03

1K 70 2
                                    

𝙾𝚇𝚈𝙶𝙴𝙽

" මොකද කරන්නේ. ටව්න් එක පැත්තෙවත් යමුද "

" කරන්න වැඩකුත් නෑනේ කොහොමත්. යමන්. "

ඉරිදා දවසක් උන එදා කොල්ලොන්ට තිබුනු accounting clz නෑ කියලා දැනගත්ත වෙලේ ඉදන්ම හසෙල්ගේ කටේ තිබුනෙම කොහෙ හරි යමු. ඔච්චරම තමා. කම්මැලි උනත්. මුගෙන් බේරෙන්න බෑ කියලා දන්න නිසාම යසස් යන්න කැමති උනේ අනිත් දෙන්නාටත් msg එකක් දාන ගමන්.

හතර දෙනාම එකතුවෙලා KCC එකට ආවේ අද කොහොම කොයි විදිහට ගියත් ඕකේ සෙනග කියලා දන්න නිසාමයි. සෙනසුරා ඉරිදා KCC එකේ සෙනග class යන පොඩි කෙල්ලෝ කොල්ලෝ, weekend නිසා හම්බුන couple, කෙල්ලෝ ටෝක් කරන්න එන කොල්ලෝ ඔය වගේ නානාප්‍රකාර මිනිස්සුන්ගෙන් සෙනසුරාදා ඉරිදා KCC එක පිරෙනවා. ඒක සක්කරයට නෙවේ සක්කරයගේ පුතා වයිමා ආවත් නවත්තන්න බෑ කියන්නේ නවත්තන්න බැරි නිසා.

හතර දෙනාම KCC එකේ උඩම තට්ටුවේ තියන Gaming section එකට ආවේ කෙල්ලෝ තියා ඇන්ටි කෙනෙක්වත් ටෝක් කරන්න සෙට් එකට කම්මැලි නිසා. 3D Games දෙක තුනක් play කරලා එතනින් එලියට ආවේ ඒක අස්සේ පැය එකහමාරක් විතර කලා. ඒ කරලා සහස් උයනට ගියේ වෙන කරන්න වැඩකුත් නැති නිසා. සහස් උයනේ ටික වෙලාවක් ඉදලා එහෙන්මම පාර පැනලා පරණ බෝගම්බර හිරගෙදර ඉස්සරහා තියන පොඩි caffe එකට ආවේ බඩට මොනා හරි දාගන්න කියලා. ලිහේෂ ගිහින් oder එක අරන් එනකම් යසස් වට පිට බල බල හිටියේ කම්මැලිකමටමයි. හසෙල්ගේ වදේට ආවට මොකද කොල්ලාට නිදිමතයි.

ඒත් කොල්ලාගේ තිබ්බ නිදිමතයි ඈලිමෑලිකමයි සේරම නැතිබංගස්තාන වෙලාම ගියේ පාර පයින පොඩි කොල්ලෙක් දැකලා අවුරුදු පහක්වත් නැති ඒ කොල්ලා බැලූ බැල්මටම කාත් කවුරුත් නැති අනාත කොල්ලෙක් කියලා හොදට පේනවා. ඒත් ඒ පොඩි කොල්ලා උස නැති නිසාම අරෙහෙන් එන ට්‍රක් එකට ඒ පුංචි කොල්ලාව පේන්නේ නෑ. යසස් ඔක්කෝම දමලා ගහලා ඒ පැත්තට දුවගෙන ගියේ පුංචි කොල්ලාව බේරගන්න ඕන කියන හැගීමෙන්. ඕඩර් එක අරන් ආව ලිහේෂ හසෙල් සිහේල තුන් දෙනත් දුවන යසස් පස්සෙන්ම ඇදුනේ මූ එකපාරටම ගාල කඩාගත්ත හරකා වගේ දුවන්න ගත්ත නිසා. පාරේ එහේ මෙහේ යන සෙනග අස්සෙන් දුවන කොල්ලෝ හතර දිහා මිනිස්සු හැරි හැරි බැලුවත් කොල්ලොන්ට ඒක ගානක් තිබුනේ නැහැ.

𝙾𝚇𝚈𝙶𝙴𝙽 ✔️✔️Where stories live. Discover now