𝙾𝚇𝚈𝙶𝙴𝙽.
[ අවදානය පිණිසයි. මෙච්චර දවසක් ඔයාලා මැර සීන් එක කියෙව්වනේ. හැබැයි මේක scl love story එකක් නිසා ආයෙත් ඉස්කෝලේ කාලෙට යමු නේහ්. ]" මම ඔබගේ පලමු පෙම්වතා කියපන් එහෙනම්. හොද performance එකක් ඕනේ කොල්ලෝ එහෙනම් ඈ. "
හරියටම තව සතියයි හැම වැඩක්ම කරගන්න කොල්ලොන්ට කාලේ තිබුනේ. Secretary විදිහට හසෙල්ට හුස්මක් කටක් ගන්නවත් වෙලාවක් තිබුනේ නැහැ. වැඩ වැඩ වැඩ. ස්තූති කතාව organizing වල වැඩ decoration වල වැඩ එකි මෙකී නොකී හැම වැඩක්ම හසෙල්ගේ කර උඩ පැටවිලා තිබුනේ president අයියා බයික් එකේ බාලිකාව ලග වැඩකෑල්ලක් දාන්න ගිහින් කකුල කඩාන් හිටපු නිසා.
ඩෙකරේෂන් ගත්තොත් කොල්ලොන්ට ඕන වුනේ හැම දෙයක්ම ස්වාභාවික දිරාපත් වෙන දේවල් වලින් කරන්න. මොකද තීම් ඒක නිසා. කොහොම හරි දවස් ගෙවිලා ගිහින් තව ඩේ එකට තිබුනේ එක දවසයි. හරියටම කිව්වොත් පැය 24කටත් වඩා අඩු කාලයක් වෙද්දි කොල්ලෝ ටික ඉස්කෝලෙන් පස්සේ ඉස්කෝලේ පිටිපස්සේ තියන කැලෑවට පැන්නේ ඔය කැලේ එක යායට උණ ගස් තියෙනවා කියලා දන්න නිසාමයි. සෙට් එකක් ඔය කැලේට පනිද්දි ඉතුරු සෙට් එක සෙක්ෂන් එකේ එකෙක්ගේ ගෙදට්ට බඩ ගෑවේ ගොක්කොල ටිකක් කපාන් එන්න. මොකද ඒ කොල්ලාගේ ගෙවල් තිබුනේ ඉස්කෝලේ ඉදන් පයින් යන දුරක. හරියටම කිව්වොත් ධර්මරාජ මාවතේ පොඩි දුරක් ගියහම තමා ඒ කොල්ලාගේ ගේ තියෙන්නේ.
" මූ මේ අල්ලපු වැටේ ඉදන්නේ යකෝ බෙල් එක වැදුනටත් පස්සේ ඉස්කෝලෙට එන්නේ. "
" උබ නැගිටින්නේ කීයටද. "
" හතයි විස්සට. "
කොල්ලෝ ටික ඒ කොල්ලාවත් වට කරන් අන්තිමට අහපු ප්රශ්නෙට ඒ කොල්ලා ඔලුවත් කස කස උත්තර දුන්නේ ඔහොම එකෙක් හැම පංතියක්ම ඉන්න නිසා. ඉස්කෝලේ එහා පැත්තේ තියාන් හැමදාම ඉස්කෝලෙට පරක්කු වෙලා එන ඩයල් එකක් හැම ඉස්කෝලෙකම ඉන්නවා ඒක බාලකද බාලිකාද මිශ්රද කියලා අදාලම නෑ.
" ආව වැඩේ කරන් ඉක්මනට යන්න. Shoot එකේ වැඩත් තියේ. "
කොල්ලෝ ටික ඒ කොල්ලාගේ අම්මා හදලා ගෙනත් දුන්න තේ බිබී අයිස් ගගහා ඉන්නවා කියලා දැක්ක එක කොල්ලොක් එහෙම කිව්වේ එක performance එකක shoot එකක් කරන්න තියෙන නිසා. කොල්ලෝ ටික මේ සැරේ දොබෙන් යන්න දෙන්න තමා හිතාන් ඉන්නේ. කොහොම හරි ගස් බඩගාලා ගොක්කොලත් කපාගෙන කුරුම්බත් කඩාගෙන බීලා 4ට විතර ආයෙත් ඉස්කෝලෙට ආවේ ඒ වෙද්දිත් කැලෑවට රිංගුව සේරම කොල්ලෝ ටිකත් ඇවිත් ඉද්දි.