𝙾𝚇𝚈𝙶𝙴𝙽
පහුවෙනිදා කතා උනත් වගේ කොල්ලෝ පස් දෙනාම company එකට ගියේ යෂ්ගේ කාර් එකේ වෙද්දි company එකේ කා පාක් එකෙන් කා එක නවත්තලා කට්ටියම බැහැලා අහස උසට තියන company building එක දිහා බැලුවේ යසස් කට කොණට ගත්ත හිනාවත් එක්කම company එක දිහාට යද්දි. ඒත් ගාඩ් එකෙන් company එක ඇතුලට යන්න නොදුන්නේ යසස් තමන්ගේ ID එක ගාඩ් එකට පෙන්නද්දි. ඒ එක්කම හැමෝවම පුදුම කරන් company එක ඇතුලේ ඉදන් ආව මෙතුල යසස්ට හෑන්ඩ් ශේක් කලේ යසස්ලා මෙතුල එක්කම ඇතුලට යද්දි. ඒ යද්දි හැම කෙල්ලෙක්ගෙම වගේ ඇස් යෂ් ගාව නැවතුනේ ඒ හැම කෙල්ලෙක්ටම ගිනි පිටවෙන බැල්මක් යසස් තිලින කරද්දි.
" මෙන්න room එක. මම යනවා ගෙදර. එහෙනම් ඔයාලාට බාරයි වැඩ ටික. මම coffee එවන්න කියන්නම්. "
" Ok මාමා. "
මෙතුල කියලා යන්න ගියත් එක්කම යසස් වීදුරුවෙන් පේන නුවර ලස්සන බලන්න ගත්තේ අප්‍රේල් වලට මුලු නුවරම හැඩ වෙද්දි. රොබරෝසියා ගස් වල මල් පිපෙන්න පටන් අරන් තිබුනේ මුලු නුවරම ජාපනයක් කරන්. රෝස පාට රොබරෝසියා මල් වලින් මුලු නුවරක් වැහිලා ගියේ නොදන්න කෙනෙක් ජපානය කියා රැවටෙන්න පුලුවන් විදිහටයි.
" ඉස්සෙල්ලාම CCTV check කරමු. "
යසස් කිව්ව ගමන්ම සිහේල CCTV recording ටික බලන්න ගත්‍තත් මොකක්ම හරි වැරැද්දක් තියෙන බව සිහේලට තේරෙන්න වැඩි වෙලා ගියේ නැහැ. සමහර තැන්වලින් recording delete වෙලා තිබුනේ කිසිම සාක්ෂියක් නැති විදිහට. සැක කරන්නවත් කෙනෙක් හොයාගන්න බැරි වෙද්දි යසස් හිටියේ ඉවසීමේ හීනිපෙත්තේ. Filles ලිහේෂ චෙක් කරන්න ගත්තේ යසස් හසෙල් යෂ් එකතු වෙලා එලියට ගිය ජුවලරීස් වල design ටික ආයේ ආයෙත් බලද්දි. ඒත් එක්කම කවුරු හරි ඩෝ එකට තට්ටු කරන සද්දේ ඇහුන නිසාම කොල්ලෝ පස් දෙනාම මූණට මූණ බලාගත්තේ යසස් උත්තර දෙද්දි.
" coming "
ඒත් එක්කම දොර ඇරගෙන අවුරුදු 25ක් විතර කියන්න පුලුවන් girl කෙනෙක් ඇතුලට ආවේ coffee mugs පහකුත් තියෙන ට්‍රේ එකක් අතේ තියාගෙන. සුදු දුහුල් බ්ලව්ස් එකට කලු ටයිට් ස්කර්ට් එකක් ඇදලා හිටපු කෙල්ල ට්‍රේ එක මේසේ උඩින් තියාගෙන යෂ්ටත් ඇහැක් ගහන් එතනින් ගියේ උඩ බොත්තම් දෙක විවර වෙලා තිබුනු කලු ශර්ට් එකෙන් පේන යෂ්ගේ පිරිමි පපුව දිහාටත් කෑදර බැල්මක් දාන ගමන් වෙද්දි මේ හැම දේම යසස් ඉවසීමෙන් බලාන් හිටියේ කෙල්ලගේ මරනේ වෙන විදිහ හිතින් මාවාගන්න ගමන්. මේ වගේ තැනක යසස් නිහඩයි කියන්නේ යසස්ගේ මොලේ වැඩ කියන එකයි.