්දි.
" දැන් එතකොට උබලා දෙන්නා ලව්ද. "
" නෑ ඉලව්. "
" සිරාවටම බල්ලෝ අහන්නේ. මෙච්චර එකට ඉන්න අපිට කියන්න බැයිද පගෝ තොට ඕක. "
" හරි හරි මම ලිහේෂට ලව් ලිහේෂ මට ලව් අපි දෙන්නම දෙන්නට ලව් හරිනේ. "
" මුටනම් කටක් නෙවේ තියෙන්නේ. "
යසස් සිහේලගේ උත්තරේ ඇහිලා තමන්ටම මුමුණ ගත්තේ මෙතුල හොදම ජවනිකාව මගෑරගෙන රූම් එක ඇතුලට එද්දි. සිහේලගේ ඔලුව පිහිපස්සෙබ් යාන්තමට වේදනාවක් ආවත් කොල්ලා ඒක නොපෙන්නලා හිනා වුනත් ලිහේෂට සිහේලගේ පොඩි වෙනස් වීම පවා අදුරගන්න පුලුවන් නිසාම සිහේල විඩෙන් විට තමන්ගෙම තොල් දත් අතරට හිරකරගන්න එක දැකලා තිබුනා.
" ඔයාට අමාරුද. "
" අව්ලක් නෑ. ඔලුව ටිකක් රිදෙනවා. "