𝙾𝚇𝚈𝙶𝙴𝙽.
" මෙන්න මේක ඔය දරුවට පොවන්න ඇහැරවලා. පස්සේ බෙහෙත් ටිකක් ගන්න එක්ක යන්න. "
" හරි අම්මා. මේහ් උබලා දෙන්නත් ගිහින් මූණ ටිකක් සෝදන් කෑම කාපන්. ආපු වෙලේ ඉදන්නේ. මම මේක පොවලා එන්නම්. "
" එල එල. එහෙනම් කොල්ලෝ අපි කැපුනා. ඔය පොඩි එකාව මරාන් කන්නැතුව පොවපන්. "
" උබලාගේ ඇස් පේන්නද්ද. මේකාගේ කොහෙද පොඩි කියපන්කෝ මට සේරටම කලින්. "
" තොට අමතක උනාද මූ 2006 ජනවාරි කියලා. "
" අම්මට හැමි%^ මූනේ පංතියේ බාලයා. අමතක උනා සමාවෙන්න. "
සිහේලගේ අම්මා නොවන නමුත් සිහේල අම්මා කියන ඔහුගේ ලොකු අම්මා සුප් බාජනයක් ගෙනත් මේසේ උඩින් තියලා යන්න යද්දි ඒතෙක්කම සිහේල යසස්ටයි හසෙල්ටයි කන්න කිව්වේ දැන් හවස හයටත් කිට්ටු නිසා. අන්තිමට ලිහේෂගේ උප්පැන්නෙත් හොයලා කොල්ලෝ දෙන්නා කාමරෙන් එලියට ගියේ සිහේල ලිහේෂව ඇහැරවද්දි.
" අඩෝහ් නැගිටපන්. "
" ම්ම්ම්ම්.. ඉන්න දෙන්නකෝ. "
" නැගිටපන් බල්ලෝ. නැගිටලා මේක බීලා ලෑස්තිවෙයන් බෙහෙත් ගන්න යන්න. "
" මට ඕන බෙහෙතක් නෑ. මට තනියම ඉන්න ඕනේ. "
" හරි මේක බීපන්කෝ හොද එකා වගේ. "
සිහේල බැරිම තැන ටිකක් සන්සුන්ව කිව්වේ අසනීපෙන් ඉන්න එකෙක්ට එහෙම කතාකරන්න බැරි නිසා වගේම ලිහේෂ අමාරුවෙන් උනත් ඇද විට්ටමට හේත්තු උනේ සිහේල සුප් එකත් අරන් එතනින්ම ඉද ගනිද්දි. සුප් හැන්දක් අරන් ඒක ටිකක් නිවලා ලිහේෂගේ කටට ලං කලේ ලිහේෂ කොල්ලා දිහායි සුප් හැන්ද හිදයි මාරුවෙන් මාරුවට බලද්දි.
" බීපන් යකෝ මගේ අත රිදෙනවා. "
සිහේල කියද්දි ලිහේෂ ඉක්මනට සුප් හැන්ද කටට ගත්තේ සිහේල කොහොම හරි මුලු බෝල් එකම බලෙන්ම වගේ ලිහේෂට පොවද්දි. පෙවීමේ හොදකම කියන්නේ සුප් එක බීලා ඉවර වෙද්දි ලිහේෂගේ කට කොනකින් සුප් වැක්කෙරෙන්න ගත්තේ සිහේල ඒ දිහ බලාන් ඉද්දි.
කොල්ලාගේ කට කොනෙන් බේරෙන සුප් ටික මහපට ඇගිල්ලෙන් පිස්ස සිහේල එහෙන්මම ඒ ඇගිල්ල අරන් කොල්ලා බලාන් ඉද්දිම තමන්ගේ තොල් අතරින් තියලා සූප්පු කලේ ලිහේෂගේ ඇස් ලොකු වෙද්දි වගේම සිහේල සුප් බෝල් එක එතන මේස උඩින් තියලා ලිහේෂ දිහාම බලාන් හිටියේ ඒ බැල්ම නිසාම ලිහේෂගේ කම්මුල් ටිකක් රත ගහලා එද්දීයි. එහෙන්මම ලිහේෂගේ ඇස් දිහාම බලාන් මූණට නැමුනු සිහේලව ලිහේෂ සිහේලගේ පපුවට අත් දෙක තියලා නවත්තව්වේ මේ දේ වෙන්න මේ කල් වැඩී කියලා තේරුන නිසා වගේම තාම කිසිම හැගීමක් ගැන පිටට තියා තමන්ටවත් සිහේල නොකියපු නිසාමයි.