𝙾𝚇𝚈𝙶𝙴𝙽.
" හෙට උබලා දැන් මැච් එක බලන්න යනවද. "
" prefects ලා නිසා යන්නම ඕන අපිනම්. මුන් දෙන්නා cricket team එකේ නිසා ඉන්නම ඕනෙනේ. කැප්ටන් නැතුව බැහැනේ. "
" මේ හිච්චි කොල්ලාද කැප්ටන්. "
මෙතුල යසස්ගෙන් අහද්දි යසස් කෝපි කෝප්පේ පැත්තකින් තියලා කොන්ඩේ පිහදන ගමන් හිටිය සිහේලවයි කෝපි එක බොන ගමන් හිටිය ලිහේෂවයි පෙන්නලා කිව්වේ මෙතුල කට පුරා සිහේලට හිච්චිකොල්ලා කියලා කියද්දි බිබී හිටිය කෝපි යෂ්ටයි මලීෂටයි දෙන්නටම පිට උගුරේ ගියේ නහයෙනුත් කෝපි එද්දි. හුස්මගන්න බැරුව දෙන්නම කහිද්දි යසස් වගේම හසෙල් දෙන්නා කොල්ලෝ දෙන්නාගේ පිට මැද්දට අත දිගෑරලා පාරවල් දෙක තුනක් ගැහුවේ හුස්ම ගන්න බැරුව ඉන්න කොල්ලෝ දෙන්නාගේ ඇස් වලිනුත් කදුලු පනිද්දි.
" ඔය කොල්ලෝ දෙන්නාට රිදෙනවා ඇති. "
මෙතුල යසස්ටයි හසෙල්ටයි දවා අලු කරන බැල්මක් දුන්නේ හිනා නොවී හිනා වෙන සිහේලටයි ලිහේෂටයි ඇහැක් ගහන ගමන්.
" කොහේ රිදෙන්නද. දෙන්නට දැනෙන්නෙවත් නැතුව ඇති. එක්කෙනෙක් රගර් කැපන්. අනිකා ඔය පාරවල් වලින්ම හොදට පදම් වෙලා ඉන්නේ නැද්ද හසෙල්. "
" එහෙම වෙන්න ඇතිනේහ්. "
හසෙල් හෙනම ගොං පහේ හිනාවක් දාලා දෙපැත්තටම නැති උත්තරයක් දුන්නේ යසස් මම උබව පස්සේ අල්ලගන්නම් වගේ බැල්මට් එකක් හසෙල්ට පා කරලා අරිද්දි. හැබැයි දැන් මෙතන තියන ලොකුම ප්‍රශ්නේ වුනේ කැප්ටන් උනත් සිහේලට හෙට මැච් එක ගැන කිසිම ගානක් නොවිච්ච එක. සාමාන්‍යෙන් two day එක ගනන් නොගත්තත් සායම ඉතුරුකරගන්න හරි ඔය මැච් එක දිනන්න එපේ. ඒත් සිහේල හිටියේ උට නෙවේ වගේ.
" උබ සිරාවටම කැප්ටන්ද බන්. "
" ඇයි. "
" නෑ හෙට මැච් එක. උබට කිසිම ගානක් නැහැනේ. "
යසස් සිහේලගෙන් අහද්දි කෝපි බොන ගමන් හිටපු අයත් ඒ වැඩේ පැත්තකින් තියලා සිහේල දිහාට හැරුනේ සිහේල ටිකක් ගැස්සෙද්දි මොකද ඇස් දාහතරක් සිහේල පැත්තට මේ වෙනකොටත් වැටිලා තිබුනු නිසා.