47

449 38 4
                                    

𝙾𝚇𝚈𝙶𝙴𝙽.

දහය වසරෙන් ඉහල පංතිවල ඉන්න කොල්ලොන්ට කැමතිනම් හව්සස් හදන්න ඉන්න කියලා කිව්වේ එක රැයකින් සේරම හදාගන්න ඕන නිසාමයි. ඉතින් හිතුවට වඩා පිරිසක් උදව් කරන්න නවතිද්දි senior, junior prefects ලා තමන්ගේ හව්ස් එකට අදාල තැන තෝරගෙන එතන තමන්ගේ හව්ස් එක හදන වැඩේ පටන් ගත්තේ නැවතුන ලමයිනුත් අදාල හව්සස් වලට බෙදිලා ගිහින් වැඩ වලට උදව් වෙද්දි. ඒක ලොකු ප්‍රොසෙස් එකක්. හව්සස් වල වැඩයි ඔලිම්පික් ටෝච් එකේ වැඩක් සේරම කරන්න හුගක් රෑ වෙලා තිබුනා.

" Good morning, we warmly welcome all of you who have joined us for the Annual Inter House Sport meet which is a special part of our school to be held today. "

" Now, our honored guest Brigadier H.R.S Kotagahadeniya being welcomed by principal Mr. R.P.N Perera. "

සති ගානක මහන්සියේ ප්‍රතිඵල මේ විදිහට ලැබෙද්දි ප්‍රින්සිපල්ට පිටිපස්සෙන් හිටන් අත් දිග සුදු සර්ට් එකට තද නිල් බ්ලේසර් එක ඇදලා පාසල් ප්‍රධාන ශිශ්‍යනායක බැජ් එක වගේම තවත් බැජ් ගනනාවක් බ්ලේසර් එකේ දෙපැත්තෙන්ම දිස්නේ දෙද්දි යසස් බැලුවේ පාසල් ක්‍රීඩාංගනය පුරාම විසිරිලා ඉන්න ලමයි දිහා. ඊට එහාපැත්තෙන්ම ඒ විදිහටම උප ප්‍රධාන ශිශ්‍යනායක බැජ් එක පැලදගෙන හසෙල් යසස්ට වාරුවක් වුනේ මේ සතිගානම වගේ. නිවාස හතර ක්‍රීඩාංගනයේ හතර කොනේ හුගක් අභිමානෙන් දිස්වෙද්දි ක්‍රීඩාංගනය මැද්දෙන්ම තියලා තිබුනු ඔලිම්පික් පහන අතින් ගත්තු සියුස් දෙවියොන්ගේ අඩි 25කටත් වඩා උස පිලිමේ.  මේ හැමදේම ඇහැට කදුලක් ගේන මතක ගොන්නක් වෙනවා කියලා යසස්ට කිසිම සැකයක් තිබුනේ නැහැ.

සව්න්ඩ් සිස්ටම් වලින් අනව්ස් කරන කොල්ලගේ හඩ පිටිය පුරාම දෙදරලා ගියේ හැමෝම අත්පුඩි ගහද්දි. පාසලේ කිසියම් හෝ දෙයක ප්‍රධාන ආරාධිත අමුත්තා වෙනවා කියන්නේ ඒක වෙනමම හැගීමක්. පුදුම ගැම්මක් ඇගට එන්නේ.

" Now, the honourable cheif guest and the principal are being welcomed by school western cadet band. "

ඒත් එක්කම ඉස්කෝලේ කෙඩෙට් බෑන්ඩ් එක විසින් ආරාධිත අමුත්තෝ ටිකවයි ප්‍රින්සිපල්වයි පිළිගත්තේ මුලු ක්‍රීඩාංගනයම නිශ්ශබ්ද වෙලා තියෙද්දි. ආරාධිත අමුත්තෝ පැවිලියන් එකට යනකම්ම හිටගෙන උන්නු ලමයි එහෙන්මම බිමින් වාඩි උනේ ආරාධිත අමුත්තෝ ටික පැවිලියන් එකට ගියාට පස්සෙයි.ඒත් වැඩි වෙලා ඉදන් ඉන්න හම්බුනේ නැත්තේ ඊට පස්සේ ලංකා ධජය, පාසල් ධජය, නිවාස හතරේ ධජය එසවීමට ප්‍රධාන ආරාධිත අමුත්තා. විදුහල්පති, නිවාස භාර ගුරුභවතා ඉදිරිපත් උනේ එතනින් පස්සේ පාසල් ගීතේ ඕත් එක අනන් මනම් දෙන්න තිබ්බ නිසා. ඒ ටිකත් දුන්නට පස්සේ ඉස්කෝලේ ක්‍රීඩා නායකයා වගේම හව්සස් වල ක්‍රීඩා නායකයෝ ටික ඔලිම්පික් පහන දල්වන්න කලින් පාසලේ ක්‍රීඩා නායකයා අතේ තියන ටෝච් එක ප්‍රින්සිපල් දල්වද්දි හව්ස් ලගට වෙලා උන්නු හව්ස් වල ක්‍රීඩා නායකයෝ ටික ලගට එක එක්කෙනා ගානේ එකතුකරගෙන සියුස් දෙවියොන්ගේ අතේ තියෙන ඔලිම්පික් ටෝච් එක පාසලේ ක්‍රීඩා නායකයා විසින් පත්තු කලේ අවුරුද්දක් පාසා පැවැත්වෙන අන්තර් නිවාස ක්‍රීඩා තරගයේ ආරම්භය සනිටුහන් කරන ගමන්මයි. ( ඉනි මගක් තියලා හොදේ පත්තු කරන්නේ.)

𝙾𝚇𝚈𝙶𝙴𝙽 ✔️✔️Where stories live. Discover now