44

475 35 7
                                    

𝙾𝚇𝚈𝙶𝙴𝙽

" උබලට පොඩි එකෙක්වවත් අල්ල ගන්න බැරිද යකෝ. "

" උගේ කොහෙද බොස් පොඩි. අපි මේ හයදෙනාටම නෙලුවා. තෙලුම් පාරවල් තාම රිදෙනවා. "

" උබලගෙත් කට විතරයි. "

" උබ කියයි අපි එපේ ගුටි කන්න. "

" මොකක්ද උබ කිව්වේ. "

" මුකුත් නෑ බොස් බොස් ලස්සනයි කියලා කිව්වේ. "

ඉතින් මේ ඉන්නේ යසස්ලගේ හැංගි හොරා සතුරා. එලිය නෑවිත් යටින් ගේම දෙන එක මේ කෙනාගේ පුරුද්දක් උනාට යසස්ලා එක්ක මූණට මූණ නැතුව මෙහෙම හැංගි හොරා පාට් දාන්න බැහැයි කියන්න මේ කෙනත් හොදටම දැනගත්තේ පෙරේදා යවපු සෙට් එක ආය හතරගාතෙන් පොට් එකට එද්දි. පොඩි කොල්ලෙක්ව අල්ලන්න හයක් යැව්වට මොකද හය දෙනාම ආපහු ආවේ නිල් වෙලා. ඉතින් මෙතුසර ගැන යසස්ලට බය වෙන්න දෙයක් නොතිබෙන්න තිබ්බා මේ අත් කකුල් එල්ලන් ඉන්න හය දෙනාව දැක්කනම්. මෙතන පළිගන්න තරම් දෙයක් නැහැ කියලා හිතුනත් හැංගිච්ච අතීතයක් අපි හැමෝටම තියෙනවා.

" මේ සෙල්ලම ඉක්මනින්ම ඉවරයක් කරලා දාන්න ඕන. නැත්තම් මට නගිනවා වෙන මුකුත් නෙවේ ප්‍රෙශර්. "

ඉතින් ජෝකර් හිනා වෙවී ඇවිත් මිනිස්සු මරද්දි බැට්මෑන් ඔරවන් ඇවිත් මිනිස්සු බේරගත්තලුනේ. ඉතින් මෙතන ජෝකර් උනේ මේ මනුස්සයා වෙද්දි බැට්මෑන් උනේ යසස්ලා. දැන් හිතන්න එපා එක මිනිහෙක්ට විරුද්දව පහක් කියලා. හිතන්න පහකට විරුද්දව සීයක් කියලා. යසස්ලාට කුමාර් වගේම තව පුංචි කල්ලියක් හිටියත් මේ මනුස්සයට රටේ හැමතැනින්ම උදව් තිබ්බා. ලොකු ලොකු පුටුවලින් පවා. ඉතින් යසස්ලා තනියෙන් කැටයම් දැම්මට මූ කැටයම් දාන්නේ දාහකගේ විතර කලස් එක්ක.

ඉතින් ඒ පැත්තේ එහෙම වෙද්දි මේ පැත්තේ යසස් මෙතුලට ටොකු ඇන ඇනම තුවාලේ පිරිසිදු කරලා බෙහෙත් දාන්න ගත්තේ ගහෙන් වැටිච්ච මිනිහට ටොකු ඇන ඇන දෙනවා වගේ සිද්ධියකට මෙතුසර මූණ පාලා ඉද්දි. ඉතින් මේ දිහා සිහේල කම්මුලට අතකුත් තියාන් බලන් හිටියේ හෙනම අසරණ බැල්මක් මෙතුසරට පා කරද්දි. මෙතුසරත් ඉතින් බලාන් ඉන්න අත බලාන් හිටියේ එච්චරටම රිදෙන්නෙත් නැති නිසා. හැබැයි යසස් පුලුවන් තරම් රිදෙන්න තමයි තුවාලෙට බෙහෙත් දැම්මේ නම්. ඉතින් දෙතනක හිටපු මෙතුසර යුහාර දෙන්නත් යසස්ලා මෙතුලගේ ගෙදට්ට ගෙන්න ගත්තේ හසෙල් කැමැත්තෙන්ම තමන්ගේ කාමරේ මෙතුසර යුහාරට දීලා යසස්ගේ කාමරේට මාරුවක් දාද්දි. යෂ්ලා නවතින දවස් වලට මෙතුල ඉතින් ගෙයින් එලියෙලු.

𝙾𝚇𝚈𝙶𝙴𝙽 ✔️✔️Where stories live. Discover now